IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගම හදන සැලැස්ම ඇත්තේ එජාපයටයි - අගමැති

(මොහොමඩ් ආසික්)
එක්සත් ජාතික පක්ෂට බනින අයටත් පක්ෂය විවේචනය කරන අයටයි ගම හදන්න කිසිම සැලැස්මක් නොමැති බවත් ගම හදන සැලසුම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.


එළඹෙන පෙබරවාරි මස 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවේ  අකුරණ පූජාපිටිය සහ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්  ප්‍රවර්ධනය කිරීම සඳහා අකුරණ නගරයේ දී අද 28 වනදා සවස පැවැති ජන හමුවක් අමතමින් අගමැති රනිල් වික්‍රම සිංහ මහතා එසේ කීය.


මෙහිදී  තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ,


 මේ වන විට ඇතැම් පිරිස් එජාපයට බනිමින් සහ විචේචනය කරමින් සිටියත් බනින අයට සැලසුම් නැති බවත් විවේචනය කරන අයට සල්ලි නැති බවත් බැන බැන සිටීම හැර වෙන කිසිවක කළ නොහැකි බවත්ය.  2020  වෙකම්  අපේ ආණ්ඩුවක් තියෙනවා. අපට සැලසුම් තියෙනවා ඒ වගේම  අපිට සල්ලි තියෙනවා යැයිද කී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගම දියුණ කරන්න එජාපයට හැකියාව ඇති  බවද කීය.


හුඟක් අය  කතා කරන්නේ බැදුම්කරය ගැන බවත් බැදුම්කර  කොමිසමේ වාර්තාව ගැන කතා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වහම මම එවෙලේම කැඳෙව්වා.ඒ්  ගොල්ල ඇවිත් හූ කියලා ගියා. ආපහු මේ කොමිසම් වාර්තා දෙකම සාකච්ඡා කරන්න ඕන කිව්වා . පාර්ලිමේන්තුව රැස්වෙන්නේ 19 වනදා  ඊට ඉස්සර රැස් කරන්න පුළුවන් මට අගමැති හැටියට. කතානායක තුමා මට සිදුරාදා ලියුමක්  එව්වා අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුව කැඳවන්න කියල තියෙනවා කියලා එතුමා කියල එවල තිබුණා කැමතිනම්  මේක කරල දෙන්න කියලා .මම  එදා හැන්දෑවෙම කිව්වා අට වනදාට පාර්ලිමේන්තුව කැඳවනව කියලා දැන් කැඳවලා තියෙනවා අපට හංගන්න කිසිම දෙයක් නෑ. පාපිස්ස යන දාන්න දේවල් නෑ.අපි විවෘතව වැඩ කරන්නේ  යැයිද අගමැති රනිල්  වික්‍රමසිංහ  මහතා   මෙහිදී කිය.

 



අදහස් (6)

ගම හදන සැලැස්ම ඇත්තේ එජාපයටයි - අගමැති

indika Monday, 29 January 2018 07:01 AM

සැලැස්ම ඇති බව කියකියා ඉන්නේ නැතිව වැඩේ කරා නම් රට්ටු ඔබ සමගයි.

:       4       66

Bamunuarachchi Monday, 29 January 2018 10:17 AM

ගම නම් දෙන්න එපා බැංකුව අරගෙන කලදේ දැක්කනේ....

:       52       26

RaveendraMonday, 29 January 2018 03:44 PM

නෑ නෑ ඔය එන්නේ ග්‍රාමීය බැංකුවට හතර ගාතේ වැටෙන්න දෙන්නයි. මොකද දැන් කඩන්න බැංකු ඉතුරුවෙලා නැහැනේ ලංකාවේ.

:       44       53

sudesh Monday, 29 January 2018 10:35 AM

හරියට හරි... දැන් හදගැස්ම අැති. මොකද මහ බැංකුවටත් ගහපු නිසා තමන්ට ලැබෙන මහජන ඡන්ද ප්‍රමාණයට, බයට හද ගැහෙනවා ඇති. මට නම් මතක නැහැ.. රනිල් පරාදය ලබන්නේ කී වැනි පාරටද කියලා..

:       21       65

සෙනෙවි Monday, 29 January 2018 11:11 AM

ඔව් ඔව්.. මේක ඉතින් ගම කන්න හදන සැලැස්ම තමයි.

:       0       23

kalani Tuesday, 06 March 2018 10:07 AM

අවුරුදු හැත්තෑවකට පස්සේ මතක් වුන එක ගැන අපේ සතුට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site