IMG-LOGO

ටීඑන්ඒ පක්ෂය වැඩ කරන්නේ අගමැතිගේ පදයට බව වරදරාජා කියයි

(එෆ්.අස්ලම්)

දෙමළ ජාතික සන්ධානයේ සැබෑ නායකයා ආර්.සම්බන්ධන් නොව රනිල් වික්‍රමසිංහ බවත්, සන්ධානය වැඩකරන්නේ අගමැතිවරයාගේ පදයට බවත් උතුරු නැගෙනහිර පළාත් අමාත්‍ය, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා සඳහන් කළේය.

දශක කිහිපයක් පුරා විසඳුම් නොලැබුණු උතුරේ ජාතික ගැටලුවට රනිල් වික්‍රමසිංහ නැවතත් බලයට පත්වී වසරක් තුළ විසඳුම් ගෙන එන බව කීම දෙමළ ජනතාව රැවටීමේ උප්පරවැට්ටියක් බවද හෙතෙම සඳහන් කළේය.

තමන් බලයට පත්වී වසරක් තුළ ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන එන බවට අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට  ලබාදුන් පොරොන්දුව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් පළකරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරුමාල් මහතා මෙසේද කියා සිටියේය.

“දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයේ ගැලවුම්කරුවෙකු විදිහටයි කටයුතු කරන්නේ. ඒ පක්ෂයේ නායකයා ආර්.සම්බන්ධන් වුණාට තිරය පිටුපස සිට අනුබල අනුශාසනා දෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි. දෙමළ ජනතාව රවටමින්  එක්සත් ජාතික පක්ෂයට හැකි සෑම ආකාරයකින්ම ඒ ජනතාවගේ සහාය අරගෙන දීමයි දෙමළ ජාතික සන්ධානයේ වගකීම වෙන්නේ.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ සෑම අවස්ථාවකම දෙමළ ජාතික සන්ධානය කළේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න, ජාතික ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම කියලා අගමැතිවරයාගෙන් පොරොන්දු අරගෙන දෙමළ ජනතාව රැවටීමයි. මේක දේශපාලන ගනුදෙනුවක්  කීවොත් මා නිවැරදියි. ඊළඟ දීපාවලිය ලබන්නේ දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් සහිතවයි කියල සම්බන්ධන් දීපාවලියක් දීපාවලියක් ගානේ කීවා. ඒත් මොන දෙයක්වත් දෙමළ ජනතාවට ලැබුණේ නැහැ.

දෙමළ ජනතාවට අද වුවමනා කරල තියෙන්නේ දේශපාලන විසඳුමක් නෙවෙයි. එදා වේල කන්න පුළුවන් විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදිහේ ආර්ථිකයක් සහ පරිසරයක් ගොඩනගාගන්නයි. මහින්ද රාජපක්ෂ බලයේ සිටි කාලයේ යෝධ සංවර්ධනයක් වගේම මිනිස්සුන්ට එදාවේල කන්න පුළුවන් තත්වයක් හරි තිබුණා. ඒත් මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ ඒ සියල්ල වෙනස් වුණා. මේ ආණ්ඩුවෙන් කරගන්න පුළුවන් දේවල්වත් කරගන්න බැරි වුණේ දෙමළ ජාතික සන්ධානය නිසයි.

මේ ගැන දෙමළ ජනතාව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ බව ජනතාව ඔප්පු කර පෙන්නාවි. සිව් වසරක් බලයේ සිටියදී ගෙන එන්න බැරිවුණ දේශපාලන විසඳුම රනිල් වික්‍රමසිංහ යළිත් බලයට පත්වී වසරක් තුළ ගෙන එන්න පුළුවන් කියන කතාව සුරංගනා කතාවක්” යැයිද වරදරාජා පෙරුමාල් මහතා කියා සිටියේය.



අදහස් (0)

ටීඑන්ඒ පක්ෂය වැඩ කරන්නේ අගමැතිගේ පදයට බව වරදරාජා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 21 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site