(ජේ කේ එල් චාමින්ද)
දේශපාලන ක්ෂේත‍්‍රයේ ඉහළට යාමට කෙටි මාර්ග සෙවීම හා තමන් පිළිබඳව ඇති අධි තක්සේරුව, දේශපාලනඥයකු විනාශ වීමට බලපාන ප‍්‍රධාන කරුණු දෙක බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි.
දේශපාලන ක්ෂේත‍්‍රයේ කාලයක් සකී‍්‍රයව කටයුතු කළ කෙනෙක් හැටියට වර්තමානයේ මහජන නියෝජිතයන් ලෙස කටයුතු කරන අයට තමන්ට ලබාදිය හැකි හොඳම ප‍්‍රායෝගික උපදේශය මෙය බවද ප‍්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා පැවැති ශි‍්‍ර ල.නි.ප ගාල්ල දිස්ති‍්‍රක් සම්මේලනයට සහභාගී වු පළාත් පාලන ආයතනවල නවක මන්තී‍්‍රවරුන් අමතමිනි.
මෙම රැස්වීම ශි‍්‍ර ල.නි.ප ගාල්ල දිස්ති‍්‍රක් නායක පියසේන ගමගේ මහතා ප‍්‍රමුඛ ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් ලබුදුවේදී පැවැත්විණි.
තවදුරටත් රැස්ව සිටි පිරිස අමතා අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ශි‍්‍රලනිප ගෙවී ගිය වසර 67 ක ගමන් මඟ තුළ ඉදිරියට පැමිණියේ දහසකුත් බාධා කම්කටොලූ මැද බවත් එවැනි අර්බුදකාරි අවස්ථාවල පක්ෂය යම් තරමක පසුබෑමකට ලක්වුවද, එය ඉදිරි ජයග‍්‍රහණයන්හි අඩිතාලමක් ලෙස සළකා කටයුතු කිරිම තුළින් ජයග‍්‍රහණ රැසක් උදාකර ගත් බවත් ප‍්‍රකාශ කළේය.
අද පාර්ලිමේන්තුවේ සිටින ශි‍්‍රලනිප මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට වඩා අඩු ප‍්‍රමාණයක් සිටි අවස්ථා ඉතිහාසයේ තිබු බවත් එය පක්ෂයේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් නොවු අතර වර්තමානයේ පක්ෂය තුළ පවතින අර්බුද හා ගැටුම්කාරි තත්වයන් තුළ අප පාක්ෂික අන් කවරදාටත් වඩා වැඩියෙන් ස්වයං විනයකින් යුක්තව කටයුතු කිරිමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘තමන් ගැන අධි තක්සේරුවෙන් සිටීමෙන් දේශපාලනඥයකු විනාශ වෙනවා’
Raveendra Friday, 22 June 2018 07:31 AM
ඔහේ අද මේ පිළිබඳව කතාකළාට අප නම් මේ නිවට, මෝඩ, තමන් පිළිබඳව ඇති අධිතක්සේරුව මෙන්ම උද්දච්චකම, අනිකාට ඇහුන්කම් නොදීම, මම තමා සියල්ල දත් පණ්ඩිතයා යන තුප්පහි හැදියාවන් නිසා මෙය සොදාපාලු වී ඇතිබව දැනගෙන සෑහෙන කාලයක්...