(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
මම දැන් ඉන්නේ කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක . අපි උඩුගන්බලා පීනන්න ඇවිත් ඉන්නේ. එහෙම හිටියේ නැත්නම් මට ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ගේන්න හිටියේ. ඉදිරියේදි ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ජනමාධ්‍ය පීඨයක් ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආරම්භ කරනවා .
ප්‍රබුද්ධ පුවත්පත් කලාව ගිහින්. ඕපාදූප ගොසිප් ජනමාධ්‍ය පුවත්පත් කලාවක් රටේ අද තිබෙන්නේ. දේශපාලකයන් , පරිපාලන නිලධාරීන් ඕපාදූප පුවත්පත් කලාවේ බයිට් එකට පත්වෙලා .
ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීමේදි මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. එම නිසා මාධ්‍ය පරිස්සමෙන් හසුරුවන්න ඕන. ජාතික සංහිඳියාව රටේ ඇති කිරීම සදහා වත්මන් ජනාධිපතිවරයා විශාල කාර්ය බාර්යක් කරනවා යැයි
ප්‍රවාහන , සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (16)බදුල්ලේ හෙරිටේජ්හෝටලයේදී අද (16) දී පැවසීය .
ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව ස්ථාපිත කිරීම සදහා ජනමාධ්‍යවේදීන් සතු කාර්ය බාරය සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුලුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ කීය .
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සංවිධානය කළ මෙම වැඩමුළුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කර තිබිණ .
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය .
ඌව පලාතේ , බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහල ,දෙමළ ,මුස්ලිම් , මැලේ වැනි ජාතීන් රැසක් සමගියෙන් ජීවත්වෙනවා .නූතන දේශපාලන සංස්කෘතිය සමඟ ජාතිවාදය ,ආගම්වාදය අප ප්‍රදේශ වලත් ඇව්ලිගෙන යනවා .මැතිවරණයක් එනවිට සංහිඳියාවක් නෑ.ජාතික දේශපාලන පක්ෂ වලට වඩා අද කුඩා පක්ෂ බලවත් වෙලා .ජාතිය ,ආගම පදනම් කරගත් දේශපාලන දර්ශනයක් එහි තිබෙන්නේ .එදා එජාපය , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හදන විට ජාති,ආගම් පක්ෂ බේද කිසිවක් තිබුනේ නැහැ .ජාතික සංහිඳියාව කෙසේවෙතත් මේක කෑලි,කෑලි වලට කැඩෙන තත්ත්වයට අද පත් වෙලා ගිහින්.
ප්‍රධාන දේශපාලන පක්ෂ අද අනික් දේශපාලන පක්ෂ වල සිරකරුවන් වෙලා .ජාතික සංහිඳියාව දැන් කොහේද. රටේ තිබෙන මූලික ප්‍රශ්නය අපි තේරුම් ගන්න ඕන .ඇමරිකාව , ජර්මනිය වැනි රටවල් ඇවිත් අපට සංහිඳියාව උගන්වනවා .
නමුත් ඒ රටවල් වල තත්ත්වය මොකක්ද .අපි මේ රටෙන්ම ඒ සදහා විසදුමක් ගන්න ඕන .අද ජනමාධ්‍යවේදීන්ගේ කාර්ය බාරය ජනමාධ්‍ය ආයතන වලින් සිදුවනවාද කියන එක අපට ප්‍රශ්නයක්
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොක්කෙන් එල්ලුනු ආණ්ඩුවක අපි ඉන්නේ
Saman herath Sunday, 17 December 2017 02:37 AM
මේ නිව්ස් එකේ කොපියක් බාගත කර ගන්නේ කොහොමද?
BamunuarachchiMonday, 18 December 2017 01:31 PM
ඔක්කොම සිලෙක්ට් කරන්න කොපි කරන්න මයික්‍රොසොෆ්ට් වර්ඩ්ස් ඕපන් කර පේස්ට් කෙරන්න. මොකක්ද ප්‍රශ්නය?
Bamunuarachchi Monday, 18 December 2017 01:32 PM
අපි ඔය ගොල්ලන්ව හවදාහරි කොක්කේ එල්ලනවා.