IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


තෙල් මිල වැඩි කළේ අගමැතිගේ උපන්දින තෑග්ගට - නාමල් රාජපක්ෂ

අනීෂා මානගේ
 
ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

 
අගමැතිවාරයාගේ උපන්දින තෑග්ග ලෙස තෙල් මිල වැඩි කර ඇති බව ද රාජපක්ෂ මහතා කියයි.
 
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අද(26) සවස තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
‘නගර සභාවේ බහුතර ඡන්දයත් අපි දිනලා. හැබැයි නගරාධිපති තෝරන්නේ ටොස්  එකෙන්. කාසියේ වාසියෙන් තමයි නගරාධිපති තෝරන්නේ.   ටොස්  එකෙන් අපි පැරදුණා. ජනතාවගේ බහුතර කැමැත්ත තියෙන්නේ පොදුජන පෙරමුණට. මේ යහපාලන ආණ්ඩුවෙන් අසීමිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලැයිස්තු ක්‍රමයක් හදුන්වල දුන්නනේ. සියයට හතලිහක් ලැයිස්තුවෙන් දෙනවා කිව්වා. අන්තිමට මොකද වුණේ,  එක සභාවක් වත් පිහිටුවාගන්න බැහැ. පිහිටගන්න පුළුවන් බහුතරයක් සභා දැන් ටොස්  වලින් පිහිටුවන්නේ. ස මහර සභා අපිට ආරංචියි දැන් ආප්ප න්‍යායත් ක්‍රියාත්මක කරලා. 
 
අද රටේ මිනීමැරුම් වැඩිවෙලා. අදත් උදේ මම දැක්කා ගෙදරකට වෙඩි තියලා.  ඇමැතිවරයකුගේ පුද්ගලික ලේකම්. මේ එක්සත් ජාතික පක්ෂයේ.   රාජපක්ෂලා හොරු,මිනීමරුවෝ කියල කෑ ගහපු අය  ගෙවල් වලට වෙඩි තියලා යනවා.  එදා කළා නම් කොහොමද? මේකට අහුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. හැප්පිලා මැරුණු තඩුජීන්වත් ඝාතනය කළා කිව්වනේ. එහෙම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ ගෙවල් වලට ඇවිත් වෙඩි තියල යනවා. ආණ්ඩුවට හයියක් නැහැ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා දෙන්න. ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට හැකියාවක් නැහැ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න.  
 
රටේ අගමැතිතුමාගේ උපන්දින තෑග්ගට පෙට්‍රල් මිළ රුපියල් නවයකින් වැඩිකළා. අද පැහැදිලියි ආණ්ඩුවට ආර්ථිකය හසුරුවාගන්න බැහැ. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර දෙන්න බැහැ. දැන් තව ටික දවසක් ගියාම අපේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා හැරමිටියෙන් ගහනවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට.  ‘ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (7)

තෙල් මිල වැඩි කළේ අගමැතිගේ උපන්දින තෑග්ගට - නාමල් රාජපක්ෂ

සමන්ත Monday, 26 March 2018 02:32 PM

කොහොමද ඒක ..?

:       168       417

gunarathnaTuesday, 27 March 2018 01:46 AM

ඒක නෙමෙයි මේක..

:       0       30

Chanak Los angeles Tuesday, 27 March 2018 02:29 AM

මොවුන් කල වැරදි ලියන්න ගියොත් කල්පයකුත් මදි වෙනවා .. තජුදීන් හැප්පිලා මරුන නිසා වෙන්න ඇති අධිකරණ දොස්තර තජුදීන්ගේ ශරීර කොටස් අතුරුදන් කර නීතියෙන් වැරදි කරුවෙකු වුනේ ?ලංකාවේ දේසපාලකයාට හා බලවතාට නීතිය හිල් කුඩයක් කියලා අපි දන්නවා නමුත් කර්මය විසින් දඬුවම එවන්නේ ගොනා පසුපස එන කරත්තේ වගෙයි එම දඬුවම නීතියෙන් ලැබෙන දඬුවමට වඩා බරපතලයි ....

:       0       278

Chandra Tuesday, 27 March 2018 07:27 AM

වැරදි කර කර බොරු වීරෝයෝ වෙන්න බැහැ. ඒක මේ ලෝකයට අකැප දෙයක් , ඉපදුනු පොලවට අකැප දෙයක්. ස්වාබාදහමට එරිහිව අපිට ගමන් කරන්නත් බැහැ.

:       0       251

shan saudi Thursday, 29 March 2018 07:11 AM

එතකොට වසර ගණනාවක් 117 පෙට්‍රල් ලීටරය 167 ගැනේ වික්කේ මුගේ අම්මගේ උපන්දිනේට තෑගි ගන්න සල්ලි හොයන්න වෙන්න ඇති ඒ ගත්ත මුදල් වලින් ජනතාවට මොනවද කලේ එක ඔකොටම කලින් කියපන් ජනතාවට......................

:       0       0

Kumar Saturday, 31 March 2018 03:43 AM

මොන මෝඩ කතාවක්ද? අපි ඉන්න ඇමෙරිකාවේත් පැට්‍රල් මිල ඉහළ ගිහින්... නාමල්ගේ බාප්පාගෙන් අහල බලන්නකෝ...

:       0       0

saththaya Saturday, 31 March 2018 05:04 PM

අය්යෝ කව්රුත් දන්නේ නැහැ ඇයි ඉන්ධන මිල ඉහල දාන්නේ කියලා.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site