IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


දේශපාලකයන්ට පටු අරමුණු නැත්නම් ජාතික ආණ්ඩු ක්‍රමය මේ රටට හොඳටම ගැලපෙනවා

(ඩයනා උදයංගනී)
 
ජාතික ආණ්ඩුව රටට ගැළපෙන නමුත් පටු පරමාර්ථ ඇතිව කටයුතු කරන ඇතැම් දේශපාලකයන්ට එය නොගැළපීම නිසා යම් යම් ගැටුම් ඇතිවී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) පැවසීය.
 
රටට මුල් තැන දී පක්‍ෂය හා තමන් ගැන දෙවනුව සිතන්නට දේශපාලකයන්ට හැකි නම් ජාතික ආණ්ඩුව තුළින් රටට විශාල සේවයක් කළ හැකි බව ද අමාත්‍යවරයා කීවේය.
  
එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ රජය ඉදිරියට ගෙන යා යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමිනි.
 
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ රාජිත සේනාරත්න මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
 
ප්‍රශ්නය:- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දුන් 16 දෙනා ඉවත් කළ කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂය කියනවා. ඒත් ඒ අය ජනාධිපතිවරයා කියන තුරු නොයන බව කියනවා. මේ නිසා ආණ්ඩුව දුෂ්කර තත්ත්වයකට පත්වෙලා නේද?
පිළිතුර:- නැහැ. ආණ්ඩුව හොඳ තැනකට පැමිණ තිබෙනවා. ඒ පිරිස තීන්දුවක් ගන්නා බව කියා තිබෙනවා. 
 
ප්‍රශ්නය:- දේශපාලන ගැටුම් අවසන් කර ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පටන්ගන්නේ කවදාද?
පිළිතුර:- අපේ අදහස එක නායකත්වයක්, එක වැඩපිළිවෙළක්, එක රජයක් තේමාව යටතේ ඉදිරියට යන්නයි. ජාතික ආණ්ඩුවක් තිබෙන විට ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයායි. මේක තුළ ඉඳගෙන එක එක අදහස් නොදරා එක් තේමාවක් යටතේ කටයුතු කළ යුතුයි.
 
ප්‍රශ්නය:- ඒත් අගමැතිතුමාගේ අදහස 2020 දී එ.ජා.ප රජයක් පිහිටුවීම නේද?
පිළිතුර:- නැහැ. ජාතික රජයක් පිහිටෙව්වේ එතුමාගේ අදහසක් අනුවයි. එය යෝජනා කළේ ජනාධිපතිතුමා නෙවෙයි. රට හැදීම වෙනුවෙන් එතුමා ඒ තීන්දුව ගත්තා. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් අපට මීට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබෙනවා. එම ජයග්‍රහණය නොබලා එදා අගමැතිතුමා කැපවීමක් කළා. එය අමාරු වැඩක්. ඉතිහාසය පුරා වෙන්ව කටයුතු කළ පක්‍ෂ දෙකක් අපි එකතු කළා. ඒත් එහි වාඩි වූ සමහරු මේ දේ කළේ රට හදන්න යන්න වටහාගත්තේ නැහැ. ඒ නිසා අපට ජාත්‍යන්තරය තුළ පවා පිළිගැනීමක් ලැබුණා. මානව හිමිකම් ප්‍රශ්නයට මුහුණදීමේදී පවා එය ශක්තියක් වුණා. උදාර පරමාර්ථයෙන් හැදූ ජාතික ආණ්ඩුවට සම්බන්ධ වූ ඇතැමුන් තුළ ඒ හැඟීම් තිබුණේ නැහැ. 
 
ප්‍රශ්නය:- ජාතික රජය පිහිටුවීම ගැන ඔබතුමා දුක්වෙනවාද? 
පිළිතුර:- නැහැ. මම ජාතික ආණ්ඩුවක් ගැන මුලින් කතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාලයේ සිටයි. එය මගේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්. 
 
ප්‍රශ්නය:- ඒත් මේ ජාතික ආණ්ඩු සංකල්පය රටට නොගැළපෙන බවක් පේනවා නේද?
පිළිතුර:- මෙය රටට ගැළපෙනවා. ඒත් දේශපාලකයන්ගේ පටු පරමාර්ථ නිසා ඔවුන්ට එය ගැළපෙන්නේ නැහැ. රටට මුල් තැන දී දෙවනුව පක්‍ෂය ගැන සිතන්නට දේශපාලකයන් සිත හදාගන්නවා නම් මේ දේ කරන්න පුළුවන්. 
 
ප්‍රශ්නය:- එ.ජා.පයේ සමහරුන් තනි ආණ්ඩුවක් ගැන නේද කතා කරන්නේ?
පිළිතුර:- ඒ අයගේ බලාපොරොත්තුව හෙට රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීම වෙන්න ඇති. ඒත් මගේ බලාපොරොත්තුව අපි මැරෙන්නට පෙර අපි ගත්ත තැනට වඩා හොඳ තැනකට රට ගේනනයි. අපි දේශපාලනයට ආවේ ඒ අරමුණෙන්. 
 
ප්‍රශ්නය:-  අගමැතිතුමාට විරුද්ධව ඡන්දය දුන් අයත් ආණ්ඩුවේ ඉන්න තීරණය කළොත්?
පිළිතුර:- එහෙම වුණොත් එන්න වෙන්නේ ලොකු පාපෝච්චාරණයක් කරලා. එහෙම ආවොත් බලමු.
 
ප්‍රශ්නය:- නව කැබිනට් මණ්ඩලය තුළ එක්ව ගමනක් යා හැකි බවට විශ්වාසයක් තිබෙනවාද?
පිළිතුර:- අපි ඉල්ලන්නේ එවැනි ආණ්ඩුවක්. මම පසුගිය කාලයේ ආණ්ඩුවේ කිසිවෙක් පිටතදී විවේචනය කළේ නැහැ. එහෙම මේ ගමන යන්න බැහැ. 
 
ප්‍රශ්නය:- ඉදිරියේදී විපක්‍ෂනායක ධූරය ශ්‍රී.ල.නි.පයට හිමිවෙයිද?
පිළිතුර:- ඔය සේරටම වඩා ප්‍රතිපත්තිමය වශයෙන් ගත් විට දෙමළ නායකයෙක් විපක්‍ෂ නායකයා ලෙස සිටීම සුදුසුයි නේද? ජේ.ආර් ජයවර්ධන මහතා අමිර්තලිංගම් මහතාට විපක්‍ෂනායක ධූරය නොදී දොට්ටදාලා අන්තිමේදී ඒ තනතුර ප්‍රභාකරන්ට දුන්නා. අතීතය තියෙන්නේ පාඩම් ඉගෙනගන්නයි. ඒ වැරදි ආපහු කළොත් මේ රටේ අනාගතයට කුමක් වෙයිද? සම්බන්ධන් මහත්මයලා අප සමඟ වාඩි වී සිටීම ගැනත් අප සතුටු විය යුතුයි. 
 
ප්‍රශ්නය:- ඒත් ආණ්ඩු පක්‍ෂයට පසු බහුතරය ඇති පක්‍ෂයට විපක්‍ෂනායක ධූරය දිය යුතුයි නේද?
පිළිතුර:- විපක්‍ෂයේ බහුතරය ඔවුන්ට නෙවෙයි. එහි කොටසක් ආණ්ඩුවේත් ඉන්නවා. 
 
ප්‍රශ්නය:- විශ්වාසභංගයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ පාර්ශවය බව ඔවුන් කියනවා නේද?
පිළිතුර:-  ඒ කණ්ඩායමේ අයම ලැබුණේ පරාජයක් බව මා සමඟ කියනවා. ඒ අය මෙය ගෙනාවේ තමන්ගේ වැරදි යටගැසීමේ උත්සාහයක් ලෙසයි. 
 
ප්‍රශ්නය:- ඔවුන් කියන්නේ ඔබතුමා සමඟ සාකච්ඡා නොකළ බව නේද?
පිළිතුර:- මම ඒ කණ්ඩායමේ පොඩි පොඩි කෑලි සමඟ කතා කරන්නේ නැහැ. 
 
ප්‍රශ්නය:- ශ්‍රී.ල.නි.ප පිරිසකුත් ඒකාබද්ධ විපක්‍ෂයට ගියොත් විපක්‍ෂය ලෙස බහුතරයක් වෙන්න බැරිද?
පිළිතුර:- ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවට පත්වී ආ පක්‍ෂයක් නෙවෙයි. ඒ අයට එසේ කටයුතු කරන්නටදීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ලස්සන පේන්නේ එහි නිවැරදි සංයුතියක් තිබුණොත් පමණයි. 
 
ප්‍රශ්නය:- නව කැබිනට්ටුවක් ලෙස දිවුරුම් දෙන්නේ ඇයි?
පිළිතුර:- බොහෝ අය වෙනස් වන නිසා ජනාධිපතිතුමා එසේ කරමු කියා යෝජනා කළා.
 
ප්‍රශ්නය:- විශ්වාසභංගය නිසා ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයත් නැතිවුණා නේද?
පිළිතුර:- නැහැ. එම බලය තවම තිබෙනවා. කතානායකවරයා හැර අපට 147 දෙනෙක් ඉන්නවා. තුනෙන් දෙකේ බලයට තුන් දෙනයි අඩු. අපිට එම බලය අවශ්‍ය රටට වැදගත් දේ කරන්නයි. එවැනි දෙයකදී අපට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්‍ෂවල සහය ලැබෙයි. 
 
ප්‍රශ්නය:- ජනතාව වෙනුවෙන් අලුත් අවුරුද්දට සහන නැද්ද?
පිළිතුර:- අපි සහන දුන්නේ අද ඊයේ නෙවෙයි. ඉන්ධනවල සිට සහන දුන්නා. අපට වඩා සහන දුන් රජයක් තිබෙනවා නම් සංඛ්‍යා ලේඛන ගෙනත් පෙන්වන්න. දැන් එළවළු ඇතුළු භාණ්ඩ මිල අඩුවී තිබෙනවා. 
 
ප්‍රශ්නය:- කැබිනට් රැස්වීමෙන් පසු ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වුණාද?
පිළිතුර:- දැන් එම කමිටුව නැහැ. තිබෙන්නේ ආර්ථික අනුකාරක සභාවක්. 
 
ප්‍රශ්නය:- අගමැතිවරයාට විරුද්ධ වූ අය ඉවත් නොවුණොත් ඉවත් කිරීමේ නීතිමය තත්ත්වයක් තිබෙනවාද?
පිළිතුර:- එතරම් දුර නීතිමය තත්ත්වයකට යන එකක් නැහැ. 
 
ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධූරය ගැන ඉදිරියේදී තීන්දුවක් ගනීවිද?
පිළිතුර:- මෙම නායකත්වය දිගටම යා යුතු බවට ඒකමතික තීරණයක් ගත්තා. අප්‍රේල් 30 වැනිදා පක්‍ෂ සම්මේලනයට පෙර නව නිලධාරී මණ්ඩලයක් පත් කළ යුතුයි. 
 
ප්‍රශ්නය:- මහනුවර සිද්ධියට සම්බන්ධ බව කියන මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ නැද්ද?
පිළිතුර:- පොලිස්පතිවරයා ඒ කටයුතු ඉක්මන් කරන ලෙස දැනුම් දී තිබුණා. 



අදහස් (0)

දේශපාලකයන්ට පටු අරමුණු නැත්නම් ජාතික ආණ්ඩු ක්‍රමය මේ රටට හොඳටම ගැලපෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 400 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1585 10

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 954 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1205 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7428 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 505 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site