(අංජුල මහික වීරරත්න)
මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.
ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.
ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.
අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජීවය මැරුණු සමාජයට යළි ජීවය දිය හැක්කේ බුද්ධ දර්ශනයටයි
Niranga Saturday, 21 June 2025 09:24 PM
සමහර චීවර ධාරීන් අතරත් හොරු ඉන්නවා මුවා වෙලා...
කෙහෙළිය ගොක්කොලවැල්ල Saturday, 21 June 2025 09:46 PM
අපේ හාමුදුරුවනේ, මම නම් දන්නා ජීවයකුයි, දර්ශනයකුයි නෑ, හැබැයි හැම රෝහලක් ඉදිරිපිටම මල් ශාලාවක් තියෙන බව නම් දන්නවා. ඒ මැරුණු ජීවයේ අවසන් කටයුතු ටික කරලා දෙන්න. මං ගෙනාපු බෙහෙත් ගත්තොත්, ඔය දර්ශණයට වැඩිය ඉක්මණින් නිවන් යන්න පුළුවන්. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
මාලිමාගැත්තා Sunday, 22 June 2025 12:39 AM
ඒ වුණාට තමන් නිර්ආගමිකයි. කට උල්කර ...
සුරංග දේශප්‍රිය Sunday, 22 June 2025 06:45 AM
රටේ ජීවනාලිය දරු පරපුරයි. දරුවන්ගේ සදාචාරාත්මක ගුණ දහම් වර්ධනය කිරීමට දහම් පාසල මහෝපකාරී වේ. දරුවන්ට දහම් පා දහම් පාසල සිදු කරන්නේ ප්‍රශංසනීය මෙහෙයකි. එහෙත් අද වන විට ඉරු දින දහම් පාසල් සඳහා දරුවන් යොමුවීමේ ප්‍රවණතාවය අඩු වෙමින් පවතී. සෑම දරුවෙකුටම තම ආගමට අදාලව ඉරුදින දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළයුතු කාලය එළඹ ඇත. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වෙතින් සැළසුම් සකස් කළ යුතුයි.
යෝගා Sunday, 22 June 2025 09:52 AM
නිරාගමිකයෙක් එසේ පැවසීය. පැරදුණාම මහණ වෙන්නත් පුළුවන් මේ විදියට...
Isuru Chathuranga Sunday, 22 June 2025 10:21 AM
දවසක් චාමර දුකට හැඬුවේ මේ වෙහෙර මළුවේදී නේද?
Marikkar Sunday, 22 June 2025 01:39 PM
කතාව නම් හරි ලස්සනයි...
prasanna Sunday, 22 June 2025 01:50 PM
සම්පූර්ණ ඇත්ත, ලංකාවේ ජීවය දෝරෙ ගලනවා.