IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනතාවගේ යහපත වෙනුවෙන් කැප වෙනවා

(නිමල කොඩිතුවක්කු)

ලක්ෂ දෙසිය විස්සක් වන රටේ සමස්ත ජනතාවගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදා කිරීම වෙනුවෙන් තමන් කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව වසරේ වැඩ අරඹමින් පැවසීය.

කොවීඞ් 19 වසංගතයෙන් රට ආරක්ෂාකර ජනතාවට සුරක්ෂිත අනාගතයක් ඇති කිරීම තම ඒකායන අරමුණ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී 'අද(04) නව වසරේ වැඩ ආරම්භ කරමින් ඔහු මේ බව පැවසීය.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් විසින් සර්ව ආගමික වතාවත් සිදුකර 'විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 'පිරිසට ආශිර්වාද කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

රැස්ව සිටි පිරිස ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

''”‍දුක් ගින්නෙන් පෙළෙන අපේ රටේ ජනතාවට සෞභාග්‍ය කරා යන ගමනේදී විපක්ෂයේ කාර්යභාරය මේ වසරේදී සාර්ථකව ඉටු කරන්නට බලාපොරොත්තු වෙනවා.

රටේ සමස්ත ජනතාවම මේ වන විට පීඩනයට දුකට පත්වෙලා ඉන්නවා. කොවීඞ් 19 වසංගතය පරාජය කරමින් රට රට සුරක්ෂිත කරමින් ජනතාව ආරක්ෂා කිරීමට අපි හැකි සෑම උත්සාහයක්ම දරනවා.

බුද්ධාගමට මුල්තැන දෙමින් සියළුම ආගම් වලට ගරු කරමින් සද් ජාතිකත්වය වැඩපිළිවෙළක් බිම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ලක්ෂ 221 ජනතාවකට යහපත් අනාගතයක් අපි මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමට අපි කැප වෙනවා”‍ යයිද විපක්ෂ විපක්ෂනායකවරයා එහිදී පැවසීය.

ජලනි ප්‍රේමදාස) සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර) ජාතික සංවිධායක තිස්ස අත්තනායක) රාජිත සේනාරත්න) කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

 



අදහස් (5)

ජනතාවගේ යහපත වෙනුවෙන් කැප වෙනවා

Saman Monday, 04 January 2021 05:29 PM

ඇයි මේ පරණ කෙප්පම ඇදබබා දඟලන්නේ...?

:       0       2

kamal Tuesday, 05 January 2021 02:50 AM

ඔබතුමා උපන් දා ඉඳලා ජනතාව ඔබතුමාගේ යහපතට කැපවෙලානේ ඉන්නේ...

:       0       2

Raveendra Tuesday, 05 January 2021 04:06 AM

බුදු අම්මෝ..... බොරු කියන එක අත ඇරලම නැහැ වගේ. කොහොමත් එක වරිගේ අයගේ හැටිම තමයි. කමෝන් සජි මලයට ජයවේවා..

:       2       2

GalaparaWednesday, 06 January 2021 10:34 AM

රවීන්ද්‍රෙග් ටිකිරි මොලේ තරම හර හොඳයි... තව තව හොඳට අල්ලන්න හොරුන්ටම...

:       2       1

Sanka Wednesday, 06 January 2021 05:35 AM

සජිත්තුමෝ, ඔබේ ගමන හිමින් ඔහොම යන්න. ඔබට ඊගාව පාර ජය නියතයි. මොකද? දැන් මේ ආණ්ඩුව යන්නේ ගියපාරට වඩා වැරැදි පාරක.මිනිස්සුන්ට දැන් එපාම වෙලා තියෙන්නේ. ඔක්කොම කරන්නේ ගියපාර කරපු පරණ හොරකම්මයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 607 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site