(කාංචන කුමාර ආරියදාස)
මේ වන විට රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවත් ගොවීන්ට වහාම වන්දි ලබා දීම හා ගොවීන්ගේ වගා ණය කපා දැමිය යුතු බවත් හිටපු ගොවිජන සේවා හා වනජීවී ඇමති ස්. එම් .චන්ද්‍රසේන මහතා පැවසීය.
දඹුල්ල පහලවැව ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන් හා ගොවි ජනතාව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.
මේ වන විට වී වගාව දැඩි ලෙස විනාශ වෙමින් පවතින බවත් තම ආණ්ඩුව පැවති සමයේ මෙවැනි පොහොර හිගයක් නොතිබුණු බවත් කෙසේ වෙතත් මෙම පොහොර හිගයට පිළියම් යෙදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා රටේ ගොවිතැනට සිදුව ඇති පාඩුව හේතුවෙන් වහාම ආණ්ඩුව ගොවීන්ගේ බැංකු ණය කපා දැමිය යුතු බවත් ගොවීන්ට වන්දි ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටපුරා ගොවීන් වීරෝධතාවලට එළියට දැමීමට ක්‍රියා කරන බව රජයට අනතුරු අඟවන බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ගොවීන්ට වන්දි දෙන්නැයි හිටපු ඇමති කියයි
Chandra Friday, 29 December 2017 03:35 PM
අනේ පව් දැන් අසරණ වෙලයි ඉන්නේ... මේ කට්ටියට ඡන්දය දෙන්න. ජයවේවා !!!
Ranjan Saturday, 30 December 2017 03:08 AM
පාකිස්තාන්වලින් ගෙනෙන පොහොර යල කන්නයට... මහ ඉවරයි. ඔක්කොම බොරුව. මොලේ තියෙන්නේ හරි තැන නෙමෙයි.
athula Sunday, 31 December 2017 07:19 AM
අනේ කොහොමද මෙහෙම කියන්නේ එදා කොටි මාවිල්ආරු වහපු වෙලාවේ එදා පාළු වෙච්ච ගොවිබිම් වලට ගොවීන්ට රක්ෂණයෙන් දීපු කෝටි 14ක් එදා මේ අයගේම නම්වලට ගිණූමක් විවෘත්ත කරලා සල්ලි ඔක්කොම ගත්තා. ඒ අපරාධය මහින්ද මහත්තයට කිව්වට වැඩක් වූයේ නැත. ඔක්කොම එකයි.