IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට ඉදිරියට ගෙන යනවා

(නිමල කොඩිතුවක්කු)

ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අවධානය යොමු කරමින් රට ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් මත තිබෙන සීමා ඉවත් කිරීම මගින් ආර්ථික ප‍්‍රතිලාභ ඉපයීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මේ බව පැවසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවති සී. නාරායනස්වාමි මහතා විසින් රචිත Managing Deveiopment People, Policies and Institutions කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අද (29) පස්වරුවේ එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙසේද කීය.

          ‘‘හැමෝම මේ විෂය ක්ෂේත්‍ර ගැන කතා කළා. මට කියන්න දෙයක් නැහැ. පාලිත එහෙම නැතිනම් අධිකාරියකින් කි‍්‍රයාත්මක වුණු ආර්ථිකය,  වෙළෙඳපොළ ආර්ථික බවට පත් වුණා. චීනය 1977 වසරේදී පසුපසට යමින් තිබූ ආර්ථිකයක් බව මතක් කරන්න  ඕනේ.

එහෙත් අද චීනය කොතැනද ඉන්නේ. චීනය මේ වෙනස්කම් ආරම්භ කළේ 79 අවුරුද්දේ වගේ. අපි ඒ කාලයේ චීනයට ගියා. අද වියට්නාමය කොතැනද ඉන්නේ. මේ දේවල් ගැන අපි බලන්න  ඕනේ.

මේ රටවල් සමාජ සංවර්ධනය කැප කරලා ආර්ථික සංවර්ධනය කළේ නැහැ. ඒ රටවල් ආර්ථිකය වගේම සමාජ සංවර්ධනයත් කළා. ඒ දෙකම සමබරව පවත්වාගෙන ගියා. විශේෂයෙන්ම චීනය සහ වියට්නාමය.

අපි පිළිතුරු සෙවිය යුතු ප‍්‍රධාන ප‍්‍රශ්නයක් හා කරුණක් වන්නේ එයයි. අපි විතරක් නෙමෙයි ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් සියල්ලම මේ ගැන විමසා බලන්න  ඕනේ. මේ ප‍්‍රශ්නයට අපි පිළිතුරු හොයන්න  ඕනේ.

අපේ රාජ්‍ය කළමනාකරණ ව්‍යුහය අනෙක් රටවල් මුහුණ දෙන අභියෝගවලට සමානව මුහුණ නොදුන්නේ ඇයි කියන ප‍්‍රශ්නය අපි අපෙන් අහන්න  ඕනේ. ඒ රටවල එක් පක්ෂ ක‍්‍රමයක් තිබුණු නිසා ද ? නැතිනම් ඔවුන්ට අපට වඩා විනයක් තිබෙන නිසා ද ? මේ ප‍්‍රශ්න අපි අහන්න  ඕනේ.

චීනය දිහා බලන්න. චීනයේ පරිපාලන වගේම දේශපාලන ආකෘතියක් ව්‍යුහයක් තිබෙනවා.

පසුගිය වසර කිහිපයේදී අපි සමාජ ක්ෂේත‍්‍රයේ විශාල ආයෝජන රැසක් කර තිබෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල ආයෝජන රැසක් කර තිබෙනවා. 

1 වසරේ සිට 13 වසර දක්ව පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වාදීම යනාදි බොහෝ දේ අපි කර තිබෙනවා. අපි ග‍්‍රාමීය මට්ටමින් භෞතික දියුණුව අත්පත් කරගෙන තිබෙනවා. ගොඩනැගිලි ඉදි කර තිබෙනවා. යටිතල පහසුකම් ඇති කර තිබෙනවා.

අපි දැන් ආර්ථික ප‍්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරන්න  ඕනේ. ඉදිරි වසර පහක කාලයේදී අපි ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගැන බලන්න  ඕනේ.

අපනයන ආර්ථිකයක් වෙන්නේ කොහොමද ? අපේ වෙළෙඳපොළ මොනවාද කියලා බලන්න ඕනේ. අපි විශේෂඥයන් ඉදිරියට යන්නේ මොන ක්ෂේත‍්‍රවලින් ද කියලා බලන්න  ඕනේ. අපිට හැමදේම කරන්න බැහැ. තෝරාගැනීම් කරගෙන ඉදිරියට යන්න  ඕනේ. ආර්ථික ප‍්‍රතිසංස්කරණ කරන්න  ඕනේ.

ඒ වගේම පෞද්ගලික අංශයේ පුරප්පාඩු තිබෙන්නේ ඇයි ? ඒවා පිරෙන්නේ නැත්තේ ඇයි මේ වගේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. රැකියා වෙළෙඳපොළේ තිබෙන නොගැලපීම හඳුනාගන්න  ඕනේ. රැකියා පුහුණුව ආදිය ගැන බලන්න  ඕනේ.

ඒ වගේම ණය ගෙවන ගමන් ආර්ථිකය ස්ථාවර කරන්න තිබෙනවා. අපි උපයාගෙන ණය ගෙවන්න  ඕනේ. ආර්ථිකය ස්ථාවර කරන්න අවුරුදු තුන හතරක් යනවා. දැන් අපි සල්ලි හොයන්න  ඕනේ. ණය ගෙවන්න  ඕනේ. ඒ වගේම ඉස්සරහට යන්නත්  ඕනේ.

ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ ලබන්න නම් ආර්ථික කටයුතුවලට විතරක් නෙමෙයි රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් මත තිබෙන සීමා ඉවත් කරන්න  ඕනේ. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්නත්  ඕනේ’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට ඉදිරියට ගෙන යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site