(හසිත රංග ගුණතිලක)
සියලු ජාතීන් හා සියලු ආගම් එකට එකතු කළ හැකි කරූ ජයසූරිය මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූරයට අනිවාර්යෙන්ම පත්කළ යුතු බව උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරත්න හිමිපාණෝ අද(11) කොළඹදී පැවැසූහ.
කරූ ජයසූරිට මහතා සියලු ආගම්වලට සහ සියලු ජාතීන්ට පොදු නිසා රටේ නායකත්වයට ඔහු සුදුසු බව ඕනවටත් වඩා ඔප්පු කර ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
කොළඹ 7 පිහිටි පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ප්‍රධාන ශාලාවේදී සමස්ත ලංකා ජාතික භික්ෂු සංසදය විසින් අද(11) පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියෝ මේ බව සඳහන් කළහ.
පක්ෂ භේදයකින් තොරවය සමස්ත ලංකා මහා සංඝරත්නයේ ආශිර්වාදය කතානායකවරයාට හිමි වන බවත්, ඒනිසා ජනාධිපතිවරයාත් අමාත්‍යවරයාත් කරූ ජයසූරිය මහතාට ඒ සඳහා ආශිර්වාද කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ජනාධිපති ධූරයට අනිවාර්යෙන්ම කරූ ජයසූරිය පත්කළ යුතුයි’