IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කුණු කළමනාකරණයට රට ගිය නිලධාරින් ගැන වාර්තාවක් දෙන්න

ජනපතිගෙන් පරිසර අධිකාරියට නියෝග

කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 5 තුළ විදේශ ගතවූ නිලධාරීන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට ඊයේ (25) නියෝග කළේය.

මේ අතර කුණු කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැලසුම් ඉදිරිපත් කරන්නැයිද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර සියලූ පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන්නැයිද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න

ප‍්‍රදේශවල කසළ කළමණාකරණය විධිමත් කිරීම පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදීය.

මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබාගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස තුනක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. තාවකාලික නිවාස ලබාගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලූ මගහරවා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.

නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වනවිට පාලනයට යටත්කර තිබෙන බවත් ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළැඹෙන බවත්ය.

 

 

 

 

 

 

 

 

 

 

කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිරි කාලයේදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉදිරියේදී කසළ කඳු නිර්මාණය වීමට කිසිදු ඉඩක් නොතබන බවද නිලධාරීහු ජනාධිපතිවරයාට සහතික වූහ. මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක, සජිත් පේ‍්‍රමදාස, ෆයිසර් මුස්තාෆා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරුද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ත‍්‍රිවිධ හමුදාපතිවරුන් පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (2)

කුණු කළමනාකරණයට රට ගිය නිලධාරින් ගැන වාර්තාවක් දෙන්න

sajith Wednesday, 26 April 2017 01:12 PM

මෙන්න යහපාලනය

:       0       0

kalpa Thursday, 27 April 2017 01:26 AM

මෙවැනි පුහුණු වැඩමුළු සදහා රටගියාම ආපසු පැමිණි වහාම පුහුණුවේ ප්‍රගතිය ගැන වාර්තාවක් ලබාගන්නා ක්‍රමයක් ඇතිකල යුතු අතර ඉදිරියේදී පුහුණුවට අනුව ක්‍රියාත්මක සැලැස්මක්ද සකස්කරවා ගතයුතුයි. එසේම ක්‍රියාත්මක සැලැස්මට අනුව ප්‍රගතියක් නොමැතිනම් පුහුණුවට වැයකළ මුදල් අයකරන ක්‍රමයක්ද ඇතිකළ යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site