IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිගේ ජනතාවාදී වැඩපිළිවෙළට අතදෙමු

***
කොරෝනා වසංගතය නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැතිවරණ අපේක්ෂක සිරිපාල ගම්ලත් මහතා ඉකුත් දා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවදී වැඩපිළිවෙළ මුළුමහත් සමාජයම දේශපාලන භේදයකින් තොරව අනුමත කර තිබෙන බැවින් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවා එතුමාගේ ජනබලය තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැකිවනු ඇතැයි ද හෙතෙම කීවේය.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය කොටස්වලට දෙදරා ගොස් ඇතැයි කී  සිරිපාල ගම්ලත් මහතා අභ්‍යන්තර අර්බුදය විසඳා ගැනීමට නොහැකි පක්ෂයකින්, රටට, ජනතාවට යහපතක් අපේක්ෂා කළ හැකිදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළේය.
ගම්ලත් මහතා මේ බව පැවසුවේ දිඹුලාගල, දළුකාන ගම්මානයේ දී ඉකුත්දා (10) පැවති මහජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ සිරිපාල ගම්ලත් මහතා මෙසේ ද කියා සිටියේය.

“මේ වන විට මුළුමහත් සමාජයම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවදී වැඩපිළිවෙළ දේශපාලන භේදයකින් තොරව අනුමත කර  තිබෙනවා. එළඹෙන අගෝස්තු 5 වැනි දින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීම තුළින් එය තවදුරටත් ශක්තිමත් කරගත හැකියි.

කොරෝනා වෛරස වසංගතය පාලනය කිරීම සඳහා ගත් තීන්දු තීරණ  හේතුවෙන්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජාත්‍යන්තරය තුළ පවා ප්‍රසාදයට පාත්‍ර වුණා. සෙසු රටවල්  හා  සැසඳීමේ දී  එය අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්. දැන් අපගේ වගකීම බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා එක පෙළට සිටිමින් කටයුතු කිරීමයි. ඒ සඳහා එළඹෙන මහමැතිවරණයේ දී අපට අවස්ථාව උදා වී තිබෙනවා.

ජනාධිපතිතුමා  ආණ්ඩුව භාර ගන්නා විට රටේ ආර්ථිකය සියයට 2.5 කින්, බිඳ වැටී තිබුණා. කොරෝනා හේතුවෙන් ඒ, බිඳ වැටුණු ආර්ථිකය තවදුරටත් අවප්‍රමාණය වෙලා. මෙය සුළුවෙන් තැකිය හැකි කාරණාවක් නොවේ. මේ මොහොතේ  සෘජු  තීරණ ගන්නා නායකයෙක් සිටින  බැවින්, අනාගතය පිළිබඳව අපට භීතියක් නැතත්, ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැඟීමේ වගකීම අප සියලු දෙනාටම පැවැරී තිබෙනවා.”

පොළොන්නරුව දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයසිංහ බණ්ඩාර, ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති ජානක නලින් කුමාර, පොළොන්නරුව නාගරික මන්ත්‍රී ලයනල් සිල්වා මහතා  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

ජනපතිගේ ජනතාවාදී වැඩපිළිවෙළට අතදෙමු

de silva Tuesday, 16 June 2020 11:48 AM

අපේ බත්පතත් සූරාකන හාල්මෝල් කාරයින්ගේ වැදි බණවලින් අපට වැඩක් නැත.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site