IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇතුළේ හිටියත් එළියේ හිටියත් ‘හොරා‘ හොරාමයි

(රොමේෂ් මධුෂංඛ)

ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු වූ පරිදි දූෂණ වංචා ගැන සෙවීමට විශේෂ අධිකරණයක් මෙතෙක් පිහිටුවා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
 
“අපේ ස්ථාවරය අනුව හොරා ඇතුළෙ හිටියත් පිට හිටියත් හොරා හොරාමයි.හොරාට දඩුවම් දිය යුතුයි.නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රමාදනම් ඒවා කඩිනම් කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි.විශේෂ අධිකරණයක් පිහිටුවීමට ටිකක් කල් යනවනම් ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඒක සංකීර්ණනම් අඩුම ගානේ වෙනම අධිකරණයක් පිහිටුවගන්න පුළුවන්“


මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් වවුනියා මහමයිලන්කුලම් ග්‍රාමයේ සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලියේ ආරම්භක අවස්ථාවට අද(13) සහභාගී වෙමිනි.
 
“මහබැංකු බැඳුම්කර ප්‍රශ්නෙ ගත්තත් මේ ජනාධිපති කොමිෂමෙන් වාර්තාවක් ඉදිරිපත් කරනවා.ඒ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට බාරදෙනවා.නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපහු නඩු දානවා.ඉතින් මේ ටික ඉවරවෙන කොට මේ ආණ්ඩුවේ ආයු කාලයත් ඉවරයි.ඒ නිසයි මේ ආණ්ඩු කාලෙත් මහබැංකු බැදුම්කරේ චූදිතයින්ට දඩුවම් ලැබෙයි කියල විශ්වාසයක් නැත්තේ.“

“ඒව කඩිනම් කරන්න නම් වෙනම අධිකරණයක් වහාම පිහිටුවිය යුතුයි.ඒ කාර්යයත් අධිකරණ ඇමතිවරයාගෙ කරපිටින් තියල හරි යන්නෙ නැහැ.කැබිනට් මණ්ඩලයට සහ ජනාධිපතිවරයාට පුළුවන් වහාම තීන්දුවක් අරගෙන අධිකරණ සේවා කොමිෂම හරහා ශක්තිමත් කරන්න.ඒක නොකර දැන් එක ඇමතිවරයකුට විතරක් චෝදනා කරල වැඩක් නැහැ. ආණඩුවට ඕනම තීරණයක් ගන්න පුලුවන් “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.




අදහස් (5)

ඇතුළේ හිටියත් එළියේ හිටියත් ‘හොරා‘ හොරාමයි

raveendra Sunday, 13 August 2017 08:29 AM

උන්නැහේගේ අදහස නිවැරදියි. කොහේ හිටියත් හොරා හොරාමය. රතු හොරාද, කොළ හොරාද, නිල් හොරාද අපට වැදගත් නැත.

:       0       3

naween Sunday, 13 August 2017 08:46 AM

බීමතින් රිය පදවා අහු වුණාට පස්සේ තමන් ලඟින් අරක්කු ගඳක් ආවේ බීපු මිනිහෙක් ඇවිල්ල බදා ගත්තා කියපු අයටත් දඬුවමක් ලැබුණේ නෑනේ.

:       3       2

raveendraSunday, 13 August 2017 10:17 AM

ඔබගේ අදහස ඉතා කාලෝචිතය. අපි හැමෝම හිතන්නේ අපි හරි... අනෙකා සම්පුර්ණයෙන්ම වැරදිය යන මෝඩ නිවට නියාය. මේ උන්නහේලාත් හැමවිටම හිතන්නෙත් අපි හරි නොවැ. ඔහෙලගෙ කියුම් කෙරුම් අපට හොඳට මතකය. කෙසේවෙතත් අප හොඳ දේට හොඳ කියමු ඒ රතු අයියලාද, කොළ චුටි මල්ලිලාද, නිල් තොත්ත බබාලාද අපට කොහෙත්ම අදාල නැත.

:       0       5

Nandalal DE SILVA - France Sunday, 13 August 2017 10:22 AM

ආණ්ඩුව යන මේ උදාසීන භාවය නිසා ඒකාබද්ධ විපක්ෂය දිනෙන් දින ප්‍රබල වෙන බව රජයට නොපෙනීම පුදුමයි. මීළඟ මැතිවරණ වලදී රට ඒකාබද්ධ විපක්ෂයට, රන් තැටියක් මත තබා භාර දීමටද, අඟේ ඉඳන් කන, කන හොරු රංචු බලාපොරොත්තු වන්නේ? ජනපතිතුමනි, අගමැතිතුමනි කාලය වේගයෙන් ඉගිලී යනවා. නමුත් හොරු නිදැල්ලේ, සුවෙන් සැපෙන් වැජඹෙනවා....

:       0       7

සමන්ත Monday, 14 August 2017 05:41 AM

ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලෙ ගෙවල් වලට පැනල වී ගෝනි මංකොල්ල කෑවෙ.ඇස් පනාපිට අපේ ගෙදරින් අරන් ගියා තුවක්කු පෙන්නල.ලංකාවෙ මිනිස්සුන්ට කිසි දෙයක් මතක නෑ.මෙයාල කොහොමද ශුද්ධ වන්තයො වෙන්නෙ.ඉතිහාසය නොදන්න අපේ නව පරපුරට මෙයාලගෙ පැටිකිරිය හෙලිකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site