IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


එජාපය දෙකඩ කළ සජිත්ට රට දෙකඩකිරීම කජ්ජක් නෙවෙයි

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාව හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානතාවක් තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවරදී පෙරේදා (21) පැවැසීය.

මෙරට පැරැණිතම දේශපාලන පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ කළ සජිත් ප්‍රේමදාස මහතා රට දෙකඩ කිරීමට කිසිසේත්ම පැකිළෙන්නේ නැතැයි ද ඔහු කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ට සහාය පළකරමින් මහනුවර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජන හමු කිහිපයකට එක්වෙමින්  හෙතෙම මේ බව සඳහන් කළේය.

මහනුවර තෙල්දෙණිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය, කුණ්ඩසාලේ, උඩුදුම්බර, පූජාපිටිය ප්‍රදේශවල මෙම ජන හමු පැවැත්විණි.
එහිදී අගමැතිවරයා මෙසේ ද පැවැසීය.

“සජිත් ප්‍රේමදාස මහත්තයා හැමවිටම තමන්ගේ පියාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න ජනතාවගේ මතය ඉල්ලා සිටිනවා. ප්‍රේමදාස යුගයේදී මහනුවර සමහර ගම් සමූල ඝාතනයට ලක්කළා. අඩුම තරමේ බල්ලෙක් බළලෙක්වත් ඉතුරු කළේ නැහැ. ඒ භීෂණය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ කාලේ මුළු රටෙන්ම හැටදහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ඝාතනය වුණා.

1988 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 22ක් ඝාතනය වුණා. මහනුවර මහවත්තේ ගමේ ඝාතනය වූ පුද්ගලයන් 157 දෙනාගෙන් 129 දෙනෙක්ම ඝාතනය කළේ ප්‍රේමදාස ආණ්ඩුවයි. ඉන් පුද්ගලයන් 28 දෙනෙක් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණයි.

ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව, රන්දෙණිගල, අස්ගිරිය පොලිස් නිල නිවාස, අංකුඹුර කුණ්ඩසාලේ, කටුගස්තොට තෙල්වත්ත ඇතුළු ප්‍රදේශ ගණනාවක වධකාගාර පවත්වාගෙන ගියා. විටින් විට වෙඩි තියලා පේරාදෙණිය පාලමෙන් මහවැලි ගඟට ඇදල දැමූ තරුණයන් ගණන 200කට වැඩියි.

කඩුගන්නාව නගරයේ ඝාතනය කර පුළුස්සා දැමූ වයස අවුරුදු 14, 15 අතරේ දැරියකගේ භෂ්මාවශේෂ පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා ඒ පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු කළා. එදා තිබුණු ආණ්ඩුව භෂ්මාවශේෂ පාර්ලිමේන්තුවට ගෙනාවේ කොහොම ද කියලා හෙව්වා මිස දැරිය මැරුවේ කවුද කියලා හෙව්වේ නැහැ.

ඒ භීෂණකාරී යුගයත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයත් විනාශ කරලයි මෙතෙන්ට අාවේ. මේ රටේ නොතිබුණ සංවර්ධනයක් 2015 වසර වනවිට අපි ගෙනාවා. සිහිනයක් වෙලා තිබුණ වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග අපි හැදුවා. කොතනක වරායක් හැදුවත් ඒක මුළු රටටම අයිතියි. උපනූපන් පරම්පරාවට අයිති ඒ ජාතික සම්පත් යහපාලන ආණ්ඩුව විකුණල දැම්මා. මමත්, ජනාධිපතිවරයාත් ඉන්දියාව එක්ක කතා කරලා වරායත්, ගුවන්තොටුපළත් බේරගත්තා.

එක්සත් ජාතික පක්‍ෂය බලය ඉල්ලන්නේ මේ රටේ ජාතික සම්පත් විකුණා දමන්නයි. පික්පොකට්කාරයා පසුම්බියට ගහලා ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් කිය කියා එයත් දුවනවා. යහපාලන ආණ්ඩුවත් හරියට පික්පොකට්කාරයෙක් වගෙයි. අද එක්සත් ජාතික පක්‍ෂය දෙකඩ වෙලා. 1946 අවුරුද්දේ හදපු ලංකාවේ පැරැණිතම දේශපාලන පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්‍ෂය නැවත රෙපයාර් කරන්න බැරි තරමටම කැඩිලා. මීට පෙරත් එක්සත් ජාතික පක්‍ෂය කැඩුණා. නමුත් සජිත් ප්‍රේමදාස කැඩුව වගේ කැඩුවේ නැහැ.

අපේ මූලික අරමුණ සිරිකොත පක්‍ෂ මූලස්ථානය අල්ලන එකයි කියල සජිත්ගෙ පැත්තේ කෙනෙක් කියනවා මම අහගෙන හිටියා. පක්‍ෂ මූලස්ථානයක් අල්ලන්න මහ මැතිවරණයකදී ඡන්දය දෙන්නෙ මොකටද? ඒ නිසා ඒ අයට සිරිකොත අල්ලගන්න දීලා රට ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මම එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට කියනවා. මහ මැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් දෙන්න. එතකොට කාගෙවත් අතකොළුවක් නොවී රට පාලනය කරන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවිය හැකියි” යැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු අපේක්ෂකයන් කිහිපදෙනෙක් ද එහිදී අදහස් දැක්වූහ.

(***නාලක සංජීව දහනායක, ***ජේ.ඒ.එල්. ජයසිංහ, ***හාරිස්පත්තුව - මොහොමඩ් ආසික්, ***පූජාපිටිය - අමිල දොලපිහිල්ල)



අදහස් (0)

එජාපය දෙකඩ කළ සජිත්ට රට දෙකඩකිරීම කජ්ජක් නෙවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1471 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site