IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘තේ සන්නාමය ලංකාවේ දලූ නෙලන ජනතාව තවමත් ලැයිමේ‘‘

(අජිත්ලාල් ශාන්තඋදය)

කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, ගොවියන්, දිරි ගන්වන, රටේ නිෂ්පාදන අමු අමුවේ පිටරට පටවන්නේ නොමැතිව ඒවාට අගය එකතුකරන සැලසුම් සහගත ක‍්‍රියාවලියක් යටතේ තාරුණ්‍යයේ හැකියාවන් රටේ දියුණුවට යොදවන සැලැස්මක් ජාතික ජනබලවේගය මගින් ක‍්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන නිසා මේ මුග්ධ පාලකයන් පන්නා දැමීමට ජාතික ජන බලවේගය වටා එකතුවන්නැයි  අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.

රත්නපුර නගරයේ ලොරි රථගාලේ පැවති ජාතික ජන බලවේගයේ රත්නපුර ජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය:

‘වත්මන් ජනාධීපති රනිල් වික‍්‍රමසිංහ අද රටේ පොදු ජනතාව, තාරුණ්‍ය සමග දාදු සෙල්ලම් කරනවා. තමන්ගේ බලය, සුඛවිහරණය සහ පැවැත්ම ගැන විතරයි ඔවුන් හිතන්නේ. ව්‍යවස්ථාව සහ නීතිය උල්ළංගනය කරමින් ඡන්ද කඩාකප්පල් කරමින්, ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරමින් නිලධාරීන්ට සිය විධායක බලය භාවිතා කරමින් බලපෑම් කරන මේ මුග්ධ පාලකයන් පන්නා දැමිය යුතුයි. ඒ සඳහා සමාජයේ සියලූ පාර්ශව නියෝජනය කරමින් සැදුම්ලත් ජාතික ජන බලවේගය වටා රොක්වන ලෙස අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’

‘රනිල් වික‍්‍රමසිංහ ඇතුලූ මේ මුග්ධ පාලකයන්ට ජාතික ජන බලවේගය අභියෝගයක්. ඔහු ජාතික ජන බලවේගය ගැටුමකට පටලවා ගන්න පිට්ටනියකට බැහැලා ‘ගනුකඩුව එනු සටනට’ කියලා අභියෝග කරනවා. රනිල් වනවන කඩුව අභිමුවේ අපි ජනතා බලවේගයක් එක්කයි අපේ ගමන තියෙන්නේ. රනිල් වික‍්‍රමසිංහට ඕනෑ ලේ ගලන ගැටුමක්. ප‍්‍රඡාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ලේ හැලූ අවස්ථා තිබුණා. තවත් ගැටුමකට යන්නට අපිට උවමනා නෑ. රනිල් හිතනවා ඔහු ජේආගේ කොපිය කියලා. අවුරුදු හතළිකට පෙර හයෙන් පහක බලය අරගෙන දුර්වල විපක්‍ෂයක් හමුවේ කටයුතු කළ ජේආර් ගේ කොපිය වෙන්න රනිල්ට බෑ. රනිල් කියන්නේ ජේ ආර් ගේ පඹයා.’ ‘මේ රට ගමන් කරන්නේ හොඳ මාර්ගයක නෙවෙයි කියලා රටේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, මැණික්, තේ, කෘෂි, ධීවර ආදී ක්‍ෂෙත‍්‍ර මෙන් ම තරුණ පරම්පරාව අද පිළිඅරගෙන තියනවා. රට හොඳ දිසාවකට හරවන්න ඕනෑ කියන ආකල්පය ඇති කණ්ඩායම් ජාතික ජන බලවේගය වටා රොක් වෙමින් සිටිනවා.’

‘ජාතික ජන බලවේගයට බලය ගියොත් පුද්ගලික දේපල රජයට පවරා ගන්න බවට ඇතැම් කණ්ඩායම් ප‍්‍රචාරයන් ගෙන යනවා. නමුත් ජාතික ජන බලවේගයේ් අරමුණ තමයි මේ රට ගොඩ ගන්නම් කර්මාන්තකරුවා සහ ව්‍යවසායකයා ශක්තිමත් කළ යුතුය යන්න. අද ඔවුන් ණය බරින් මිරිකිලා, මුල්‍ය ආයතන වල වාරික ගෙවාගන්න බැරි තත්ත්වයන්ට පත්වෙලා. බැංකු පොලී අනුපාතය ඉහළ දැමීමෙන් ව්‍යාපාර කඩා වැටිලා. ඔවුන් වැටී සිටින තත්ත්වයෙන් ගොඩගන්න සැමට සාධාරණවු සැලැස්මක් අනුව එම අංශ ගොඩ ගැනීම ජාතික ජන බලවේගයේ අරමුණක්.’ ‘අද රටේ කර්මාන්තයක්, ව්‍යවසායක් ආරම්භ කරන්නනම් ඇමතිට, ඔහු වටා සිටින අයට ගානක් දෙන්න ඕනෑ. රේගුවෙන් භාණ්ඩ නිසි බදු ගෙවලා නිදහස් කරගන්නවාට වඩා පන්නා ගන්න එක කරන්නේ.

බදුගෙවලා වෙළඳපොළට භාණ්ඩ එවන කොට රේගුවෙන් පන්නපු බඩු වෙළඳපොලේ අඩුවට තියනවා. මෙවැනි ජාතික ආදායමට බලපාන සන්තෝසම් දී අතයට කරන බිස්නස් නවත්වන්න ඕනෑ. ඒක ජාතික ජන බලවේගයේ සැලැස්මක්.’

‘රත්නපුර, ඇලහැර, ආදී ප‍්‍රදේශවල බහුල මැණික් සම්පත තාක්‍ෂණය සහ අගය වැඩිකිරීමේ උපක‍්‍රම භාවිතකර තරුණ දැනුම සම්බන්‍ධ කරගෙන වැඩි ආදායමක් ලබන තැනට දියුණු කිරීම අපේ සැලසුමක්. අද වෙලා තියෙන්නේ බලය ඇති අය පතල් කපනවා. පතල් කම්කරුවා, මැණික් ව්‍යාපාරිකයා යන පාර්ශවයන්ට අමතරව අගය වැඩි කිරීමේ සැලසුම් හදලා මැණික් ආදායම වැඩිකරගෙන රටේ විරැකියාවට විසඳුම් දෙන්නට ක‍්‍රමයක් අපි හදනවා.’

‘මැණික් සම්පතෙන් අපට ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තියෙන්නේ වැරදි බදුක‍්‍රමයක් නිසයි. අපි ඒක සංශෝධනය කරනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වැඩක් කරගන්න ලේසියෙන් බෑ. කොරෝනා දවස්වල ලෝකයේ වටිනාම මැණික් ගල ලංකාවෙන් හම්බවුණා කියලා ගලක් පෙන්නලා, දැන් ඉතිං මේක විකුණුවම අපි ගොඩ කියලා ජනතාව රැවැට්ටුවා. ඒකට අද මොකද වුනේ කොහේද තියෙන්නේ. මෙවැනි රැවටිලි වැඩ ජාතික ජන බලවේගයේ රජයක් හමුවේ කරන්න ඉඩ ලැබෙන්නේ නෑ.’

‘කඩාවැටෙන කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් අපි එක ගොඩකට එකතු වෙමු කඩාවැටෙන කර්මාන්ත සහ ව්‍යාපාර සැලසුමක් අනුව ගොඩ ගනිමු.’ ‘ලෝකයේ බොහෝ රටවලට ආවේනික වු සන්නාම එකකට වැඩියෙන් තියනවා. ජපානය ගත්තොත් ටොයෝටා. කොරියාවේ සැම්සුං ආදී ලෙස ගත හැකියි. ඒ සන්නාමවලට දායකවෙන පහළම මට්ටමේ කෙනාත් සැම පහසුකමක් ම භුක්ති විඳනවා. නමුත් ලංකාවට ඇති එකම සන්නාමය වු තේ කර්මාන්තයේ නිරත අපේ රටේ වැඩි දෙනෙක් තවමත් පහසුකම් නොලබන පිරිසක්. රටේ තේ නිෂ්පාදනයෙන් අගය වැඩිකර නව නිමැවුම් ලෙස පිටරට යන්නේ නිෂ්පාදනයෙන් 28%යි. ඉතුරු 72% තේ කුඩු ලෙස ඩුබායිවලට යනවා. තේ ගහක් නැති ඩුබායි තමයි තේ වෙළඳාමේ කේන්ද්‍රස්ථානය.’

‘අපිට තේ වලින් විවිධ නව නිෂ්පාදනයන් සකස් කරලා ලෝක වෙළඳපොළ ජය අරගන්න සැලසුම් සකස් කළ යුතුයි. තේ සන්නාමය ලංකාවට තිබුණට, දලූ නෙලන ජනතාව තවම ලැයිම් කාමරයේ. ඔවුන්ට වැසිකිළියක් නෑ. නිසි සෞඛ්‍ය පහසුකමක් නෑ. තේ දල්ල අගය එකතු කිරීමේ නිෂ්පාදන සකස් කරලා ක්‍ෂෙත‍්‍රයේ සියලූ දෙනාට ප‍්‍රතිලාභ එන සැලසුම් සකස් කිරිමට ජාතික ජන බලවේගය කටයුතු කරනවා.’

‘අපේ රටේ තේ ඉඩම්වලින් 40%ක් කුඩා තේවතු හිමියන්. 60%ක් මහ තේවතු. නමුත් තේ නිෂ්පාදනයෙන් 60%ක් නිපදවන්නේ කුඩා තේවතු හිමියන්. මහ වතුවලින් ජාතික තේ නිෂ්පාදනයෙන් 40%යි සිදුකරන්නේ. ඒ නිසා මහ වතුවල නව තේ ප‍්‍රභේද හඳුන්වලා දීලා, නැවත වගාවන් ඇති කරලා නිසි නඩත්තු කරලා නවීකරණය කිරීමේ සැලසුමක් ජාතික ජන බලවේගය සතුයි.’

‘අද රටේ කෘෂි කර්මාන්තය ඉහළ නංවන්න හැකි ඉඩම් ප‍්‍රතිපත්තියක් සැමට සාධාරණ වන ආකාරයේ එකක් අපි හනවා. අද ඉඩම් ගන්න නම් ඉඩම් ඇමති හෝ ඔහුගේ සමීපතමයන් කිහිප දෙනා හමුවෙන්න ඕනෑ. ඒ ක‍්‍රමවේදය අපි නැතිකරනවා. පවුල් ලක්‍ෂ 16ක් වු ජනතාවගෙන් 28%ක් ජිවත්වෙන්නේ ගොවිතැනෙන් සහ ඒ ආශ‍්‍රිත කර්මාන්තවලින්. ගොවියාට සහ කෘෂි කර්මාන්තයට සහනාධාර දුන්නොත් තමයි ජනතාවට කෘෂි නිෂ්පාදන අඩු මිලට හම්බවෙන්නේ. ගොවියාට සහනාධාර දුන්නාම ඵලදායිතාව වැඩිවෙනවා. ගොවියාට දෙන සහනාධාර කපාහැරලා වැසියන්ට ඇට බෙදුවට වැඩක් නෑ. බිත්තර වලට අද වෙලා තියන දේ බලන්න. නිෂ්පාදකයන්ට සහන සහ සත්ත්ව කෑම නෑ. බිත්තර නිෂ්පාදනය පහළ බැහැලා. ගෙයක් ගෙයක් ගානේ කුකුල් පැටවු බෙදලා මේ බිත්තර හි`ගය සහ මිල ඉහළයාමට පිළියම් යොදන්න බෑ. ඉල්ලූමට සරිලන නිපදවීම් කරන්න අවශ්‍ය සාධක සහ පහසුකම් වැඩි දියුණු නොකර මේ තත්ත්වයෙන් මිදෙන්න බෑ. සත්ත්ව පාලනයේ නියැලි අයට පහසුකම් දීමේ ක‍්‍රමවේදයක් හදලා සත්ත්ව නිෂ්පාදනය ඉහළ නංවලා නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් ආරක්‍ෂකරන සැලස්මකට අපි යායුතුයි’

‘අද පොලීසිය සහ හමුදාවේ මහත්වරුන් ගැන ජනතාව තුල තියෙන්නේ වැරදි ආකල්පයක්. ආණ්ඩුව කියලා කියන්නේ රනිල්වත්, මැති ඇමතිවරුන්වත් නෙවෙයි. ආණ්ඩුව කියන්නේ ජනතාවයි. නමුත් ජනතා උද්ගෝෂණ නැගිටීම් මර්ධනය කරන්න පොලිසිය පෙළඹෙන නිසා ජනතාව පොලිසියේ හමුදාවේ මහත්වරුන් ගැන වැරදි විදියට හිතනවා. රට වනසන රනිල්ලා රකින්න කටයුතු කරනවා කියන ආකල්පය ජනතාව තුල ඇතිවෙලා තියනවා.’

‘නමුත් හිතන්න පොලීසියට සතියක් නිවාඩු දුන්නොත් රටට මොක්ක වෙයිද? කියලා. ඒනිසා පොලීසිය හමුදාව ජනතාවට අවශ්‍යයි. උද්ඝෝෂණවලට තුන් හාරදාහක් එවන්න පුලූවන් පොලීසියට මුද්‍රණාලයේ ආරක්‍ෂාවට හැටක් යවන්න බෑ. පොලිසිය ගැන ජනතාවගේ වැරදි ආකල්ප ඇතිවෙලා තියෙන්නේ ඉහළ නිලධාරින්ගේ ක‍්‍රියාකලාපයන් නිසයි. නමුත් ජාතික ජන බලවේගයේ ආණඩුවකින් පොලිසිය සහ හමුදාව ගැන ජනතාව තුල තියන වැරදි ආකල්ප වෙනස් කරලා ගෞරවණීය පිළිගැනීමක් ඇති කරවනවා.’

‘ඒ නිසා රට විනාශයෙන් ගොඩගන්නම් ජාතික ජන බලවේගය වඩා එකතු වෙන්න කියලා රත්නපුරේ ජනතාවගෙනුත් ඉල්ලනවා’ යැයි ද අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.



අදහස් (0)

‘‘තේ සන්නාමය ලංකාවේ දලූ නෙලන ජනතාව තවමත් ලැයිමේ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 308 3

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1523 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 953 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7427 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 473 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 124 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site