IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළ දකිනවා’

(නිමල කොඩිතුවක්කු)

ඇමරිකානු විරෝධයක් මවාපාමින්  බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වූ ජනතාවට පහරදීමෙන්ම වත්මන් ආන්ඩුවේ ඇමරිකානු ගති බාවය පෙන්නුම් කරන බව  වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමිර පෙරේරා  මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුවේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි, මර්දනකාරි වැඩපිළිවෙළ දැඩිව හෙළා දකින බවද ඔහු  සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද(10* පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව  පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිර පෙරේරා  මහතා මෙසේද කීය :

   ‘‘ලිප්ටන් වටරවුම සහ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට එල්ල කල ම්ලේච්ච ප‍්‍රහාරය සමගි ජනබල වේගය විදියට අපි දැඩි ලෙස හෙලා දකිනවා. කාන්තාවන් අදගෙන ගිහින් දාන විදිය  අපි දැක්කා. කාන්තාවන්ට ඒ විදියට සලකන්න බැහැ. මේක මානව විරෝධී තිරිසන් ප‍්‍රහාරයක්.

ආන්ඩුව පක්ෂ මේ රටේ ජනතාවටද ඇමරිකාවටද කියලා මේ ප‍්‍රහාරයෙන් අපි දැක්කා. රට ඇමරිකාවට විකුණනවා, රට බෙදනවා, රට ඇමරිකන් කොලනියක් වෙනවා කිය කිය ඇමරිකන් විරෝධයක් මවාපාමින් තමයි මේ ආන්ඩුව බලයට පත්වුනේ. එහෙම බලයට පත් වූ ආණ්ඩුව ඇමරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට ජනතාව රැුස්වුනහම පහරදීලා දර පටවනවා වගේ මිනිස්සු උස්සගෙන පටවන් ගියා.

මේක තමයි මේ ආණ්ඩුවේ ඇත්ත සභාවය. ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ තමන්ට විරුද්ධ ක`දවුරු මර්ධනය කිරිමටයි. ඇමරිකාවට හෙම්බිරිස්සාවක් හැදුනුත් කිබුහුම් යන්නේ අද අපේ ආණ්්ඩුවටයි.  මේක පුදුම ඇමරිකානු ගැති ආණ්ඩුවක්.

දැන් මේ ආණ්ඩුව එම්. සී. සී. ගිවිසුමත් හොර රහසේ අත්සන් කරන්න සූදානම් වෙනවා. දැනට මෙහෙමනම් එම්. සී. සි ගිවිසුම ගේනකොට විරෝධය පළකලොත් කොහොම සලකයිද  කියලා ජනතාව අවබෝධ කරගත යුතුයි.

නිරෝධායන නීතිය ආරක්ෂා කරන මේ ආන්ඩුව තොන්ඩමන්ගේ අවමගුල් උත්සවයට මීටරයතක් තියා සෙන්ටිමිටරයක් බැලූවේ නැහැ. විරුද්ධ පක්ෂයට ගහන්න තියෙන ඝට ආන්ඩුවෙ අයට ගහන්න පොලිසියට නැහැ.
ආණ්ඩුව මැතිවරණයට කලින්  මේ විදියට නිරෝධායන නීති යොදා ගනිමින් විරුද්ධවාදීන් මර්ධනය කරනවනම් මැතිවරණයෙන් පස්සේ කොහොම මර්ධනයක් ගෙනයාවිද කියලා අපිට තේරුම් ගන්න පුලූවන්.

ආණ්ඩුවේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී මර්ධන වැඩපිලිවලට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සිවිල් නිදහස ආරක්ෂා කරගන්න තියෙන අවසන් අවස්තාව උදාවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් සමගි ජනබලවේගය ජයග‍්‍රහනය කරවන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.



අදහස් (1)

’ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළ දකිනවා’

අබිලින් Thursday, 11 June 2020 12:53 AM

කවුරුත් තමාගේ එවුන්ට කරදරයක් කරන්න කවුරු හෝ සූදානම් වෙනවා නම් එය වැළැක්වීමට කටයුතු කරනවා තමයි. ඇයි ඔබ දන්නේ නැද්ද ලංකාවේ ආර්ථිකය දැනට පාලනය කරන්නේත් ඇමරිකන් පුරවැසියෙක් කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site