IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අනාගත පරපුර සතු සම්පත්වලට අත තියන්න එපා

(සිටිනාමළුව - අනීෂා මානගේ, රන්න - චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල - ආරියදාස කොඩිතුවක්කු)

“මේ ආණ්ඩුව වරාය, ගුවන්තොටුපොළ විකුණනවාට එරෙහිවන්න ජනතාවට අයිතියක් තියෙනවා. ජේ.ආර්.ගේ, ප්‍රේමදාසගේ කාලෙයේදීවත් විරෝධතා කළාට මන්ත්‍රීවරු අත්අඩංගුවට ගත්තේ නැහැ. අනාගත පරපුර සතු මේ සම්පත්වලට අත තියන්න එපා කියන පණිවිඩය මේ ආණ්ඩුවට දෙනවා” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ ඊයේ (15) තංගල්ල බන්ධනාගාරය අසලදී මාධ්‍ය අමතමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියත් ඔවුන්ගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාත් පැමිණියහ. ඔවුන් මෙලෙස තංගල්ල බන්ධනාගාරයට පැමිණියේ පසුගියදා හම්බන්තොටදී පැවැති විරෝධතාවයෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඞ් භාරයට පත් වූ මන්ත්‍රීවරුන් ඇතුර්‍ළු පිරිසගේ සුවදුක් විමසීමටය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.

“තරුණ මන්ත්‍රීවරු හා වයසක අම්මලා හා පොඩි දරු පැටව් රිමාන්ඞ් කරලා තියෙනවා. සම්පත් විකුණනවාට විරුද්ධව පෙළපාළි ගිහිල්ලා. විරෝධය පාලා. මොනව ද මේ විකුණන්න හදන්නේ? වරාය, ගුවන්තොටුපොළ. මහජනයාට අයිතියක් තියෙනවා මේවාට විරුද්ධව නැගී හිටින්න. ජේ.ආර්.ගේ කාලේ ප්‍රේමදාසගේ කාලේ වගේ කාලවල්වලදී මන්ත්‍රීවරු විරෝධතා පැවැත්වූවා කියලා අත්අඩංගුවට ගත්තේ නැහැ. තමන්ගේ රටේ සම්පත් ටික විකුණනවාට විරුද්ධ වෙන එකට රටේ හැම පුරවැසියකුටම අයිතියක් තියෙනවා. ඒ අය අද රිමාන්ඞ් වෙලා තියෙනවා.

හෙට නඩුව තියෙනවා. මම හිතනවා සාධාරණයක් වෙයි කියලා. ගුවන්තොටුපොළ කිව්වම මුළු ස්පේස් එකම පාලනය කරන්නේ ගුවන්තොටුපොළෙන් අවසානයේදී. ඒක ලොකු ගැටලුවක් වෙනවා අනාගතයේදී. වරාය හදලා චීනයට දුන්නම සමහරු කියනවා චීනෙ උඩින් යන්න බැහැ කියල. ඒක බොරුවක්. ගුවන්තොටුපොළේ අවසරයකින් තොරව එහාට මෙහාට යන්න බැහැ. පොළව විතරක් නෙවෙයි, අහසත් දීලා මේ ආණ්ඩුව.

උතුරේ අයට නීතියක් නැහැනේ. උතුරේ නීතිය උතුරට ඕන විදියට. මෙයාලා ඡන්ද ගන්න බලාගෙන ඕනම දෙයක් කරන්න එයාලට නිදහස දීලා තියෙනවා. මෙහෙට තමයි නිදහස නැත්තේ. මේවා සහගහන අපරාධ. මුස්ලිම් ළමයි හය දෙනෙක් ඉන්නවා. එක ළමයෙක් ඉන්නවා අවුරුදු දාහතයි. ඉස්කෝලේ යන ළමයි තුන් දෙනෙක් ඉන්නවා. අම්ම කෙනෙක් ළමයෙකුට කෑම අරගෙන එනකොට අත්අඩංගුවට අරගෙන. මේ වගේ ඒවයි සිදුවෙලා තියෙන්නේ. සමහරු වැඩට ගිහිල්ලා ගමේ යන්න යනකොට අත්අඩංගුවට අරගෙන. මේකයි තියෙන ප්‍රශ්නය.”



අදහස් (8)

අනාගත පරපුර සතු සම්පත්වලට අත තියන්න එපා

Shan Monday, 16 October 2017 06:17 AM

ඇයි, මන්ත්‍රී කියන්නේ දුලබ සතෙක්ද?

:       34       71

Rohana Monday, 16 October 2017 08:31 AM

දැන් ඉන්නේ මන්ත්‍රීවරු ද? පට්ට හොරු.. කීදෙනෙක් ඉන්නවද? දූෂිත වංචාවලට චෝදනා ලැබූ අය....

:       0       63

rohana Monday, 16 October 2017 09:37 AM

මෙයා කතා කරන්නේ හරියට ස්වාසිලන්තේ ඉඳලා ආපු කෙනෙක් වගෙයි. එයාගේ කාලේ කොහොමද? මහත්තයෝ දන්නේ නැති නිසයි අහන්නේ අර මාගම්පුර පොර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් කාගේ එකක්ද? මේ රටේ මිනිස්සු ඒක ගැන දන්නේ නැහැ. ටිකක් කියලා දුන්නොත් හොඳයි නේද?

:       192       301

sam jay Monday, 16 October 2017 02:52 PM

ලොක්කෝ එ කලේ දැන් ඉවරයි. මොකද මන්ත්‍රී කියන්නේ ජනතා ඡන්දෙන් පත්වෙච්ච අය. නැතුව අලියගෙන් ආපු අය නෙමෙයි. කවුරු වරදක් කලත් දඬුවම එකයි. ඔබ වගේ අය තමයි තමන්ට ඕනෑ හැටියට තමන්ගේ වාසියට නීති හදාගෙන රට අස්ථාවර කලේ. වැරදි කලානම් කට වහගෙන දඬුවම් විඳින්න ලෑස්ති වෙන්න.

:       162       304

chathuri Monday, 16 October 2017 05:25 PM

අප්පච්චි රජකම් කරනකොට රජයේ දේපල පවුලේ සැම බෙදාගෙන කනකොට.... නොදැක්කා වගේ හිටියා. දැන්ද මතක් වුනේ? අපේ රටේ පොඩි දරුවෝ ඉන්නවා කියලා. බොරුවට අඬන්නේ නැතිව ඉන්න. කාපු විදියට මුළු රටම බදු දෙන්න වෙයි. පවුලේ කට්ටිය හොරෙන් ගත්තු ඉඩම් නඩු වලට උසාවි යනකොට ඇයි එළියට ඇවිත් ලතෝනි දෙන්නේ නැත්තේ? ලැජ්ජයි නේද?

:       132       49

Chanak Los angeles Monday, 16 October 2017 06:43 PM

මොහු කියන දේට කන්දෙන්නේ මොවුන්ගේම සුළු පිරිස පමණයි ...

:       31       112

nimal Tuesday, 17 October 2017 01:35 AM

යකෝ ජේ ආර්. ප්‍රේමදාස වගේ කලේද දැන්, ඒ කාලේ ඔහොම පට්ට හොරු හිටියද?

:       7       1

sathyayaa Wednesday, 25 October 2017 12:49 AM

ඔයිට වඩා හොඳයිනේ කිව්වා නම් නාමල් හා යෝශිතලට අයිතිවෙන්න තියෙන දේවල් වලට අත තියන්න එපා කියල කිව්වා නම්. ඉතින් රටේ අනාගත පරපුර කියන්නේ මේ බේබිලා ටනේ.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site