IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


එජාපය පිරිසිදු කරන්න ලොන්ඩ්‍රියක දමාවත් බෑ - ඇමති අමරවීර

(රන්න චන්ද්‍රසේන ගමගේ)


එක්සත් ජාතික පක්ෂය ලොන්ඩ්‍රියක දමාවත් පිරිසිදු කළ නොහැකි පක්ෂයක් බවට පත්ව තිබෙන බවත් මෑතකදී ජනාධිපති තුමාගේ අතට පත් වූ ජනාධිපති කොම්ෂන් සභා වාර්තා දෙකෙන් එක්සත් ජාකි පක්ෂයේ හා ගිය ආණ්ඩුවේ හිටිය හොරු කවුද යන්න රටට හෙලි දරුව් වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (27) දින අගුණකොලපෑලැස්සේ පැවති ජන හමුවකදී පැවසීය.


බැදුම්කර ජනාධිපති කොම්ෂන් සභා වාර්තාවේ පැහැදිලි ලෙසම සදහන් වෙනවා මහ බැංකුවේ මුල්‍ය වංචාවක් සිදු වි ඇති බව. ඊට පැහැදිලිවම එක්සත් ජාතික  පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ගේ නම් ගෑවී තිබෙනවා.ඒ බැංකු හොරකමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් භාර ගත යුතු වෙනවා. ඒ වගේම අල්ලස් හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙනුත් පසු ගිය ආණ්ඩුවේ 33 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ බොහෝ අය අර ‘‘මළ බද්දයේ‘‘ සාමාජිකයන් බවට පත් වී ඇති අයයි.අපිට ඒ අය චෝදනා කළාට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙ ඉන්නවා කියල සෑබෑවටම එක්සත් ජාති පක්ෂය සමග ඩීල් දමාගෙන ඉන්නේ ඔය මළ බද්දයේ අය බව රටම දන්නවා.


මහින්ද රාජපක්ෂ මහතා ඡන්දයෙන් පැරදුනු ගමන් ඒ පරාදයට වැඩි පුරම වග කිව යුතු බැසිල් රාජපක්ෂ තම සහෝදරයටත් නොකියා ඇමරිකාවට පැන්නා . එහාට පැනලා පරාජයේ වගකීම එයා බාර ගන්නවා කිවුවා. එහෙම කියපු හාදයා ආපහු පක්ෂයක් හදා ගෙන ආණ්ඩුව ගන්න හදනවා.මහින්ද රාජපක්ෂ මහත්තයා එදා ජනාධිපතිවරණයෙන් පැරදුනේ ඔය සහෝදරයො ටික හා ජේෂ්ඨ පුත්‍රයා නිසා බව අපි පැහැදිලිවම කියනවා.



අදහස් (7)

එජාපය පිරිසිදු කරන්න ලොන්ඩ්‍රියක දමාවත් බෑ - ඇමති අමරවීර

Rohana Saturday, 27 January 2018 03:30 PM

ඇමතිතුමනි, 2020 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ සහය අවශ්‍යයි. තනිකර එක්සත් ජාතික පක්ෂයට ද ජයගන්න නොහැකිය. භේද ඇතිවන සේ කතා කිරීමෙන් වැලකීම හොඳයි.

:       20       2

Chandra Sunday, 28 January 2018 05:39 AM

ඔබලා අවුරුදු ගානක් රජ කරලා , ඒ වකවානුවේදී මොකද කලේ පිරිසිදු වැඩද ? අවංක පුද්ගලයින් දුෂිත වැඩ දැක දැක කොහොමද එහෙම හිටියේ . දැන් අලුතෙන් ඉපදිලා වගේ කතා කරන්නේ පරණ යුගයට යන්න . 2015 මේ පෙලගැස්ම ඇතිව ඇත්තේ තමන්ගේ අයිතීන් ගැන, නිදහස ගැන.

:       0       0

BamunuarachchiSunday, 28 January 2018 01:38 PM

ඔය කතා කරන්නේ බැංකු කොල්ලකන නිදහසද? සිංහලයාගේ ඉඩම් විජාතිකයින්ට හිරිකිතයක් නැතුව පවරා දීමේ නිදහසද? රටේ දේපල විජාතිකයින්ට විකිණීමේ නිදහසද? ඔයටික රටේ ජනතාවට ඕනේ විදිහට වෙන්නේ නැතිනම් මොකක්ද හලෝ 2015 මේ පෙලගැස්ම ඇතිව ඇත්තේ තමන්ගේ අයිතීන් ගැන, නිදහස ගැන කියන්නේ? සටන් පාඨ කීවාට තේරුම ගැන දන්නේ නැහැ නේද? ඔහෙලා වගේ අයගෙන් ඡන්දය ගන්න එ් ගොල්ලො කීව සටන් පාඨ එ් ගොල්ලෝම දැන් අතහැරලා බොහොම කල්.

:       0       10

BamunuarachchiSunday, 28 January 2018 01:41 PM

අඩුම ගානේ මේ ආණ්ඩුව මේ අවුරුදු 3ක් රටට කල දෙයක් කියන්න..

:       0       7

Di s landarous Sunday, 28 January 2018 09:48 AM

ගිය ආණ්ඩුවේ හිටියේ බුලත් දීලා නැතුවද? අර කතාවක් තියෙනවනේ ගුරා හිටගෙන මොකක්ද කරනකොට ගෝලයෝ දුවදුව ඒක කරනවා කියලා...

:       0       0

Bamunuarachchi Sunday, 28 January 2018 11:47 AM

අර හවා සහ නරියාගේ කතාවේ වගේ ජොබ් එක රෙදි නැන්දාට බාර දෙමුද? එයා කකුල් දෙකෙන් අල්ලා ගලේ ගසා විසිකරාවි මොකද ඔයගොල්ලොත් එක්ක ඉඳලා ඒ ගොල්ලොත් හත්පොලේ ගාගෙනයි ඉන්නේ...

:       0       9

Liyanage Wednesday, 07 March 2018 03:21 AM

ඔබ තුමා ඉන්නේ මොකටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site