IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ආණ්ඩුව තුනෙන් දෙකක් ගන්නා බව කියන්නේ එජාපයයි‘‘

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුව ඉක්මණින් මැතිවරණය පැවැත්වීමට වෙර දරන්නේ මැති සබේ තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට යැයි එජාපයේ බොහෝ දෙනා කියන කතාවෙන් පෙනී යන්නේ මැතිවරණය පැවැත්වුව හොත් පොදු පෙරමුණට තුනෙන් දෙකේ බලය ලැබෙන බවට ඔවුන් තුළ ඇති පිළිගැනීම යැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

සමානුපාතික ක‍්‍රමය හඳුන්වාදුන් දවසේ සිට මේ දක්වා කිසිඳු පක්ෂයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබානොගත් බවත් ඉදිරි මැතිවරණයේ දී පොදු පෙරමුණ තුනෙන් දෙකක් ගන්නා බව පොදු පෙරමුණට සතුරු එජාපය සහතික කර කියන බවත් ගම්මන්පිල මහතා කීය.

19 වන සංශෝධනයෙන් ජනපති ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු නොකළේ නම් 2020 වනතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වන අතර සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා බවත් කී ගම්මන්පිල මහතා එසේ වූයේ නම් කොරෝනා රෝගය ලංකාවට ඇවිත් බව තමන් දැන ගත්තේ පත්තරෙන් යැයි ජනාධිපතිවරයා කියනු අසන්නට සිදුවනු ඇතැයි පැවසීය.

19 සංශෝධනය නොවුනේ නම් කොරෝනා පැතිරෙද්දී මට කරන්න දෙන්නේ නැතැයි අගමැති කියන අතර සෞඛ්‍ය ඇමති වෛද්‍යවරු සමඟ රණ්ඩු වෙමින් සිටිනු ඇතැයි ද  මට බලතල නැතැයි හමුදාපති කියනු ඇතැයි ද එසේ වී නම් මේ වනවිට කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාවෙන් ඇමරිකාව පරදන්නට ලංකාවට හැකි වනු ඇති බවත් මෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ධූරකාලය වසරකින් අඩුකිරීමේ හේතුවෙන් ලොව ජනාධිපතිවරුන් දෙදෙනෙකු අමාරුවේ වැටුණේ යැයි කී ගම්මන්පිල මහතා වසරකට කලින් සමුගන්න ලැබීමෙන් මෛත‍්‍රිපාල ජනාධිපතිවරයා අමාරුවේ වැටුණු අතර ලෝකයේ වැඩිම කොරෝනා මරණ සිදුවූ රට ලංකාව වීමට තිබුණු අවස්ථාව අහිමිවී එය තමන් ගේ හිස මත වැටීමෙන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අමාරුවේ වැටුනේ යැයි ද පැවසීය.

කොරෝනා වසංගතය කිසිදිනක සම්පූර්ණයෙන්ම අවසන් නොවන බැවින් එය පවතිද්දී ජනජීවිතය පවත්වාගෙන යායුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන අතර කොරෝනා සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු මැතිවරණ තියන්නැයි එජාපයත් ජවිපෙත් කියන කතාවේ අරුත කිසිදිනක මැතිවරණ පවත්වන්නට එපා කියන එක දැයි ඔහු ප‍්‍රශ්න කළේය.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවක දීය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා ආණ්ඩුව මොන දේ කළත් ජනතාව ඒවා පිළිපැද්දේ නැත්නම් මේ රෝගයෙන් වැළැකිය නොහැකිවනු ඇතැයි ද කොරෝනා ජය ගැනීම රටක් ලෙෂ එක මිටට ගත් ජයක් යැයි ද පැවැසීය.

ශ්‍රී ලංකාව භාවිතා කළ ක්‍රමවේදය වූයේ රෝගය පැතිරෙන්නට පෙර රෝගීන් හඹායෑම බවත් වියට්නාමයේ ද එම ක‍්‍රමය අනුගමනය කළ බවත් කී ඔහු එය සාර්ථක බවත් බටහිර රටවල් අනුගමනය කළ පරික්ෂණ පුළුල් කීරීම අසාර්ථක ක‍්‍රමයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා කියා සිටියේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය බත් වන බැවින් සහල් සමඟ සෙල්ලම් කරන්නට කවුරුන් හෝ තැත්ත කරන්නේ නම් ඔවුන් මේ රටේ ජනතාවගේ බඩගින්න සමඟ සෙල්ලම් කරන බව අමතක නොකල යුතු යැයි ද කීය.

මානුෂීයව කටයුතු කරන්නට සහල් මෝල් හිමියන් සුදානම් නැත්නම් ඒ සහල් වර්ගය වර්ජනය කරන්නට ජනතාව තීරණය කළොත් සහල් මෝල් හිමියන්ට කුමක් සිදුවන්නේ දැයි විමසූ ඔහු මෝල් හිමියන් නිසා ජනතාව කනවා නොව ජනතාව නිසා තමන් කාබී ජීවත්වන බව සහල් මෝල් හිමියන් වටහා ගතයුතු යැයි ද කීය.

මෙම මාධ්‍ය හුමවට පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර නියොජ්‍ය ජාතික සංවිධායක හසපාල කෝරලගේ යන මහත්වරුන් ද සහභාගි වූහ.

 

 

 



අදහස් (5)

‘‘ආණ්ඩුව තුනෙන් දෙකක් ගන්නා බව කියන්නේ එජාපයයි‘‘

ජයන්ත Tuesday, 26 May 2020 02:24 PM

මැතිවරණ ජයග්‍රහණය තුනෙන් දෙක නොව, හයෙන් පහක් වේදැයි දෙගිඩියාවෙනුයි ඔවුන් පසු වන්නේ...

:       4       0

Rata Perata Wednesday, 27 May 2020 06:31 AM

කරුණාකරලා වෙන කෙනෙක් ගැන ලියන්න බලනවද? පුද්ගලික වාසියම බලන්න එපා, වැදගත් කෙනෙක්ගෙන්, ජාතික වැදගත් කමක් ඇති දේවල් ලියනවා නම් හොඳයි...

:       0       0

sam Wednesday, 27 May 2020 07:27 AM

එජාපයේ අය සැමවිටම කියන්නේ බොරු, ඒවා විශ්වාස කරන්න එපා කියලා ඔබතුමාම නේද කිව්වේ?

:       0       0

srisena Wednesday, 27 May 2020 08:54 AM

තාම ඔහේගේ ඔලුවේ අමාරු ගතිය හොඳ වෙලා නැහැ වගේ නේද? මිනිස්සු කබලෙන් ලිපට වැටිලා ඉද්දි මෙයාලා 2/3 ගැන කතා කරනවා. අද අපි මේ විඳවන්නේ නිල්, කොළ, රතු ඇතුළු සියලු දෙනා රට වෙනුවෙන් කරපුවගේ ප්‍රතිඵල තමයි. කිසිඳු දේශපාලන පක්ෂයකට මේ රට හදන්න පුලුවන්ද? බැරිද? කියන එක දැන් ජනතාවට තේරෙනවා... 1977 වන විට අපි ණය නැති, රටේ යම් නිෂ්පාදනයක් හිමි, යම් ශිෂ්ට සම්පන්න, තරමක් දියුණු රටක්... අද ණය ගෙවාගන්න අමාරු, කුඩු, කසිප්පු, වංචාව සුලබ බවක් පෙන රටක් වෙලා... මේ රට හදන්න පුළුවන් ජනතාවට. අපි අපේ වගකීම රට වෙනුවෙන් කරන්න බලමු. ඔයාලට පුළුවන් නම් ඔක්කොම එකතුවෙලා සමගියෙන් ඉන්න බලන්න. කිසිදු පාලකයකුට දොස්කීමෙන් රට දියුණු වන්නේ නැත...

:       0       0

Chandana Wednesday, 27 May 2020 02:54 PM

මේ වගේ අයටත් ඡන්දෙ දෙනවනේ... ඒකනේ උම්බෑ කියන්නේ නිතරම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site