IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’

(ඩී.කේ.රත්න)
 
ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තමන්ට ‘ලෙඩ දාන විට’ ‘රැකියා දෙක තුනක් දීලා ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීලා ෂේප් කරගන්නවා’ යැයි ඌව පළාත් මහ ඇමැතිවරයා ප්‍ර‍සිද්ධ රැස්වීමකදී කර ඇති ප්‍ර‍කාශය තමන් තරයේ හෙළා දකින බවත් ඌව පළාත් සභා මන්ත්‍රී චමින්ද තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.
 
පසුගියදා අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ දී ඌව පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් සිදුකර ඇති බව ලංකාදීප පුවත්පතේ පළවූ ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් ඉකුත්දා බදුල්ලේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ තිස්සකුට්ටිආච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. 
 
“දැන් අපට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් කියන්නත් ලැජ්ජයි. මහ ඇමැතිට නම් කොහොමත් ලැජ්ජාවක් නෑ. ඒත් උගත් බුද්ධිමත් මන්ත්‍රීවරු ගණනාවක් මේ සභාවේ ඉන්නවා. ඒ සියළු දෙනාට නිග්‍ර‍හයක් මහ ඇමැතිවරයා කර තිබෙන්නේ.  තමන්ට ලෙඩ දාන මන්ත්‍රීවරුන්ට රැකියා දෙක තුනක් දීල - ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීල ෂේප් කරගන්න. 
                                                                                                                                 
දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කඩුව අතට ගන්න ඕනෑ. මේක එෆ් සී අයි ඩී යන්න ඕන ප්‍ර‍ශ්නයක්. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සිල් රෙදි බෙදුවා කියා හිටපු ජනාධිපති ලේකම්වරයාව හිරේ දාන්න පුළුවන් නම් රැකියා අල්ලස් දීම, කොමිස් ගහන්න කොන්ත්‍රාත් අල්ලස් දීම බරපතල වරදක්. 


මළ ගෙදරක් වුණාම චාමර සම්පත් දසනායක මහ ඇමැතිවරයා යනවලු මනාප එකතු කරන්න. මෝචරිය ළඟ කොල්ලෙක් දාල ඉන්නවලු. මරණයක් වුණු ගමන් දුරකතනයෙන් දන්වන්න. චාමර සම්පත් මහ ඇමැතිතුමෝ දැන්වත් ඔය විලි ලැජ්ජ නැති දේශපාලනේ නවත්තන්න.
 
  



අදහස් (0)

’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site