IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘‘ආර්ථිකය දියුණු කරන හැටි හැකිනම් කියන්න‘‘

(රංජන් කස්තුරි)

රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන වැඩ පිළිවෙල රටට හෙළි කරන්නැයි අභියෝග කරන බව තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ( එජාප ) ජාතික සංවිධායක කෝසල ජී. මුණසිංහ මහතා  පවසයි.

අද රට පත්ව ඇති තත්වයෙන් ආර්ථිකය ගොඩනැගීම සඳහා මේ රටේ සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවද වෙනත් කිසිදු නායකයකුට වර්තමානයේ පවතින ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවද  මුණ සිංහ මහතා කීවේය.

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ කරන ඉල්ලීමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය පිළිබඳ අවබෝධය හා වැඩපිළිවෙළ පැහැදිලි වන්නේයැයිද මුණසිංහ මහතා කීවේය.

රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීමට නම් දැනට සියයට 18 මට්ටමේ තිබෙන වැට් බද්ද සියයට 22 දක්වාවත් ඉහළ නැංවිය යුතු බවද මුණ සිංහ මහතා කීවේය.

 

 



අදහස් (0)

‘‘ආර්ථිකය දියුණු කරන හැටි හැකිනම් කියන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2498 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site