(*** අංජුල මහික වීරරත්න)
‘‘අසහනයෙන් පීඩනයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු පාලනය වෙනුවට මනුස්සකම රජයන හිතක් පපුවක් ඇති පාලනයක් බිහි කරන බව’’ සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (7)පැවසී ය.
වර්තමානයේ දී බිහි වී ඇත්තේ ජනතාවගේ බලාපොරොත්තු සමග සෙල්ලම් කරන පාලනයකැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.
ඇතුල් කෝට්ටේ සමගි ජන බලවේගය කාර්යාලයේ පැවැති මාධ්‍ය. හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
‘‘අද වන විට අපේ රටේ ලක්ෂ ගණනින් ජනතාව ජීවත් වෙන්න මගක් නැතිව දුක් විඳිනවා. පීඩනය ඉහ වහා ගිය ජීවිත ගත කරනවා. එදා වේලවත් කන්න නැතිව සුසුම් හෙළනවා.
දරු පවුල් ජීවත් කරවන්න නොහැකිව අප්‍රමාණ දුක් විඳිනවා. මුදල් අතේ නැහැ. රැකියා නැහැ. ස්වයං රැකියාවක්වත් කරගන්න විදිහක් නැහැ. ජීවන වියදම අහස උසට නැගලා. කර්මාන්ත ශාලාවල සේවය කරන සේවක සේවිකාවන්ට වේතන නැහැ. දුප්පත්කම අහස උසට නැගලා.
නාගරික සහ ග්‍රාමීය අසහනය එන්න එන්නම උත්සන්න වෙලා. මේ වෙලාවේ ආණ්ඩුවේ වගකීම වැටිලා ඉන්න ජනතාව ගොඩ ගැනීමයි. ඔවුන්ගේ ජන ජීවිත සුරක්ෂිත කරන එකයි. මානසික පීඩනයෙන් මුදවාගෙන ජීවිත ආරක්ෂා කරන එකයි. හරි නම් ආණ්ඩුව සල්ලි කුට්ටි ගොඩගහ ගන්න හිස් මහා පරිමාණ ව්‍යාපෘතිවල යෙදෙනවා වෙනුවට රටේ තිබෙන සීමිත රාජ්‍ය අරමුදල් ජන දුක නිවන්න යොදන්න ඕන.
ජනතාවගේ බලාපොරොත්තුව මනුස්සකම රජයන යුගයක්. හිතක් පපුවක් ඇති පාලනයක්. දුක නිවන පාලනයක්. සුරක්ෂිත පාලනයක්. ඒත් ලැබී තිබෙන පාලනය කුමක්ද? ජනතාවගේ දුක නොහිතන, ජනතාවගේ බලාපොරොත්තු එක්ක සෙල්ලං කරන පාලනයක් අද බිහි වෙලා. ජනතාව මහ පාරට ඇද වැටෙන යුගය නිර්මාණය වෙලා.
ඒ වෙනුවට හිතක් පපුවක් ඇති පාලනයක් වෙනුවෙන් අප ඇප කැප වෙනවා. ඒ වෙනුවෙන් අප රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. ජනතාව දුක් වින්දා ඇති.
අසහනයෙන්, පීඩනයෙන්, අපේක්ෂා භංගත්වයෙන් කලකිරීමට පත් වෙනවා වෙනුවට ඔබේ ජන ජීවිතය ශක්තිමත් කරන්න, ජනතා හිතැති පොදු ජන සේවාවට ඇප කැප වූ පාලනයක් වෙනුවෙන් කැපවෙමු. ඊට නායකත්වය දෙන්න සූදානම් යයිද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අසහනයට - පීඩනයට තිත තියනවා
Bamunuarachchi Monday, 08 June 2020 01:09 PM
‘‘අසහනයෙන් පීඩනයෙන් හා අපේක්ෂා භංගත්වයෙන් පිරුණු පාලනය වෙනුවට මනුස්සකම රජයන හිතක් පපුවක් ඇති පාලනයක් බිහි කරන බව’’ දවල්ද ?
nimalMonday, 08 June 2020 01:47 PM
නැත. මේ හඳෙන් හාල් ගෙනත් දෙනවා වගේ කතාවක් කියන්නේ...