IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘අද ඇතැම් පක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර අරගෙන තියෙනවා’

                                                           
(අනීෂා මානගේ)  
 

                                                           
අද ඇතැම් පක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.


මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (27) වලස්මුල්ල විමල සංඝාවාසයේ  නව ධර්ම ශාලාව හා අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.    


නව ක්‍රමය යටතේ ආරම්භ කරපු ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දාලා දැන් ලැබිල තියෙනවා. පළාත් සභාව කල් දාලා තියෙනවා. ඒක ලැබෙයිද කියන්න බැහැ. ඊට ඉස්සරවෙල් දහනවයයි දහනවය හුඟක් අය විස්සයි විස්ස කියනවා. මේක විස්සයි විස්ස නෙවෙයි. දහනවය ඉවර වෙන්න ඉස්සරවෙලා දෙසැම්බර් 8 වැනි දා වෙන කොට මැතිවරණය තියලා ප්‍රතිඵල නිකුත් කරල තියෙන්න ඕනෑ. ජනාධිපතිවරණයක්.

ජනාධිපතිවරණයක් පළාත් සභාවක් අපි ඉල්ලනවා මහ මැතිවරණයකුත්. අපි ආරම්භ වුණේ අපිට පනස් හතරක් ඉන්නවා. විපක්ෂයේ. විපක්ෂ නායකකම දහසය දෙනාටයි දීලා තියෙන්නේ. මන්ත්‍රීවරු දහසයක් ඉන්න අයට විපකෂ නායකකම දෙනවා. හයක් ඉන්න අයට සංවිධායකකම දෙනවා. මේ ඔක්කොම ආණ්ඩු පක්ෂයේ උදවිය. ආණ්ඩුව පවත්වගෙන යන්න අදටත් උදව් කරනවා. අද සමහර පක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර අරගෙන තියෙනවා. මේ ගැන කල්පනාකාරීව ඉන්න එක අපේ වගකීමක්.


පීඩනවලට ජනතාව තැලෙන ගමන් අනිත් පැත්තෙන් බදුබර පීඩනයත් තියෙනවා. වයස දහඅට වෙච්ච ගමන් බද්ධ ගහන්න පටන් ගන්නවා. ආරම්භ කරනවා විශේෂ තැනක් දීලා ඒ ළමයින්ට 18 අයට ආණ්ඩුවෙන් තෑග්ගක් දුන්නා. ඒක තමයි ආදායම් බදු ෆයිල් එකක් විවෘත කරනවා. චේන් එකක් ගත්තත් ඇඳුමක් ගත්තත් වළල්ලක් ගත්තත් දරුවා වැඩි වියට පත්වුණු වෙලාවට කරාබු දෙකක් ගත්තත් මේ සියලු දේවල් ඔබේ නමට එකතු වෙනවා.

ආදායම එකතු වෙනවා. පස්සේ ඒ සියල්ලටම බද්දක් අය වෙනවා. වක්‍ර බදු අඩු කරනවා කියල ආපු උදවිය සෘජු බදු දානවා කියලා දැන් වක්‍ර බදුයි සෘජු බදුයි දෙකම තියෙනවා. ඒකෙන් ජනතාව පීඩනයට පත්වෙලා. ජනතාවට අද ජීවත්වෙන්න බැරි තත්වයක් උදා වෙලා. තුන්වේල කාපු අය අද එක වේලයි දෙකයි කන්නේ. මෙවැනි තත්වයක් තුළ තමයි කට්ටිය රට තුළ සුන්දර වෙනස්වීමක් ඇති වෙලා කියල කියන්නේ. 



අදහස් (5)

‘අද ඇතැම් පක්ෂ ආණ්ඩුවේ කොන්ත්‍රාත් භාර අරගෙන තියෙනවා’

කුමාර් (ගල්ෆ්) Sunday, 27 May 2018 10:32 AM

දැන් මෙයා කෝටි ගැහිලි ගහන්න කොන්ත්‍රාත් නැතිව බයිලා ගහනවා, අපේ සීයා කියන්නේ ඕකට ගොඩ ඉඳන් නැවු පෙරලනවා කියාලා.

:       120       133

Chanak Los angeles Sunday, 27 May 2018 10:43 AM

පන්සලක කොතක් නිරාවරණය කොරන්න ගියානම් ඊට සුදුසු කතාවක් නේද කල යුත්තේ ? අනේ කාලේ වනේ වාසේ ..

:       2       70

chathuri Sunday, 27 May 2018 11:48 AM

රජවෙලා ඉන්නකොට දාපු සෙල්ලම් මදිද විශ්‍රමත් යන්න. අකමැති දැන් තමයි රටේ දුෂිතයන්ට දඩුවම් දෙමින්. අත් අඩංගුවට. ගන්නේ ඒ. වැඩ නතර කරන්න තමයි. විපක්ෂයක් හද ගත්තේ ජනතාවට ආදරේ කරන්න දේශ පාලනය කරන්න අවශ්‍ය නැහැ ජනතාව ගේ නම විකුණමින් තම අදහස් ඉටුකර ගන්නෙපා..........

:       20       52

athula Sunday, 27 May 2018 06:25 PM

මෙයා හිතන් ඉන්නේ අපි මැරිලා ඉපදිලා කියලා ඔය කවුරුත් දෙකට බෙදිලා ගහ ගන්නවා වගේ පෙනුනට දෙගොල්ලම එකට ඉන්නේ .

:       0       19

kalani Wednesday, 30 May 2018 09:58 AM

ඇතැම් පක්ෂ කිව්වේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site