(බිඟුන් මේනක ගමගේ)
පැවැති රජයේ හිටපු ඇමැතිවරුන්ගේ සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැර ගනුදෙනුවල තොරතුරු ඇතුළත් රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සත්‍යයෙන් තොර යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පැවසීය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය තනිකරම ගේම් එකක් යැයි ද එක්සත් ජාතික පක්ෂය නව රජය සමඟ ඩීල් දමන බවට ජනතාවට ඒත්තු ගැන්වීමේ වුවමනාවෙන් කරන ලද එකක් යැයි ද කාරියවසම් මහතා චෝදනා කළේය.
සිදුවන ඇතැම් දේවල් කුමන්ත්‍රණ යැයි එක්සත් ජාතික පක්ෂයේම අඳබාල පිරිස් ද චෝදනා කර තිබෙනු තමා දුටුවේ යැයි කී හෙතෙම සිය පහත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැගීමට එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කරගැනීම කනගාටුවට කරුණක් බව අවධාරණය කර කීය.
‘ලංකාදීප’ සඳුදා හමුව දේශපාලන සාකච්ඡාවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කාරියවසම් මහතා මේ බව කීය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ ද කීය.
“ඔය ෆයිල් කතාවම ගේම් එකක්නෙ. පැහැදිලවම පේනවා මේ පටලවන්නයි හදන්නේ කියලා. යූ.එන්.පී එක ඩීල් එකක් දාන්න හදනවා කියලා පටලන්නනේ එයාලට ඕනෑ. මේ හැම දෙයක්ම එජාපයේ කුමන්ත්‍රණ යැයි අපෙත් සමහර අඳබාලයෝ කියලා තිබෙනවා මම දැක්කා. තමන්ගේ පහත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නගන්න සමහරු එජාපයට චෝදනා කරනවා.”
“ඔය වගේ දේවල් නෙවෙයි. ඇත්තටම ගත්තොත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බොහෝ දෙනා සිරගත විය යුතු අයයි. අපි ඒ සිදුවීම් නීතියට බාරදුන්නා විනා මේ වගේ අතගැසීම් කළේ නෑනෙ. හොරු මංකොල්ලකාරයෝ ඔක්කොම අපේ කාලයේ බේරිලා ගියා කියලයි මටත් හිතෙන්නේ.
විවිධ ආකාරවලට ඒවා බේරාගත්තා කියලත් අපට පේනවා. පොලිස් දෙපාර්තමේන්තුව, එෆ්.සී.අයි.ඩී, අධිකරණය වෙන්න පුළුවන්. අපි කොච්චර නිදහස දී තිබුණත් ඒවා හරියාකාරව ක්‍රියාත්මක වුණාද කියලා ජනතාවගෙන් අහන්න අපි කැමැතියි. ”
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘අරලියගහ මන්දිරේ ෆයිල් කතාවම ගේම් එකක්’
ප්‍රියන්ත Sunday, 22 December 2019 02:38 PM
එතුමා කොහොමත් ෆයිල් පෙන්නලා ඇමතිවරු බයකරගෙන ඉන්න දක්ෂයා කියලා හැමෝම දන්නවා.
lalithm Monday, 23 December 2019 03:32 AM
මොනවා කිව්වත් වැඩක් නැහැ. ඔය තොත්ත බබත් 2015 ජයග්‍රහණය විනාශ කල රොත්තේ මුලටම ඉන්න කෙනෙක්. ආයිමත් ඡන්දෙ ඉල්ලන්න නම් එපා. අපිට පව් ඔයාලට ඡන්දෙ දුන්නට.