(විනීතා එම් ගමගේ)
රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාස භංගයේ දී ඡන්දය නොදී මහින්ද රාජපක්ෂ මහතා ඔහුට දුරකථන ඇමතුමක් දුන් බවට ජනාධිපතිවරයා වේදිකාවේ කියාගෙන යන කතාව බොරුවක් බවත් එම විශ්වාසභංගය විවාදයට නොගත් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීමට නොයෙක් කථා දැන් දැන් කියන බවත් මෙයත් වැරදී කියු එවැනි කථාවක් බවත් හෙතෙම සඳහන් කළේය.
මේ කියන විශ්වාසභංගය අස්සන් කළේ මගේ පුතාගෙ මඟුල් ගෙදරදි. අපේ බොහෝ දෙනෙක් අස්සන් කළේ එතනදි. ස්ටේජ් එකට නැග්ගම කවුරු හරි යවන චිට්වල තියෙන ඒවා කියනවා. මේකත් ඒ වගේ එකක්.
මම මේක ඇහුණම පාර්ලිමේන්තු මහ ලේකම්ට කෝල් කරල ඇහුවා. එතුමා කිව්වෙත් මේ විශ්වාසභංගය විවාදයට ගත්තෙ නැහැ කියලායි යැයි ද රඹුක්වැල්ල මහතා කීය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක දීය.
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1349
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනාධිපතිට වැරදුණු තැනක් කෙහෙලිය පෙන්වයි
Sanath Kandy Tuesday, 23 January 2018 11:06 AM
මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේද? විශ්වාසභංගය ගෙනා දවසේ මග හැරලා ගිය කෙනෙක් වෙන්න ඇති මෙයත්.
Shan Thursday, 25 January 2018 07:27 AM
මේ ඔක්කොම මොකද මහින්ද වෙනුවට කතා කරන්නේ? කටේ පිට්ටුද?