IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ජනපතිට ජපානයෙන් ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.

ඉන්දියාව ,චීනය සහ එක්සත් අරාබියේ සංචාරය කොට තිබෙන අතර සැප්තැම්බරයේ දි ජපානයට එන්නැයි ආරාධනාවක් ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කීය.

"පළමු වතාවට රට ගොඩනඟන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා මීට පෙර හැදුනේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ගොඩනැගෙන ආණ්ඩු.

අප සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ආර්ථික අර්බුදය සමනය කරගෙන තිබෙනවා.ඩොලරය නිදියන විට තව අගයකුත් නැගිටින විට තව අගයකුත් ලෙස පැවතුණා.අද වන විට ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්නට හැකියාව ලැබී තිබෙනවා.

ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. පොලී අනුපාතය 30-35% අගයකට ගියා.එය අද වන විට සියයට දහයකට වඩා අඩු අගයක තබාගෙන සිටිනවා.එය ආර්ථික ස්ථාවර බව පිළිබඳ සාධකයක් .

මෙරට විදෙස් ආයෝජන දාලා ගියා. විදේශ ආයෝජන නතර වුණා.ඉන්දීය ,ජපන්, චීන රජයන් ඔවුන්ගේ නතර කෙරුණු සියලු ව්‍යාපෘති නැවත ඇරැඹීමට තීරණය කර තිබෙනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂාවෙන් කතා කරන නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා.වැටුප් වැඩි කරලා තියෙනවා. තවත් පහසුකම් දෙනවා.රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ වැඩිපුරම වැටුප් වැඩිවීම ලබාදී තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ජනරැළිය පැවැත්විණි.

 



අදහස් (9)

ජනපතිට ජපානයෙන් ආරාධනයක්

බෙනා Saturday, 12 April 2025 01:45 AM

මේවා අහනකොට හිනා යනවා

:       0       0

prasanna Saturday, 12 April 2025 01:46 PM

තව බොරුවක්...

:       2       2

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 12 April 2025 02:03 PM

ආරාධනා කරලා තියෙන්නේ , බුලට් දුම්රියේ වේගයට වැඩිය වේගයෙන් පච විදින මැෂින් එක කවුද කියලා බලන්න...!

:       2       2

prasanna Saturday, 12 April 2025 03:39 PM

ලොකුම බොරුව තේරීමේ තරගයකටද? අපේ රටට රන් පදක්කම ශුවර්...

:       2       2

saman Saturday, 12 April 2025 06:19 PM

ජපානයට පෙර ඇමෙරිකාවට ගොස් ඩොනල්ඩ් ට්‍රුම්ප් මුණගැසෙන්න. ඔහු ලංකාව ගැන විශේස අවධානයෙන් ඉන්නේ.

:       2       2

Palitha Thursday, 17 April 2025 09:55 AM

අනිවාර්යයෙන්ම රංවලගේ සහතිකය හම්බවෙලා ඇති...

:       2       17

චතුර Thursday, 17 April 2025 03:59 PM

ජනාධිපතිතුමනි, ඔබේ රජය රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරපු බව ඇත්ත. මම ඒක අගය කරනවා. නමුත් ඉහළ නිලධාරීන්ට තමයි මේ වැටුප් වැඩිවීම නිසා වාසි වුනේ. පහළ සිටින සේවකයින්ට ලැබුණු ප්‍රතිලාභය ඉතා අල්පයි. ඔබතුමා මැතිවරණවලට කලින් කිව්වේ වැඩියෙන් ලැබෙන අයට අඩුවෙනුත්, අඩුවෙන් ලැබෙන අයට වැඩියෙනුත් ලැබෙන විදිහට රජයේ සේවකයින්ගේ වැටුප වැඩි කරන බවයි. රනිල් ගෙදර යන්න ආසන්නයේදීත් ඉහළ නිලධාරීන්ට 25000.00 ක දීමනාවක් දුන්නා. අනිත් සේවකයින්ට ඒකෙන් රුපියලක්වත් වැඩිවුනේ නෑ. මෙවරත් ඉහළ නිලධාරීන්ට රු 25000.00 ක් 30000.00 ක් වගේ වැඩිවෙලා තියෙනවා. හැමෝටම සාධාරණ දීමනාවක්වත් දෙන්න තිබුණා. මේ වැටුප් වැඩිවීම පොඩි සේවකයා නොසලකා කරපු අසාධාරණ වැටුප් වැඩිකිරිමක්. මට දුක පහළ පන්තියේ සිට ආපු ඔබවැනි අපේ කෙනෙකුත් අපිට මෙහෙම කරන එකයි.

:       2       7

Gamini Wednesday, 23 April 2025 12:10 AM

ජපන් කයිවාරුවක්

:       2       7

Neel Saturday, 26 April 2025 06:35 AM

සජිත් ප්‍රේමදාස මහතාවත් එක්ක යන්න මොකද සජිත්ට ඡපන් පුළුවන්...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32962 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15596 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 120 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site