IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනපති - අගමැති මූලිකත්වයෙන් නව දැනුමකින් රට නංවනවා

(නිමල කොඩිතුවක්කු)

ජාතික රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ හේතුවෙන් රට සමාජ, දේශපාලන, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ශක්තිමත් වී ඇති බවත් එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාම ජාතික රජයේ අරමුණ බවත් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන්  නව දැක්මක් ඇතිව ඉදිරි වැඩපිළිවෙළ ශක්තිමත් කරන බව ද ඔහු පැවසීය.

ජාතික රජය නියෝජනය කරන ඇමැතිවරුන්ගේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එසේ කීය. 

අමාත්‍ය සරත් අමුණුගම මහතා මෙසේද කීය.

 “පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ජාතික ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළා. අද වනවිට මේ රජය හවුල් රජයක් ලෙස කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සභාපතිවරයායි. කවුරු ආණ්ඩුවෙන් ගියත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නියෝජනය කරනවා.

දැන් කවුරුත් අතුරුදන් වෙන්නේ නැහැ. දැන් සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. සියලු දෙනාට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් අද තියෙනවා. පාර්ලිමේන්තුවේ වුණත් අද සියලුම ජාතීන්ට සමගියෙන් කටයුතු කරන්න හැකියාව ලැබී තිබෙනවා.

එතුමාගේ ජාත්‍යන්තර සම්බන්ධතා අද හොඳින් පෙන්නුම් කරලා තියෙනවා. ජී.එස්.පී. ප්ලස් සහනය එයට හොඳ නිදසුනක්. මේ නිසා අද ධීවර, ඇඟලුම් ඇතුළු ක්ෂේත්‍ර ශක්තිමත් වී තිබෙනවා.

අප කාටවත් රටේ නිීතියට, ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. මේ සම්බන්ධයෙනුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. මේ රජය අපේ අධිකරණ පද්ධතියේ ස්වාධීන බව තහවුරු කර තිබෙනවා. විනිසුරුවන්ගේ ඇතුළු සියලු දෙනාගේ වැටුප් වැඩිකරලා අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.
තොරතුරු ලබාගැනීමේ නිදහස ලබාදී තිබෙනවා. මාධ්‍ය නිදහස අද තහවුරු කරලා තිබෙනවා.

ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සිය බලතල කප්පාදු කරගෙන තිබෙනවා. මේ පක්ෂ දෙකේ සම්මුතිය නොතිබුණානම් අපට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකි වනවා. 
මේ රජය බලයට පත්වුණේ අභියෝගාත්මක අවස්ථාවකදියි. පසුගිය රජය වසර දෙකකට කලින් ජනාධිපතිවරණයට ගියේ නැකැත්වලට වඩා අර්ථ ශාස්ත්‍රය විශ්වාස කරලයි. ඒ අයට ඒ වන විටත් ඉදිරි ආර්ථික කටයුතු පිළිබඳ සංඥාවක් ලැබී තිබුණා.

විශාල වශයෙන් ණය ගොඩගැසීමේ අවදානමක් තිබුණා. දැන් ක්‍රම ක්‍රමයෙන් ඒවා අපි කළමනාකරණය කර ගනිමින් යනවා. ලෝකයේ අනික් රටවල් වගේ අපි බංකොළොත් වෙලා නැහැ. දුෂ්කර අවස්ථාවලදී පවා අප අපේ ණය වාරික ගෙවලා තිබෙනවා. 

අද අපේ රුපියල කඩා වැටිලලු. රටක භාවිතා වන මුදල කඩාවැටීමට දේශීය මෙන්ම විදේශීය හේතුත් බලපානවා. මැදපෙරදිග පවතින අස්ථාවර භාවය නිසා ලෝක වෙළෙදපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. මෙම කරුණු අපට බලපානවා.

ඉතාම දරුණු නියඟයක් ඇතුළු පාරිසරික සාධකවලට අපට මුහුණ දෙන්න සිදුවුණා. එහෙම තිබියදිත් අප ආර්ථිකය වට්ටන්නේ නැතුව ඉදිරියට ගෙන ගියා.

ණය ගන්නවාට වඩා අපට අවශ්‍ය ආයෝජන අවස්ථා වැඩි කිරීමයි. චීනය දියුණු වුණෙත් විදේශ ආයෝජන නිසයි. අස්ථාවර රටකට ආයෝජකයන් එන්නේ නැහැ. අප ගැටුම් ඇතිකර ගන්නේ නැතුව ස්ථාවර රජයක් ඉදිරියට ගෙන යා යුතුයි.

 වරාය සහ නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා:

අපේ රජය සිදු කළ කටයුතු සමාලෝචනය කිරීම කාලෝචිතයි. අපේ මිනිස්සුන්ට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා. මේ රජය මොනවද කළේ කියලා සමහරු අපෙන් අහනවා. ඒ ගැන විවේචන කරනවා. මේ ගැන වටිනා ප්‍රකාශයක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් සිදු කළා.

ජිනීවා නුවරට ගිහින් අපට එල්ල වෙලා තිබෙන චෝදනාවලට කොහොමද මුහුණ දෙන්නේ කියන ගැටලුව  8 වැනිදා බල පෙරළියත් එක්ක අපට තිබුණු මූලික අභියෝගය බවට පත්වුණා. මේ වාර්තාව සමග අපට ආර්ථික සම්බාධක දාන්න පවා ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටියා.

ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට හේතුව අර්ථශාස්ත්‍රය කියලා අමුණුගම මහතා ප්‍රකාශ කළා. ජිනීවා කේන්දරය බලලා තමයි ඡන්දය කලින් තිබ්බේ කියලයි මා නම් කියන්නේ. 

ජනාධිපති, අගමැති එකතුවෙලා එම චෝදනාවලට මුහුණ දෙන්න සැලසුම් සකස් කළා. දින 100යේ වැඩපිළිවෙළින් වැඩි අවදානයක් ඒ සඳහා යොමු කළා. මෙවැනි අභියෝගවලින් අප ජයගත්තා කියලා අද ජනතාවට අමතක වෙලා.
මෙයට පෙර ශ්‍රී ලංකාව සැලකුවේ උතුරු කොරියාව වගේ ඒකාධිපති රටක් ලෙසයි. සංහිඳියා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන රටක් ලෙස අද අප ඉදිරියට යනවා. 

අද රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වෙලා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වී තිබෙනවා.  අද අපේ රටට ජාත්‍යන්තර වශයෙන් විශාල කීර්තියක් අත්වෙලා තියෙනවා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැමිණිලි ආවම ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම ස්ථාපිත කළා. අගමැතිවරයා කැමැත්තෙන්ම ගිහින් එයට සාක්ෂි දුන්නා. ඇමතිවරුන් තුන් දෙනෙක් එයට සාක්ෂි දුන්නා. තමන්ගේ නිදොස් බව ඔප්පු වෙනකම් ඇමතිවරයකු කැමැත්තෙන්ම ඉවත් වුණා. මේකට තමයි සැබෑ වෙනස කියලා කියන්නේ. අද අලුත් මහ බැංකු අධිපතිවරයකු යටතේ එම කටයුතු සිදුකරගෙන යනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා. ඔවුන් අහුවෙනකම් මේ පිළිබඳ ජනාධිපතිවරයා අගමැතිවරයා දන්නෙත් නැහැ. ඔවුන් එක්ක සාකච්ඡා කරලා නොවේ අද මේ තීන්දු ගන්නේ. ස්වාධීන කොමිෂන් සභා ඇතුලු ආයතනවලට ඕනෑම අයකු සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවස්ථාව අද  සලසා දීලා තියෙනවා.

මේ රටට නොතිබුණු දේශපාලන ස්ථාවර භාවයක් සම්මුතිවාදී රජය නිසා අද ලැබිලා තියෙනවා. මේ නිසා අද රට වේගයෙන් සංවර්ධනය වෙනවා.”

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා:

“ජාතික ආණ්ඩු සංකල්පයෙන් අප උත්සාහ කළේ රටට දේවල් දිනා දෙන්නයි. නොගැළපීම් තිබුණත් ඒ සියල්ල ගළපගෙන අපි රට වෙනුවෙන් කැප වුණා. කැබිනට් මණ්ඩලය 30 කට සීමා කරලා රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුර සීමා කළා. අපේ බලය කප්පාදු කර රට වෙනුවෙන් වැඩි දෙයක් සිදු කළා.

සෞඛ්‍ය, අධ්‍යාපන ආදී අමාත්‍යාංශ මට්ටමිනුත් අද විශාල සේවාවක් සිදුවෙනවා. පාසල්වලට සියලු පසුකම් ලබාදී තිබෙනවා. සියලුම සිසුන්ට සුරක්ෂා රක්ෂණාවරණය ලබා දී තිබෙනවා. ඉන් එක් ශිෂ්‍යයෙකුට රුපියල් ලක්ෂ දෙක දක්වා ප්‍රතිලාභ හිමිවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන්නෙත් රුපියල් ලක්ෂ දෙකක ප්‍රතිලාභ පමණයි. දියුණු රටවලවත් මෙවැනි පහසුකම් නැහැ. 

අද මාධ්‍යයට විශාල නිදහසක් ලැබිලා තිබෙනවා. එදා වගේ සුදු වෑන් එන්නේ නැහැ. අපි අද මාධ්‍යයෙන් ඉල්ලන්නේ විපක්ෂයට දෙන ඉඩ අපිටත් දෙන්න කියායි. 

ජාතික රජය ලෙස විවිධ හැල හැප්පිලි අභියෝග මැද මේ යාත්‍රාවේ අපි ඉදිරියටත් ගමන් කරනවා. අපි සංසන්ධනය කර බැලිය යුතුයි මේ වසර තුන සහ පසුගිය රජය අතර වෙනස. එවිට අපි කළ දේ හොඳින් සංසන්දනය වේවි.
ඇතැම් භාණ්ඩ කාලයත් සමග ඉහළ දැමීමට සිදුවෙනවා. නමුත් ඉන්ධන, ගෑස් ඇතුලු භාණ්ඩවල මිල පසුගිය රජයටත් වඩා අඩුවෙන් අපි පවත්වාගෙන යනවා. 

මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදිවෙමින් අද රට සංවර්ධනය කරා ගමන් කරනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙච්ච නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ඇති වුණේ යැයිද ඔහු කියා සිටියේය.”

කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා:

   “රේලි පීල්ල වගේ දෙපැත්තට ගිය පක්ෂ දෙකක් අද මේ රටේ අනාගතය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. මේ කැප කිරීම නිසා අද රටට විශාල දියුණුවක් ළඟා කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ කාලය ජනතාවට සහන දෙමින් රටේ සියලුම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපට හැකි වුණා.” 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාද සහභගිවූ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරුන් මෙසේද කීය.

ප්‍රශ්නය: 20 වන සශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ ඔබේ අදහස?

පිළිතුර : (අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා) එහි කෙටුම්පත තවම ඉදිරිපත් කරලා නැහැ. ඉන්පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කර අපේ ස්ථාවරය දැනුම් දෙන්නම්.

(අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා)- කෙටුම්පත අධ්‍යයනය කරලා පක්ෂ අභ්‍යන්තරය සමග සාකච්ඡා කර මේ ගැන දැනුම් දෙන්නම්.

ප්‍රශ්නය: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔබ පක්ෂ දෙකේ සූදානම?

පිළිතුර: (අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා) ඉදිරියේදී ඒ ගැන ප්‍රකාශ කරන්නම්.

(අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා)- අප මෙවර පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැහැ. අපේම අපේක්ෂකයකු තමයි මෙවර තරඟ කරන්නේ.

ප්‍රශ්නය: දැව සංස්ථාවේ නව සභාපතිවරයාගේ පත්වීම පිළිබඳවත් චෝදනා එල්ල වෙනවා?

පිළිතුර: (අමාත්‍ය සරත් අමුණුගම මහතා) ඉහළ තනතුරු සම්බන්ධයෙන් සිදුකෙරුණු පත්වීම් ගැන තීරණ ගැනීමට පාර්ලිමේන්තුව නව කමිටුවක් පත් කරලා තිබෙනවා. එම කමිටුවේ සභාපති කථානායකතුමයි. සියලුම පක්ෂ එම කමිටුව නියෝජනය කරනවා. මෙම පත්වීම ගැන යම් ගැටලුවක් තිබෙනව නම් එම කමිටුව තීරණයක් ගනීවි. 

 



අදහස් (0)

ජනපති - අගමැති මූලිකත්වයෙන් නව දැනුමකින් රට නංවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 235 1

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1482 9

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 951 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1204 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7425 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 457 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1142 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site