IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කලින් ආණ්ඩුව රට හාල් ගෙන්වා කෝටි 1500ක් නැති කළා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එල්බෝඩ් නැති පලපුරුදු ආණ්ඩු රටින් හාල් ගෙන්වීමේ මගඩි වලින්  රුපියල් කෝටි 1500කට වඩා  රටට අහිමි කර තිබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා 358 ක් තිබෙනවා.අද මේ ගබඩා වලින් ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නේ යම් ප්‍රමාණයක් පමණයි.අප ආණ්ඩුව බාරගන්නා විට රජයේ ගබඩා වල වී තිබුණේ නැහැ.මේ යල කන්නයේ ආණ්ඩුව නාඩු වී ඇටයක්වත් ගත්තේ නැහැ. කලින් ගත්ත වී ප්‍රමාණයක් තිබුණා. පසුගිය ආණ්ඩුව එකසිය තිහක පිරිවැයක් දරා ගත්ත වී රුපියල් අසූවට වික්කා.එලෙස විකිණූයේ රුපියල් පනහක් රටට පාඩු කරමින්.අපි ආණ්ඩුව බාරගන්නා විට රජය සතුව වී ඇටයක්වත් නෑ.අපිට මුහුණ දෙන්නට සිදුවූයේ මෙන්න මේ ප්‍රශ්නයටයි.අකමැත්තෙන් වුවත් අපට පිටරටින් හාල් ගේන්නට සිදුවූයේ මේ නිසයි" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.



අදහස් (15)

කලින් ආණ්ඩුව රට හාල් ගෙන්වා කෝටි 1500ක් නැති කළා

Prasanna Wednesday, 04 December 2024 05:16 PM

තවත් ඔය?පච කීම නවත්වන්න..

:       54       152

janahitha uaeThursday, 05 December 2024 09:02 AM

පච වෙන්න බැහැ වංචා දූෂණ නිසා අප වස්තුබන්ගයට පත් වෙලා ගත් ණය ගෙවාගන්න බැරිව ඉන්නවා . හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද,ඔහේ ළඟදී ගමේ ගියේ නැතෙයි

:       34       11

janabala asamagiThursday, 05 December 2024 09:03 AM

එහෙමනම් නැවත පොහොට්ටුව බලයට ගේන්න

:       25       15

jimmyThursday, 05 December 2024 10:38 AM

රනිල්ගේ පස්සෙම තමයි

:       5       18

චන්දිම Wednesday, 04 December 2024 05:45 PM

ඉස්සරහට වී ගබඩා කර ගන්න කියලා වී අලෙවි මණ්ඩලයේ තියෙන ගබඩා ගැන නම් දැනට විශ්වාසය තියන් ඉන්නේ ටිකක් ප්‍රවේශම් වෙන්න වේවි. වී අලෙවි මණ්ඩලය සතුව තියෙන්නේ ආදී කාලේ තාක්ෂණයට හදපු බොහෝම ප්‍රාථමික තත්වේ ගබඩා. ඒවායේ මාස හයකට වඩා වී තියා ගන්න පුළුවන් වේවි කියලා හිතන්න බැහැ. වී හරි නම් නියමිත පරිදි තෙතමනය අඩු කරලා මාස 6 කට වඩා ගබඩා කළොත් විතරයි සහල් වී ඇටය තුළ නිසි පරිදි මෝරලා ගුණාත්මයෙන් යුතු සහල් නිපදවන්න පුළුවන් වෙන්නේ. OL විතරක් සමත් වෙච්චි පුද්ගලික මහා මෝල් හිමියන් නව තාක්ෂණයෙන් යුතු නවීන ලෝහමය ගබඩා සංකීර්ණ හදාගෙන වී ගබඩා කරගෙන සහල් ඒකාධිකාරිය කරගෙන යද්දී මහලොකු උපාධි තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ වී මණ්ඩලයේ උගතුන්ට බැරි වුණා ඒ විදියේ නවීන ගබඩා එකක්වත් හදා ගන්න. හැමදාම කලේ පරණ ගබඩා වල වී ටිකක් ගෝනිවලට පටවලා ගොඩ ගහගෙන නිකම් බොරුවක් කරගෙන ඉන්න විතරයි. ඒකනේ ඩඩ්ලි සිරිසේන කිව්වේ මොවුන් මහා හොරු රැලක් කියලා...

:       0       22

Bandara Wednesday, 04 December 2024 06:23 PM

දැන් තටමන විදියට රනිල් ආපහු ගේන්න වෙයි වගේ...

:       3       57

Bandara Wednesday, 04 December 2024 06:25 PM

මෙච්චර බලයක් දීලත් දැන් තටමන විදියට රනිල් ආපහු ගේන්න වෙයි වගේ...

:       2       53

අමා Wednesday, 04 December 2024 07:39 PM

ඔහෙලාම නේද කිව්වේ? ආණ්ඩුවට වී දෙන්න එපා කියලා...

:       0       48

Toni Wednesday, 04 December 2024 10:22 PM

පච කීම සංසාර පුරුද්දක් වෙලා තියෙන්නේ...!

:       1       47

Wanasinha Thursday, 05 December 2024 05:44 AM

නටන්න බැරි මනුස්සයාට පොළව ඇදයි...

:       1       44

Nishan Thursday, 05 December 2024 06:20 AM

එහෙනම් මෙහේ කන්න නැතුව මිනිස්සු මැරෙන්න අරින්න. ඩොලර් අච්චර ආවා, මෙච්චර ආවා කියනවා, ආපු දවසේ ඉඳන් බිලියන් ගනන් ණය ගන්නේ. ඒත් මිනිස්සුන්ට කන්න හාල් ටිකක් ගෙනත් දෙන්නේ නැති නරුම ආණ්ඩුවක් මේක.

:       2       52

Lakmal Thursday, 05 December 2024 07:15 AM

කලින් ආණ්ඩු කරපු කියපු දේ තවත් කියවන්න අවශ්‍ය නෑ. අලුත් කරන්නයි අපි ඡන්දෙ දුන්නේ.

:       1       51

ranjith Friday, 06 December 2024 02:54 PM

මහත්තයෝ කළින් ආණ්ඩුවල වැරැදි කියලාම වැඩක් නැහැ... ඒවට වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් ඔය පරණ තැටියම කරලා වැඩක් නෑනේ... ඔය වැරැදි කරපු අයට දඬුවම් දීලා ඒවා ගැන කියන්න.

:       1       33

nanada Friday, 06 December 2024 02:55 PM

මෙහෙම ගියොත් 2015 ඡන්දෙන් පස්සේ පළාත් සභාවලට වුණා වගේ කණපිට පෙරළෙන්න පුළුවන්.

:       0       24

chandra Thursday, 12 December 2024 12:19 PM

මෙයා කිව්වොත් බොරු පචයක්ම තමයි

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 262 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 942 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1191 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 356 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1120 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site