(තිලකරත්න දිසානායක)
පෙබරවාරි 10 වෙනිදායින් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට සහ බුලත් කොළයට හැර වෙනත් පක්ෂවලට ඡන්දය දීමෙන් මහබැංකු බැඳුම්කරය සහ බරපතල වංචා විමර්ශණය යටපත් වෙන බවත් දුෂිතයින් ශක්තිමත් වීම සිදුවන බවත් අද (26) ගම්පහ නගරයේ පැවති ජන හමුවකදී පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය පතා පැවති මෙම ජන හමුවිදී ජනාධිපතිවරයා මෙසේද කීය.
" අතට සහ බුලත් කොළයට දෙන ඡන්දය රට රැකගැනීමට දෙන ඡන්දයක්.ලබන මස 10 වැනි දින පැවැත්වෙන ඡන්දයෙන් පසුව පුළුල් ජාතික ව්‍යාපාරයක් අරඹනවා.දුෂණයට සහ වංචාවට විරුද්ධව රටේ උගතුන් බුද්ධිමතුන් ආගමික නායකයින් සියලු දෙනාම ඒකරාශි කරලා පක්ෂ භේදයෙන් තොරව පුළුල් ජාතික ව්‍යාපාරයකට ලබන 10 වෙනිදායින් පසුව ඒකරාශී වෙන බව මගේ ආදරණීය ජනතාවට ප්‍රකාශ කරනවා.
මේ දින කිහිපය තුල එන දේශපාලන පණිවිඩ ගැන සත්‍ය තේරුම් ගෙන හොද රටක හොද ගමණක් යාමට පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ඇතිකළ යුතුයි. විනය ගරුක කාර්යක්ෂම දේශපාලන මගක් ගොඩනගාගත යුතුයි. වංචා දුෂණ වලට විරුද්ධව සටන් කළ යුතුයි. මම ඔබට පැහැදිළිව එක දෙයක් කියනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැර අත ලකුණට හැර බුලත් කොළයට හැර වෙනත් ඒවට ඡන්දය දෙනවයි කියන්නෙ මහ බැංකු වාර්තාවත් ඉවරයි. ඒක යට යනව. දුෂිතයින් ශක්තිමත් වෙනව. බරපතල වංචා විමර්ශණ වාර්තාවත් ඉවරයි. ඒ සියල්ලම යට යනව. ඒවා විනාශ වෙනව. ඒවාට නඩු දැමීම නතර වෙනව. ඒ සියල්ල නිවැරදි පැත්තට ගෙන යන්න නම් පක්ෂ භේදයෙන් තොරව මේ හොරුන් සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි. ‘‘
2025 ඔක්තෝබර් මස 08
1531
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අතට සහ බුලත් කොළයට ඡන්දය දී රට රැකගන්න - ජනපති
siri Saturday, 27 January 2018 10:37 AM
ලොක්කෝ, ඔය බයිලා පොලොන්නරුට කියන්න. ගම්පහට නම් කියන්න ඕනේ නැහැ. වෛරයෙන් පටන් අරගත්තාම ඕකේ ඵල විපාකයත් පසුපස එනවා.
SL Saturday, 27 January 2018 02:02 PM
එතකොට අර රාජගිරියේ පිනට අරගෙන වහල තියෙන කෘෂිකර්ම බිල්ඩිමත් හිරේ අරිනවද? දැන් යන විදිහට සමාගම් ගොඩනැගිලි කාර් ගිරේ යයි අයිතිකාරයෝ නැතුව.
Chandra Sunday, 04 February 2018 01:56 PM
අනේ පව්, බලයට එන්න පොරොන්දු වුනේ රට යකාට යන්න,.. දූෂිතයින් සමග ආයේ ඡන්ද දිනන්නයි. ඒ නිසා හැමෝම අතට සහ බුලත් කොළයට ඡන්දය දෙන්න අමතක කරන්න එපා..