IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අපතේ ගිය ප්‍රති­භාව: විමල් කුමාර ද කොස්තා

පිච්චැර් පිස්සා

විමල් කුමාර ද කොස්තා යනු සින­මාවේ මුල් ගුරු­ව­ර­යෙකි. එසේ වන්නට හේතුව නම් 60 දශ­කයේ සහ 70 දශ­කයේ නාට්‍ය ප්‍රේක්ෂ­ක­යාට රංග­නය පිළි­බඳ නැවුම් අත්දැ­කී­මක්ද පාඩ­මක්ද කියා දෙමින් රංගන ශිල්පි­ය­කුගේ භාව ප්‍රකා­ශ­නය වාචික අභි­න­යෙන් තොරව, සාත්වික සහ ආංගික අභි­න­යෙන් පම­ණක් සියුම්ව විඳි­න්නට හුරු පුරුදු කළ පළමු ගුරු­ව­රයා විමල් කුමාර ද කොස්තා නිසාය.

විමල් ඒ හාස්කම කළේ ස්වඋත්සා­හ­යෙන් ප්‍රගුණ කර­ග­නි­මින්, හාපුරා කියා එදා සිංහල වේදි­කා­වට හඳු­න්වා­දුන් අභි­රූ­පණ රංග­න­යෙනි. හාවකු මෙන්, තනි­ක­රම සුදු අත් දිග ටී ෂර්ට් එක­කින් සහ ජින්ස් එක­කින් සැරසී මුහුණ පුරා සුදු තවරා ලිප්ස්ටික්ස් ගා දෙතොල් පාට කර වේදි­කාවේ ආලෝක කව­යක් යට සිට ඔහු විවිධ සිදු­වීම් සාත්වික සහ ආංගික අභි­න­යෙන් ප්‍රේක්ෂ­කයා හමුවේ මැව්වේය.

ඒ අභි­න­යෙන් ඔහු බයි­සි­කල් පැද්දේය. සරුං­ගල් උඩ ඇරි­යේය. බස් නැව­තු­ම්පො­ළක සිට බස­යක් එන­තුරු නොඉ­ව­සි­ල්ලෙන් බලා සිට අන­තු­රුව එන බස­ය­කට අත දමා ඊට ගොඩ වී සෙනඟ අතර සිර වී මගියා විඳින අප­මණ ගැහැට මවා පෑවේය. එහෙත් වේදි­කාවේ බයි­සි­ක­ල­යක් නොවීය. සරුං­ග­ල­යක් ද නොවීය. බස් නැව­තු­ම්පො­ළක් ද බස් රථ­යක් ද බස් රථයේ මගීන් ද නොවීය. ඒ සියල්ල විමල් මැව්වේ ස්වකීය ආංගික හා සාත්වික අභි­න­යෙන් පමණි. එදා අපට ආග­න්තුක වූ විමල්ගේ ඒ අලුත් රංග­නය ඇතු­ළත තිබූ සදය උප­හා­සය විඳි­න්නට හා තේරුම් ගන්නට හැකි ප්‍රේක්ෂ­කා­ගා­ර­යක් තිබු­ණේය.

"එයා දැන් ලොකු ළමයෙක්" 
විමල් මේ අභි­රූ­පණ රංග­නය ගෙන ආවේ කොහෙන්ද? එවැ­න්න­කට පුර්වා­දර්ශ එතෙක් මේ රටේ නොති­බු­ණේය. පසු­ක­ලෙක ආචාර්ය සාල­මන් ෆොන්සේකා, බන්දුල විතා­නගේ, ජයන්ත රණ­වක වැනි නාට්‍ය­ක­රු­වන් ජර්ම­නිය, එංග­ල­න්තය වැනි රට­ව­ලින් අභි­රූ­පණ රංග­නය හදාරා තිබුණ ද විමල්ට එදා එබඳු හැදෑ­රි­ම­කට විදේ­ශ­ය­කට යන්ට ඉඩ­ක­ඩක් හෝ පසු­බි­මක් තිබුණේ නැත.

විමල්ගේ මේ අපූර්ව රංග­නයේ පසු­බිම පිළි­බඳ සොයා බැලීමේ දී සින­මා­වේදී ධර්ම­සේන පති­රාජ පැවැ­සුවේ ඇතැම් විට ඔහු චාලි චැප්ලින් වැනි නළු­ව­කුගේ හෝ වෙනත් බට­හිර චිත්‍ර­ප­ට­යක ආ චරිත අනු­ක­ර­ණ­යෙන් එකී රංග­නය ස්ව උත්සා­හ­යෙන් නිප­දවා ගත්තා මිස ඔහුට ගුරු­ව­ර­යකු නොසිටි බවයි. පසු කලෙක විමල්ගේ මේ හැකි­යා­ව දුටු ඔහුගේ සමී­ප­ත­ම­යන් ප්‍රංශයේ අභි­රූ­පණ ශිල්පි­යකු වූ මාෂලෝ මාෂෝ ලංකා­වට ආ විටෙක විමල් ඔහුට මුණ ගැස්සූ බවත් අන­තු­රුව විමල් ඔහුගේ රංග විලා­සිතා ස්වකීය රංග­නය සඳහා ආභා­ස­යට ගත් බවත් පති­රාජ පැව­සීය. ඉන් අන­තු­රුව ආචාර්ය ගාමිණී හත්තො­ටු­වේ­ගම සහ බන්දුල විතා­නගේ විමල්ගේ අභි­රූ­පණ රංග­නය දියුණු කර­ගැ­නීම සඳහා අවශ්‍ය පසු­බිම සකසා දුන් බව ද පති­රාජ පැවැ­සීය.

ඇත්ත වශ­යෙන්ම විමල් කුමාර ද කොස්තා රංගන ශිල්පි­යකු ලෙස හාපුරා කියා ස්වකීය කුස­ලතා ප්‍රකට කරන්නේ වේදි­කා­වෙනි. ඒ 60 දශ­කයේ අග භාගයේ දී පමණ. ඒ. ජේ. සෙල්ව­දොරේ අධ්‍ය­ක්ෂ­ණය කළ ‘ගොඩෝ එනකං’ නාට්‍ය­යෙනි. ප්‍රකට අභූත රූපී නාට්‍ය­ක­රු­වකු වූ සැමු­වෙල් බ්‍රෙකට්ගේ ‘Wating for Godot’ නාට්‍යයේ සිංහල පරි­ව­ර්ත­න­යක් වූ ‘ගොඩෝ එනකං’ අපේ රටේ වේදිකා ගත වූ මුල්ම අභූත රූපී නාට්‍යය ලෙස සැලකේ.

‘ගොඩෝ එනකං’ නාට්‍යයේ දැක්වෙන්නේ ගොඩෝ නමැ­ත්තකු එන තෙක් බලා සිටින දෙදෙ­නෙකු ගැනය. කවදා හෝ ගොඩෝ එතැයි ඔවුහු අපේ­ක්ෂා­වෙන් සිටිති. ඔහු පැමිණි විට තමන්ට විමුක්ති ලැබෙ­තැයි ඔවුහු විශ්වාස කරති. මුළු නාට්‍යය පුරාම ඔවුන් හැසි­රෙන්නේ ගොඩෝගේ පැමි­ණීම පිළි­බඳ අපේක්ෂා දල්වා­ගෙ­නය. එහෙත් ගොඩෝ එන්නේ නැත. ගොඩෝ යනු කව­රෙක් දැයි පැහැ­දිලි නැත. ‘ගොඩෝ’ යනු ‘ගෝඩ්’ යන අර්ථ­යෙන් සැමු­වෙල් බෙකට් අද­හස් කළේ දෙවි­යන් වහන්සේ පිළි­බඳ සංකේ­ත­යක් විය හැකි යැයි විචා­ර­ක­යන්ගේ මතය විය.

හද­ව­තට නොව කෙළින් බුද්ධි­යට අම­තන අතිශය සංකීර්ණ මනෝ­භා­ව­ ප්‍රකට කරන ඒ දෙදෙ­නාගේ භූමි­කා­ව­න්ගෙන් එක් භූමි­කා­වක් හිමි වූයේ විම­ල්ටය. අනෙක හිමි වූයේ සර­ච්චන්ද්‍ර සම­ර­ක්කො­ඩි­ටය. එම සංකීර්ණ රංග­නයේ දී ද විමල් තම අභි­රූ­ප­ණ­යන් විටින් විට යොදා ගත්තේය. ඉන් අන­තු­රුව ඉයු­ජින් අය­නෙ­ස්කෝගේ Chairs ඇසු­රින් ධර්ම­සේන පති­රාජ නිෂ්පා­ද­නය කළ ‘පුටු’ නාට්‍යයේ ප්‍රධාන චරි­ත­යට ද විමල් එක් විය.

එම නාට්‍යයේ දැක්වෙන්නේ මහලු යුව­ළක් තම උපන් දින සාද­යට ආරා­ධනා කළ පිරි­සක් බලා­පො­රො­ත්තු­වෙන් සිටින අව­ස්ථා­වකි. මහලු යුවළ සාද­යට පැමි­ණෙන අමු­ත්තන් දොර ළඟට ගොස් පිළි­ග­නිති. ගෙද­රට ඇතුළු වන අමු­ත්තන්ට වාඩි වෙන්නට පුටු ගෙන­විත් තබති. ඔවුන් සමඟ කෙටි පිළි­ස­ඳ­රක යෙදෙති. එහෙත් ඒ සියල්ල මහලු යුව­ළගේ මනෝ භ්‍රාන්තින් පමණි. කිසි­වකු එන්නේ නැත. අව­සා­නයේ දී සාද­යට පැමි­ණෙන එකම අමු­ත්තාට ද කතා කර­න්නට නොහැ­කිය. ඔහු කථන ආබා­ධි­ත­යෙකි. (දයා තෙන්න­කෝන්) අමු­ත්තන් පිළි­ගැ­නීම ඔවුන් සමඟ සතුටු සාමී­චියේ යෙදීම ඔවුන්ට අතට අත­දීම ආදී සියල්ල සිදු කෙරුණේ අභි­රූ­ප­ණ­යෙනි. ඒ අභි­රූ­ප­ණ­යෙන් අපූරු රංග­නය ඉදි­රි­පත් කළේ විමල් කුමාර ද කොස්තා සහ මාලනී වීර­මු­ණිය.

සින­මාවේ දී විමල්ට චරි­තාංග නළු­වකු ලෙස මතු­ව­න්නට ඉඩ කඩ පෑදෙන්නේ ධර්ම­සේන පති­රා­ජගේ ‘අහස් ගව්ව’, ‘බඹරු ඇවිත්’, ‘එයා දැන් ලොකු ළම­යෙක්’ ඇතුළු අත­ළො­ස්සක් චිත්‍ර­පට තුළින් පමණි. සිනමා රංග­නයේ දී ද විමල් ස්වකීය අභි­රූ­ප­ණය එක් කර ගත් අවස්ථා දැකිය හැකිය. ‘අහස් ගව්ව’ චිත්‍ර­ප­ටයේ තරු­ණ­යන්ගේ විනෝද සවා­රියේ එක් අව­ස්ථා­වක දී විමල්ගේ එබඳු අභි­රූ­ප­ණ­යක් දකි­න්නට ලැබේ. කැලේ සිට එන මහා රාක්ෂ­යකු කුස ගින්නට කුමා­රි­කා­වක් ඩැහැ­ගෙන යළි කැලයට ගිය අයුරු විමල් මන­හර ලෙස ස්වකීය අභි­රූ­ප­ණ­යට නැඟු­වේය. ‘අහස් ගව්වේ’ ගුණේ නමැති විරැ­කි­යා­වෙන් අස­හ­න­යට පත් රස්ති­යා­දු­කාර අත­රමං වූ තරු­ණ­යන් දෙදෙනා වූ ගුණේ (විමල් කුමා­රද කොස්තා) සහ විජේ ලෙස (අම­ර­සිරි කලං­සූ­රිය) ඉදි­රි­පත් කළ නිද­හස් රංග­නය තුළ හැත්තෑව දශ­කයේ තාරු­ණ්‍යයේ නන්න­ත්තාර බව මෙන්ම අහිං­සක අධ්‍යාත්ම මනාව පිළි­බිඹු විය. විරැ­කි­යාව නිසා ඇති වූ නන්න­ත්තාර බව හා අහිං­සක බව නිසාම ඔවුහු සමාජ ශාලා ඇසු­රින් හොර ජාවා­ර­ම්ක­රු­වන්ගේ ගොදු­රක් බවට පත් වූහ. අව­සා­නයේ ඒ නන­න්තාර බවට ජීවි­ත­යෙන් වන්දි ගෙව­න්නට ගුණේට සිදු වූ අතර විජේ රිමාන්ඩ් බාර­යට පත් විය. එහිදී ගුණේ ගේ චරි­ත­යට ජීව වායුව පිඹි­න්නට විමල්ට හැකි වූයෙන් එදා තරු­ණයෝ ඔහුගේ රංග­නය ඉදි­රියේ ස්වකීය ජීවි­තය අත් දුටුහ.

‘බඹරු ඇවිත්’ චිත්‍ර­ප­ටයේ ‘වීර­සේන’ ලෙස විමල් කළ රංග­නය තාත්වි­ක­ත්වය ඉක්මවා ගිය අධි රංග­න­යකි. බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ දේශ­පා­ලන දෘෂ්ටිය හකු­ළුවා කිය­න්නට පති­රාජ යොදා ගත්තේ වීර­සේ­නගේ චරි­ත­යයි. ධීවර ගම්මා­න­යක් තුළ සිදු වූ කල­බැ­ගෑ­නිය සුළු ධනේ­ශ්වර දේශ­පා­ල­න­ඥ­යකු දකින ආකා­රය චිත්‍ර­ප­ටය අව­සා­නයේ විමල්ගේ රංග­න­යෙන් ඉදි­රි­පත් කිරී­මෙන් පති­රාජ මතු කළේ උප­හා­ස­යකි. ඒ උප­හා­සය කදි­මට පැහැ­දිලි වූයේ වීර­සේන ලෙස විමල් කළ රංග­න­යෙනි.

විමල් කුමාර ද කොස්තාගේ විශිෂ්ට ප්‍රති­භාව එළි­යට දාන්නට හැකි නාට්‍ය කලා­වක්, මහා­චාර්ය සර­ච්චන්ද්‍ර, සුග­ත­පාල ද සිල්වා, දයා­නන්ද ගුණ­ව­ර්ධන, ධම්ම ජාගොඩ, ගුණ­සේන ගල­ප්පත්ති, හෙන්රි ජය­සේන ඇතුළු මේ රටේ පුරෝ­ගාමී නාට්‍ය­ක­රු­වන්ගේ මැදි­හ­ත්වී­මෙන් 60 – 70 දශක තුළ මේ රටේ ගොඩ­නැ­ඟු­ණේය. විමල් ඇතුළු රංගන ශිල්පීන්ගේ කුස­ලතා ඔසවා තැබූ ඒ නාට්‍ය කලාව 80 දශ­කයේ අව­සාන භාග­යෙන් පසු කෙමෙන් ගිලි­හී­මට ලක්ව මේ වන විට එය තනි­ක­රම වික­ට­යන්ගේ රාජ­ධා­නි­යක් බවට පත් වූ බැවින් විම­ල්ලාට ඉඩක් නැත. එහෙ­යින් වෘත්තීය නළු­වකු වශ­යෙන් ඔහුට සිදු වන්නේ එදා වේල පිරි­මසා ගන්නා ටෙලි නාට්‍ය වැනි විසූක දස්ස­න­වල රඟ­පා­න්න­ටය. විමල් කුමාර ද කොස්තා නමැති විශිෂ්ට රංගන ශිල්පියා ගිල ගත්තේ ඒ විසූක දස්සන තුළිනි. අව­සා­නයේ දී ඕනෑම දහ­ජ­රා­වක රඟපා සිය ගත­ම­නාව සොයා ගන්න­ටත් තමන්ට හිමි තැන අහිමි වුණු අකෘ­තඥ සමා­ජ­යක පරා­රෝ­පි­ත­යකු බවට පත් වන්න­ටත් සිදු වූ මාන­සික පීඩාව විමල් දිය කර හැරියේ මධ්‍ය­සා­ර­ව­ලිනි. පළ­මුව එය ආධ්‍යා­ත්මි­කව  දිවිනසා ගැනී­මක්ව දෙව­නුව ශරී­ර­කව ස්වකීය ජීවි­ත­යෙන්ම සමුගන්නා තැනට පත් විය. එය මේ රටේ බොහෝ කලා­කා­ර­යන්ට අත් වූ ඉර­ණ­මකි. විමල් වැනි දක්ෂ­යන් හැම­දා­මත් මේ රටට අහිමි වුයේ හැකි­යා­ව­න්ගෙන් නිසි ඵල නොගෙ­නය. ඔවුන් මිය­ගි­යාට පසු හිස් වන තැන ගන්නට කිසි­වකු ඉතිරි නොවන්නේ ද එබඳු දක්ෂතා අනා­ගත කලාව වෙනු­වෙන් රැක ගන්නට මේ රටේ නිසි වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති බැවිනි.



අදහස් (0)

අපතේ ගිය ප්‍රති­භාව: විමල් කුමාර ද කොස්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 194 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2072 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site