IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය එකක්

(බිඟුන් මේනක ගමගේ) 

ආර්ථිකය ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ දශක අටකට වඩා පැරණි හණමිටි ප්‍රතිපත්තියක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද (22) පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථිකය ගොඩනැගීමට යෝජනා කරන්නේ රාජ්‍ය අංශයට මුල්තැන් දීම යැයි ද එය යල්පැන ගිය උපක්‍රමයක් යැයි වික්‍රමරත්න මහතා කීය.

අතීතයේදී ලංකාවට පසුපසින් සිටි වියට්නාමය, කොරියාව වැනි රාජ්‍ය ලංකාව පසුකර ගියේ රාජ්‍ය අංශය මගින් ආර්ථිකය නැංවීමේ ප්‍රතිපත්තියක ලංකාව සිර වී සිටි නිසා යැයි මුදල් රාජ්‍ය ඇමැතිවරයා චෝදනා කළේය.

ජාතික ආරක්ෂාව හා ආහාර ආරක්ෂාව රජය යටතේ තබා ගනිමින් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය නගාසිටුවීමට කටයුතු කිරීම එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්තිය යැයි ද ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර කීය.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ ජාතික මට්ටමින් කළ ජනමත සමීක්ෂණවලදී මේ කාරණා ගැන ජනතාව දැක් වූ අදහස් වලින් ද සිය පක්ෂ ප්‍රතිපත්ති නිවැරදි බව තහවුරු වී යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

පරිගණක හා ස්මාට් දුරකතන ඇසුරෙහි උපන් නව පරම්පරාවේ චින්තනය ගැන වර්තමානයේ රට පාලනය කරන කණ්ඩායම්වලට ලොකු අවබෝධයක් නැතැයි කී හෙතෙම ඔවුන් ඉදිරි ජාතික මැතිවරණ වලදී රටේ පාලනයත් පක්ෂවල නායකත්වයත් නව පරපුරට බාර කරනු ඇතැයි ද කීය.

මෙම පරිවර්තනය මඟහැරයාමට කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි වනු ඇතැයි ද ඊට ගැලපෙන ලෙස පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රීකරණයට සියලුම දේශපාලන පක්ෂවලට සිදුවනු ඇතැයි ද වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය එකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site