(ඩයනා උදයංගනී)
ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තීන්දුව ලබන 5 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගන්නා බවත්, එහිදී රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීන්දුව ගැනීමට සූදානම් බවත් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
තම පක්‍ෂයට වඩාත් පිළිගත හැකි ප‍්‍රතිපත්ති ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැවින් ඔවුන් හා පැවති සාකච්ඡා සාර්ථක කරගැනීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ බව කී මහලේකම්වරයා ඔවුන් ද තම යෝජනා සම්බන්ධයෙන් 5 වැනිදාට පෙර සුබවාදී ප‍්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සදහන් කළේය.
තම පක්‍ෂයේ අරමුණ පක්‍ෂය ආරක්‍ෂා කරගනිමින් පක්‍ෂයේ සියලූ ඡන්ද පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයාට ලබාදීම බව කී ජයසේකර මහතා එම සියලූ ඡන්ද නොමැතිව එම අපේක්‍ෂකයාට ජයගත නොහැකි බව ද කීවේය.
එක්සත් ජාතික පක්‍ෂයේ ද රටට ආදරය කරන පුද්ගලයින් සිටින නමුත් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පිළිබද ගැටලූවක් තිබෙන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රට මුහුණ පා ඇති තත්ත්වයෙන් මුදාගෙන දූෂණයෙන් වංචාවෙන් තොර රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව හරි අතට ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

( ඡායාරූප සහ වීඩියෝ ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
308
1
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ ජනාධිපතිවරණයේදී වැඩ කරන හැටි 5 වැනිදා කියනවා ‘