IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දක්ෂිණාන්ශික ඇමරිකාවට වැඳ පුදාගෙන හිටපු සමහරු කැළඹිලා

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 

බිමල් රත්නායක

 

කාලීන දේශපාලන මාතෘකා කීපයක් ගැන මේ අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙනි.


ප්‍ර:රනිල් කියුබාවේ යද්දි අනුර ඇමෙරිකා යනව. මොකද්ද වම දකුණ මාරුවීම...


අපි ඉතිං ලෝකෙ හැම රටක් එක්කම ගනුදෙනු කරනවනෙ. රනිල් වික්‍රමසිංහ කියුබා ගියේ ජී77 සංවිධානයෙ අපිත් සාමාජික රටක් නිසා ඒ ලැබුණු ආරාධනාවකටනෙ. රනිල් වික්‍රමසිංහ මේ වෙලාවෙ රටේ  ජනාධිපති නිසා එයාට ඒකට යන්න වෙනව. අනුර සහෝදරය ඇමෙරිකා ගියෙ එහේ ජනතාවගෙන් ලැබුණු ආරාධනාවකට, ඒ ජනතාව මුණගැහිල එයාලව ආමන්ත්‍රණය කරන්න. අපි පක්ෂයක් විදිහට හැම රටක් එක්කම ගනුදෙනු කරනව. හැම රටකම වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවෙනව. ඒ අය එක්ක ගනුදෙනු කරනව. ඒක නිසා අනුරගෙ ඇමෙරිකා ගමන අමුතු දෙයක් නෙවෙයි.


ප්‍ර:මම ඒක ඇහුවෙම, අනුර දිසානායකගෙ ඇමෙරිකා ගමන මේ දවස්වල සෝෂල් මීඩියා එක කලඹපු නිසා...


අනුර සහෝදරයාගෙ ඇමෙරිකා ගමනෙන් ගොඩක් අය කැලඹිල තියෙනව. දක්ෂිණාංශික ඇමෙරිකාවට වැඳ පුදාගෙන හිටපු සමහරු කැලඹිලා. ඒ සමහර අයට ඉරිසියයි ඒකට. වමේ කියාගන්න තව කණ්ඩායම්වලටත් මේක දිරවගන්න බැරිවෙලා තියෙනව. ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි කරන්නේ දියුණු සහ යාවත්කාලීන දේශපාලනයක්. මේ කල්ලි දැන් ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ දඟලන්නෙ හරියට ඇමෙරිකාව හොයාගත්තෙ අනුර දිසානායක වගේ. ඒකත් මරු ඉතිං. ඇත්තටම මේ කලබලවීම ගැන අපි නම් හරිම සතුටුයි.


ප්‍ර:ජේ.වී.පී. එකට වචනයක් වරදින්නත් බෑ දැන්, නේද..?


මේ වැඩේ මේ තත්ත්වයට ආපු එක ගැන අපිට තියෙන්නෙ සතුටක්. මොකද, අපෙන් උපරිම නිවැරදි සහ පිරිසිදු දේශපාලනයක් රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අනිත් කණ්ඩායම්වලින් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න තියා හිතන්නවත් බැරි නිසා. ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජනබලවේගයට පුළුවන් වෙලා තියෙනව රටේ දේශපාලනයේ ගුණාත්මකභාවය පිළිබඳ මිම්ම වෙන්න. ඒක අපේ පැත්තෙන් අපි ලබපු ජයක්.


අනුර සහෝදරයාගෙ ග්‍රැෆයිට් ග්‍රැෆීන් කතාව මුල් කර⁣ගෙන රට තුළ ඇතිවෙච්ච ජාතික සංවාදය ඉතා හොඳ දෙයක්. මේ ලෙවල් එකට රටේ පොලිටික්ස් ඉස්සෙන එක මරු වැඩක්. දැන් රටේ ඉන්න ආචාර්ය මහාචාර්යවරු පවා මේ ගැන තමයි කතාව. අපිට විරුද්ධ පාර්ශ්ව පවා දැන් එයාලගෙ ප්‍රධාන මාතෘකාව කරගෙන තියෙන්නෙ ග්‍රැෆයිට් ග්‍රැෆීන් සංවාදය. ඒක කොච්චර හොඳ ප්‍රවණතාවක්ද. ඒ ක්වොලිටියට පොලිටික්ස් එනව කියන්නේ මාර හොඳ දෙයක්.


අනුර ⁣සහෝදරයා ගැන කියනව නම් අපේ පක්ෂෙ නායකය කියල වර්ණනා කරනව නෙවෙයි, ඕනැම සබ්ජෙක්ට් එකක් ගැන කරුණු සහිතව නිවැරදි එල්ලයට කතා කරන්න දක්ෂයෙක්. ඒක පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඕනැ තරම් රටේ ජනතාව දැකල තියෙන දෙයක්. අනුර සහෝදරයා කිසිම වෙලාවක කටට එන ඕනැ දෙයක් ඉබාගාතෙ කියන පුද්ගලයෙක් නෙවෙයි. ග්‍රැෆයිට් ග්‍රැෆීන් ගැනත් අනුර සහෝදරයා මීට කලින් ඕනැ තරම් තැන්වල කතා කරල තියෙනව. දැන් හැමෝටම මාර වැඩක් වගේ අල්ලගෙන තියෙන්නෙ මේ කතාවෙදි සිද්ධවෙච්ච වචන පැටලිල්ල. අනුර සහෝදරයා සාක්ෂි සහිතව මේ දේශපාලන හොරු රැළ ගැන කරපු අනාවරණය දැක්කෙ නෑ වගේ ඉඳපු විශාල පිරිසක් මේ වෙලාවෙ නින්දෙන් ඇහැරිල තියෙනව. ඒක කදිම දෙයක්. අනුර සහෝදරයගෙ මේ ග්‍රැෆයිට් ග්‍රැෆීන් වචනවල එල්ලිච්ච අයට අපි ආරාධනා කරනව සංවාදය මේ ලෙවල් එකෙන්ම යමු කියල. දේශපාලනය මේ ලෙවල් එකට ඉස්සුණාම ඔය අනුර සහෝදරයට හිනාවෙන අයට දේශපාලනය කරන්න බැරිවෙනව කියල එයාලම දන්නෙ නෑ. අපි නම් මාර සතුටුයි ඒකට. කරගෙන යනව. ඒකට විරාම නෑ. අපේ මැදිහත්වීම විවිධ මට්ටමෙන් ක්‍රියාත්මකයි. 


ප්‍ර:ආපහු ලයිට් බිල වැඩිවෙලා. ඒවට විරුද්ධව පාරට බහින අය අත්අඩංගුවට ගන්නව. මර්දනය ආපහු පාරට ඇවිත්. කෝ ජේ.වී.පී. මැදිහත්වීම...?


අපි මේ ආණ්ඩුවට එරෙහි සටන දිගටම කරගෙන යනව. ඒකට විරාම නෑ. අපේ මැදිහත්වීම විවිධ මට්ටමෙන් ක්‍රියාත්මකයි.


ප්‍ර:ආපහු ලයිට් බිල වැඩිවෙලා.ඒවට විරුද්ධව පාරට බහින අය අත්අඩංගුවට ගන්නව. මර්දනය ආපහු පාරට ඇවිත්. කෝ ජේ.වී.පී.මැදිහත්වීම...?


අපි මේ ආණ්ඩුවට එරෙහි සටන දිගටම කරගෙන යනව. ඒකට විරාම නෑ. අපේ මැදිහත්වීම විවිධ මට්ටමෙන් ක්‍රියාත්මකයි. ගෝඨාභයගෙ කාලෙ රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය නිසා පීඩනය පත්වෙච්ච ජනතාව පාරට බැහැල ගෝඨාභය එළවලා දැම්ම. ඒ අල්ලපනල්ලෙ ජනාධිපති පුටුවට රිංග ගත්ත රනිල් වික්‍රමසිංහ දැන් ආපහු ඒ පාරෙම යන්න පටන් අරගෙන. එයාටත් ඒ ඉරණමට මූණ දෙන්න වෙනව මේ යන විදිහට. රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවට ව්‍යාජ බලාපොරොත්තුවක් දීල ඉදිරියේදී ඔක්කොම හරියනව කියල, දැන් සුරංගනා ලෝකයක් ගැන කතා කියනව. රනිල් ජනාධිපති පුටුවෙ යන්තං කකුල තියාගෙන ඉන්න ‘ඩේ ටු ඩේ’ රඟපෑමක් කරමින් ඉන්නව. හැම පැත්තෙන්ම අසරණ ඇතැම් දෙනා රනිල්ගෙ මේ තක්කඩි රඟපෑම විශ්වාස කරන්න ඇති. හැබැයි ඒක බොරුවක් කියල රනිල්ම දවසින් දවස පෙන්නමින් ජනතාව පිට පීඩනය පටවමින් ඉන්නව. ඒ පීඩනය එක්ක තමයි ආපහු ජනතාව පාරට බැහැල තියෙන්නෙ. ආර්ථිකය කුඩා කරල තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරපු එක තමයි රනිල් කෙරුවෙ. ඕනැම බොරුවකට යන්න පුළුවන් දුරක් තියෙනවනෙ. දැන් ඒ බොරුව ඉවරයි. දැන් රනිල්ට වෙන බොරුවක් හොයාගන්න වෙනව. රනිල් පෙන්නපු සිහින ලෝකෙන් දැන් ජනතාව පොළොවට වැටිල ඉන්නෙ. ඒ ජනතාව දැන් පාරට බැහැල ඉන්නෙ. ඒ ජනතාවට රනිල්ගෙ උත්තරේ එයාට පුරුදු මර්දනය මාවත. අපි හිතන්නෙ නෑ රනිල්ට මර්දනයෙ මාවතේ ගොඩක් දුර යන්න පුළුවන් කියල. රනිල්ගෙ කුලු පොලු‍ හමුදාවෙ බලයට වඩා ජනතා බලය වැඩියි. ගෝඨාභය දිහා බලලවත්  රනිල් පාඩමක් ඉගෙන ගන්න ඕනැ.


හැබැයි ආණ්ඩුවෙ මහාචාර්යවරයෙක් කියාගන්න මන්ත්‍රීවරයෙක්, වැඩිවෙන ලයිට් බිලට කදිම ප්‍රායෝගික විසඳුමක් යෝජනා කෙරුව, ලයිටි බිල වැඩි නම් ලයිට් නිවන් ඉන්න කියල...
මේ තමයි ආණ්ඩුවෙ ඉන්න මාර උගත්තු. ලයිට් බිල වැඩිවෙලා නම් ලයිට් නිවන් ඉන්න කියන්න නම් ආණ්ඩුවක් මොකටද? මේ අය ජනතාව හෑල්ලු‍වට ලක් කරන හැටි තමයි මේ කතාවලින් පේන්නෙ. මේ අයට ජනතාවගෙ දුක තේරෙන්නෙ නෑ. මේ දේශපාලන තක්කඩින්ගෙ හිස් කතා ගැන කතා කරන්න කාලය වැය කරන එකත් අපරාධයක්. විදුලිය කියන්නේ සුඛෝපභෝගි දෙයක් නෙවෙයි. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ආණ්ඩුවට බැරි නම් ජනතාවට සාමාන්‍ය ජන ජීවිතයක්වත් දෙන්න, අපි කියන්නේ දැන් කරළියෙන් බැහැල යන්න කියල. දැන් ගොඩක් තැන්වල මිනිස්සුන්ගෙ ගෙවල්වල ලයිට් කපල. මේක ඛේදවාචකයක්. සාමාන්‍ය ජනතාව තමන්ගෙ ලයිට් බිල ගෙවාගන්න බැරුව ඉද්දි නාමල් රාජපක්ෂලගෙ මඟු‍ල් ගෙවල්වල ලයිට් බිල්වලට පොලු‍ තියනව. තව ඒ වගේ රාජපක්ෂල පොලු‍ තියපු ලයිට් බිල් ගැන දැන් අනාවරණය වෙනව. රනිල් වික්‍රමසිංහ මේව ගැන මීක් නෑ. එදා ඉඳල රාජපක්ෂල රනිල්ව රැක්ක. රනිල් රාජපක්ෂල රැක්කා. තාම වෙන්නෙ ඒක.


ප්‍ර:ඒ මදිවට දේපළ බද්ද කියල එකකුත් එනවලු‍. රංජිත් සියඹලාපිටිය ඇමැති නම් කියන්නේ මේක මාර ප්‍රගතිශීලී බද්දක් කියල....


මීට කලින් යහපාලන ආණ්ඩුව කාලෙ රනිල් වික්‍රමසිංහල ගෙනාව මන්දිර බද්දක්. ඒකෙන් රටට වෙච්ච දෙයක් නෑ. දැන් මේ දේපළ බද්ද කියල එකක් කරළියට එන්නෙම වැට් එක ඇතුළු බදු පිට බදු වැදිච්ච සාමාන්‍ය ජනතාවගේ පීඩනය පිට වෙනවට බයේ, ඒක වෙනතක හරවන්න හදන උපක්‍රමයක්. සරදියෙල් පන්නයේ මේ වගේ දෙයක් හරහා හෝ මේ පාලකයන්ට එරෙහිව නැගෙන විරෝධය සමහන් කරගන්න පුළුවන්ද බලන්න තමයි මේ උත්සාහය. මේකෙන් ආණ්ඩුව උත්සාහ කරනව, අපි සාමාන්‍ය ජනතාවට විතරක් නෙවෙයි ධන කුවේරයන්ටත් බදු ගහනව කියල පෙන්නන්න. හැබැයි මේකත් ආණ්ඩුවෙ නූල් සූත්තරයක් විතරයි. පළවෙනි කාරණය මේක සිද්ධවෙන්නෙ නෑ. අනික් එක මේ වගේ පැලැස්තරවලින් වහන්න පුළුවන් තැනක නෙවෙයි අපේ රටේ ආර්ථික අර්බුදය දැන් තියෙන්නෙ.


ප්‍ර:එතකොට රනිල් කියපු අර ‘ස්මාර්ට් රට’ ඇති වුණාම මේ අවුලෙන් ගොඩ එන්න බැරිද..?


රනිල් හැමදාම ඔය වගේ සුරංගනා කතා කිව්ව. එයා අගමැති වෙච්ච හැමදාම මොනව හෝ ටොපියක් දුන්න. හැබැයි වෙච්ච සෙතක් නෑ. රනිල් තාම හිතන් ඉන්නෙ මේ රටේ මිනිස්සු  තණකොළ කනව කියල. හැත්තෑපස් අවුරුද්දක දේශපාලන ඉතිහාසයේ හතළිස් පස් අවුරුද්දක් පාර්ලිමේන්තුවෙ ඉඳල මේ රට කඩා වැටීමට වැඩියෙන්ම වගකියන්න ඕනැ රනිල්. මේ කියන කතා තව දුරටත් අහන්නෙ කවුද?.

 

 

■ ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

දක්ෂිණාන්ශික ඇමරිකාවට වැඳ පුදාගෙන හිටපු සමහරු කැළඹිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 3485 27

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 999 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 2138 11

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 979 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1218 24

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1279 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 330 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site