IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එ.ජා.ප අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට ශ්‍රී.ල.නි.ප සහය දෙන්නේ නෑ

(ඩයනා උදයංගනී)
         
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඔහුට සහය දෙන්නේ නැතැයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
         

ඒ සදහා රනිල් වික‍්‍රමසිංහ, කරු ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස යන කවරෙක් ඉදිරිපත් වුවත් සහය දීමේ හැකියාව ශ්‍රී.ල.නි.පයට නොමැති බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී ගත යුත්තේ පාක්‍ෂිකයින් කැමති තීන්දුවක් බව ද  සදහන් කළේය.
 
එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු සතුරා පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලදී දෙපාර්ශවයම නම්‍යශීලීව කටයුතු කරමින් ඒකරාශී විය යුතු බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
 
දෙපාර්ශවය අතර සාකච්ඡාවල අවසන් ප‍්‍රතිඵලය රටේ ජනතාවට සතුටුදායක එකක් බවට පත්කරගැනීමේ වගකීම දෙපාර්ශවයටම තිබෙන බව ද හෙතෙම සදහන්  කළේය .
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජවීමේ හැකියාව නොමැති වුවත් එය නොමැතිව රජුන් තැනීමේ ශක්තියක් වෙනත් කිසිම පක්‍ෂයකට නැතැයි ද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද(2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
එක්සත්  ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පොදුජන පෙරමුණ හා පවත්වන සාකච්ඡාවලදී ශ්‍රී.ල.නි.ප අනන්‍යතාවය ආරක්‍ෂා වන ආකාරයේ තීන්දුවකට එළඹීමට නොහැකි වුවහොත් වෙනම ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුවන බවයි.

ශ්‍රී.ල.නි.පයේ අරමුණ ජනාධිපතිවරණයේදී පුද්ගලයකු නොව වැඩපිළිවෙලක් ජයග‍්‍රහණය කරවීම බව කී අමරවීර මහතා පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්ඡාසාර්ථක කරගැනීම සදහා තම පක්‍ෂය සැමවිටම සුබවාදීව ක‍්‍රියා කර තිබෙන බව ද කීවේය.
 
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සදහාද එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස වෙනම තරග කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සදහන් කළේය.



අදහස් (0)

එ.ජා.ප අපේක්ෂකයා කවුරු වුවත් ඔහුට ශ්‍රී.ල.නි.ප සහය දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site