IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න

 

(පොලොන්නරුව - ක.ග. කරුණාරත්න)

පිබිදෙමු පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක කෙරෙන පොලොන්නරුව නගර සංවර්ධන ව්‍යාපෘතියට අයත් කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම සකස් කොට කි‍්‍රයාත්මක කෙරෙන තෙක් ඒ වෙනුවෙන් දැනට පවරාගෙන තිබෙන ගොවීන්ගේ කුඹුරු ඉඩම් නැවතත් එම ගොවි ජනතාවට වගා කිරීම සඳහා දෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් අඟහරුවාදා (18) පෙරවරුවේ පැවැති පොලොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු විශේෂ රැස්වීමෙන් අනතුරුව කදුරුවෙල නගර සංවර්ධන ව්‍යාපෘතිය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් පසුවයි.

 නාගරික සංවර්ධන අධිකාරිය විසින් යෝජිත නගර සංවර්ධන සැලැස්ම සඳහා මෙම කුඹුරු ඉඩම් පවරාගෙන ඇත්තේ පොලොන්නරුව - මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ දැනට මෛතී‍්‍රපාල සිරිසේන මාවත නමින් හැඳින්වෙන මඟ දෙපසිනි.

එම ප‍්‍රධාන මාර්ගය මං තීරු හතරක් දක්වා පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

නගර සංවර්ධනය සඳහා පවරා ගෙන ඇති පෞද්ගලික කුඹුරු ඉඩම් ප‍්‍රමාණය අක්කර 46කි. එම කුඹුරු ප‍්‍රමාණයෙන් අක්කර 9ක් පමණ මේ වනවිට පස් පුරවා තිබේ. ඉතිරි අක්කර 37ක කුඹුරු ඉඩම් මෙම නගර සංවර්ධන සැලැස්ම සකස් කර කි‍්‍රයාත්මක කරන තෙක් ඒවායේ හිමිකරුවන්ට වගා කිරීම සඳහා ලබාදෙන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

මේ අතර පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රධාන බස්  නැවතුම්පොළ දැනට පිහිටා තිබෙන භූමි භාගයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු සඳහා මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට පිබිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ කර තිබෙන යෝජනාවක් ද ජනාධිපති මෛතී‍්‍රපාල  සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂේප කොට තිබේ.

ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවෙන සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙසට ජනාධිපතිවරයා එහිදී ද අවධාරණය කොට ඇත.



අදහස් (1)

කදුරුවෙල නගර සංවර්ධන සැලැස්ම ක‍්‍රියාවට නගනතෙක් පවරාගත් කුඹුරු යළි ගොවීන්ට දෙන්න

maj Friday, 21 April 2017 05:10 PM

පොලොන්නරුවත් කුණුගොඩක් කරන්නයි හදන්නේ, දැනටමත් පාර දෙපැත්තේ කුබුරු ගොඩ කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site