IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අනුරාගමනයෙන් දින දහයකට පසු


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අලු‍ත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්විය. ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 12,09,277ක් ගනිමින් අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට තේරී පත් විය. අනුර කුමාර දිසානායක මනාප ඡන්ද සහිතව 57,40,179ක් ලබා ගැනීමට සමත් විය. ඔහු ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 42.316 ක් විය.ප්‍රතිවාදී අපේක්ෂක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මනාප ඡන්ද සහිතව 4,530,902ක් ගනිමින් දෙවැනි ස්ථානයට පත් විය. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 32.76කි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ධුරයට පත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී  23 වැනිදා පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ජනපති ලෙස දිවුරුම් දුන් අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන, අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමියන් බැහැ දැක උන්වහන්සේලාගේ ආශීර්වාද ලැබීය.

24 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම සිදු කරන ලදී. නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කිරීම ද  පෙරවරුවේ සිදු කරන ලදී. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය නව රජයේ අගමැති ලෙස වූවාය. ඇය මෙරට තුන්වැනි අගමැතිනිය වේ. 

ජනපති ධුරයේ දිවුරුම් දෙමින්...


පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද කැබිනට් මණ්ඩලයට පත් කෙරෙන අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත විය. එහි විශේෂත්වය වෙන්නේ ලොව කුඩාම කැබිනට මණ්ඩලය මෙය වීමයි. ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එයාර් වයිස් මාර්ෂල්, සම්පත් තුයිය ​ෙකාන්තා ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, රවී සෙනෙවිරත්න ද ජනාධිපති අනුර දිසානායක  විසින් පත් කරනු ලැබීය. 

වෛද්‍ය නජිත් ඉන්දික ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබීය. නව රජයේ අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු 15 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරනු ලැබූහ. මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ජී. පී. සපුතන්ත්‍රී ද කැබිනට් ලේකම් ලෙස ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු ද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදහ. ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු එම අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනා මෙසේය.

කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර - ලේකම් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් සේවා අමාත්‍යාංශය, කේ. එම්. එම්. සිරිවර්ධන - ලේකම් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය,  අරුණි විජේවර්ධන - ලේකම් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජේ. එම්. ටී. ජයසුන්දර - ලේකම් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය, කේ. මහේසන්- කාන්තා, ළමා හා තරුණ අමාත්‍යාංශය ලේකම්, එම්. එම්. නයිමුදින් - ලේකම් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය. ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, ලේකම් ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය. පාලිත ගුණරත්න මහීපාල, ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශය - ඩබ්ලිව්. පී. පී. යසරත්න  - ලේකම් අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ලේකම් පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ, කෘෂිකර්ම, ඉඩම්, පශු වාරිමාර්ග, ධීවර හා ලේකම් සම්පත්, ජලජ සම්පත් අමාත්‍යාංශය, එච්. එස්.එස්. තුයියකොන්තා ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය, ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න, ලේකම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය,  රංජිත් ආරියරත්න, ලේකම් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය. මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල - ලේකම් බලශක්ති අමාත්‍යාංශය. 

ඡායාරූපය : සුමුදු හේවාපතිරණ


තුන්වැනි දිනය එනම් 25 වැනි දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනය ද නිකුත් කරන ලදී. මෙම නිවේදනය අනුව පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන අතර, ඒ සඳහා නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 04-11 අතර සිදුකෙරේ. නව පාර්ලිමේන්තු සභාවාරය කැඳවෙන්නේ නොවැම්බර් මස 21 වැනිදාය. 

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමග එහි සියලු‍ම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුර අහෝසි වී ගියේය. ජනාධිපතිවරයා විසින් මෙසේ විසුරුවා හැරුණේ මෙරට නව වැනි පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්‌ පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක පස්වරුවේ අත්සන් තැබීය. ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්,  ධුරයේ වැඩ බාර ගනිමින් උදෑසන ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

26 වැනි දිනයේදී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් භාවිත කළ සුපිරි වාහන විශාල සංඛ්‍යාවක් කොළඹ ගාලු‍ මුවදොර පිටියේ මේ වෙන විට ගාල් කර තිබුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරු පත්කරනු ලැබූහ. 

හනීෆ් යුසුෆ් - බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙසත්, සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් - පළාත් ආණ්ඩුකාර ලෙසත්, බන්දුල හරිස්චන්ද්‍ර- දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස සහ තිස්ස කුමාරසිරි වර්ණසූරිය- වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පත්වී සිටිති. ඒ සමගම වසන්ත කුමාර විමලසිරි - උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇති අතර නාගලිංගම් චේතනායහන්- උතුර පළාත, ජයන්ත ලාල් රත්නසේකර - නැනෙහිර පළාත, සහ චම්පා ජානකී රාජරත්න - සබරගමුව පළාත සඳහා ආණ්ඩුකාරවරුන් ලෙස පත්වූහ. ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත්වූයේ කපිල ජයසේකර ය. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යන රාජ්‍ය විද්‍යුත් ආයතන සඳහා නව සභාපතිවරු තිදෙනක් පත්කරනු ලැබීය. 

ජනතාව සමග පිළිසඳරක


තරුණ පිරිස සමග

ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මෙම පත්වීම් සිදුකර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති ලෙස ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර, ස්වාධීන රූපවාහිනියේ සභාපති ලෙස ප්‍රියන්ත වෙදමුල්ල සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර යන අය පත්ව සිටිති. 

එමෙන්ම හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.

27 වැනි දින සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල්, වාරිමාර්ග සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලු‍ම රජයේ ආයතන ආවරණය වෙන පරිදි විශේෂ විගණනයක් ආරම්භ කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී සිටි පොලිස් නිලධාරීන්  ඉවත් කරනු ලැබ ඇත. කෙසේ වෙතත් හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාට පොලිස් ආරක්ෂාව දිගටම දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.   

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු‍ පහසුකම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී ඇත. මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනා, ඉන්ධන දීමනාව සහ මුද්දර දීමනාව ඇතුළු සියලු‍ පහසුකම් මේ අනුව අහෝසි වී යනු ඇත. මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳි සිටීමට අවසර ලබාදී ඇත.

28 වැනි දිනයේදී ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සගමය විසින් 25 වැනි වරටත් සවිධානය කෙරුනු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ගියේය.

29 වැනි දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනිඅවි (පිස්තෝල) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවි ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ අවුරුදු 18 අඩු ඔවුන්ගේ දරුවන්ගේ බලපත්‍ර ඉවත් කරන ලදී. 

ඡායාරූපය : සුමුදු හේවාපතිරණ


බිත්තර මිල අඩු කිරීම සිදු විය. බිත්තර කෑම, කොත්තු, රයිස් මිල රුපියල් 40කින් අඩු කර ඇති බව  සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙයට අමතරව බිත්තර රෝල්ස් සහ බිත්තර ආප්ප රුපියල් 20 කින් සහ බිත්තර රොටි රුපියල් 30 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

30 වැනි දිනයේදී ඉන්ධන මිල මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය. ඔක්ටේන් 92  ‌පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින්, ලංකා සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 33කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් පහළ දැමූ බව සංස්ථාව කීය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 311ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 319ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183ක් දක්වා පහළ ගිය බවද එම සංස්ථාව සඳහන් කළේය. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවත් ඒ අනුව ඔක්ටේන් 95ක් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377ක පවතින  ‌බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කළේය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේදී  30 වැනිදා පස්වරුවේ රැස්විය. 

අනුර දිසානායක  ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පැවැත්වුණු පළමු කැබිනට් රැස්වීම ද එය වේ. එම කැබිනට් තීරණය අනුව ඉදිරියේදී අදාළ කමිටුව පත්කර ඒ සඳහා වෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඔක්තෝබර් 1 දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක් පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස විජිත හේරත් පත්කර ඇත.

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 28 සිට රුපියල් 27 දක්වා අඩු කෙරෙනු ඇත.අනෙකුත් බස් ගාස්තු සියයට 4.24 කින් අඩු කරන ලදී. තවද රුපියල් 36කට පැවති ගාස්තුව රුපියල් 35 ක් දක්වාත්, රුපියල් 47 කට පැවති ගාස්තුව 45 ක් දක්වාත්, 58 කට පැවති ගාස්තුව 56 ක් දක්වාත් අඩුකර ඇත. මෙයට අමතරව 69 ක්ව පැවති ගාස්තුව 66 දක්වාත්, 80 කට පැවති ගාස්තුව 77 ක් දක්වාත්, රුපියල් 91 කට පැවති ගාස්තුව 87 ක් දක්වාත්, 94 කට පැවති ගාස්තුව රුපියල් 90ක් දක්වාත්, රුපියල් 102 කට පැවති ගාස්තුව රුපියල් 97 ක් දක්වාත් අඩුකර ඇත. 

මෙම ගාස්තු සංශෝධනය පෞද්ගලික, ශ්‍රී ලංගම සහ අධිවේගී යන සියලු‍ම බස් රථ සේවා සඳහා අදාළ වේ. එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන පත් කර ඇත. ඔක්තෝබර් 2 දිනයේදී ශ්‍රීලංකා මහබැංකුවේ අධිපතිවරුන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කර ඇත. ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වෙන කිසිදු අධිපතිවරයකුට හෝ විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 

රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල පහත ගොස් තිබේ.ඩොලරයේ විකුණුම් මිල බදාදා (2 වැනිදා) දිනයේදී වාර්තා වූයේ රුපියල් 299.35 ක් ලෙසය. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30ක් ලෙස වාර්තා වී තිබිණ. මේ අතර, යුරෝවක විකුණුම් මිල රුපියල් 333 ක් ලෙසත්, ඕස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 208.65 ක් ලෙසත් ඔක්තෝබර් 02 වැනි දිනයේදී වාර්තා වී තිබිණ.

ජනපති පත් වූ මුල් දින දහයේ රට තුළ විවිධ වූ සිදුවීම් රැසක් සිදු විය. දේශපාලන, ආර්ථික ආදී ක්ෂේත්‍ර තුළ ප්‍රබල වෙනස්කම් වලට භාජනය වී ඇත. අනුරාගමනයේ මුල් දින දහය මෙලෙසින් ගෙවී ගියේය.


  • ශෂිකා අබේරත්න

 



අදහස් (0)

අනුරාගමනයෙන් දින දහයකට පසු

ඔබේ අදහස් එවන්න

දේශපාලන

පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 1736 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 2844 9

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 2549 16

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ආණ්ඩු කිරීම විවේචනය තරම් සුන්දර නැති බව අනුරට තේරිලා
2024 නොවැම්බර් මස 03 1600 14

ආණ්ඩු කිරීම විපක්ෂයේ සිට විවේචනය කරන තරම් සුන්දර නැති බව අනුර කුමාර ජනපති ඇතුළු කණ්ඩායමට දැන් වැටහී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්‍රජා


‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘
2024 ඔක්තෝබර් මස 30 7096 19

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 2889 7

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 398 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site