IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය

(නාලක සංජීව දහනායක සහ ඩයනා උදයංගනී)

යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.

මෙම පත්කිරීම හරහා දෙමළ ජනතාව ජීවත්වීමට තිබෙන අයිතිය අහිමි වී යන බවද මන්ත්‍රීවරයා කීය.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

      ‘‘දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගෙන මේ රටේ වෙනසක් ඇතිකරන්න බලය ලබාගෙන නැවැත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙමළ ජනතාවට විරුද්ධව කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිධූරයට පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම භයානක තත්ත්වයක්. මේ තුලින් රටේ තවත් ජනතාවකට නිදහසේ ජීවත්වීමට තිබෙන අයිතිය නැතිකර තිබෙනවා. දෙමළ ජනතාවට මේ රටේ ජීවත්වීමට අයිතියක් තිබෙන බව සිතන සිංහල නායකයන් සිටියයුතු බව අපේ අදහසයි.

නමුත් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධූරයට පත් කිරීමත් සමඟ ඊට වෙනස් දෙයක් අපිට පේනවා. නැවත නැවත යුද්ධ පරිසරයක් තුළ දෙමළ ජනතාව පීඩාවට පත්කරන, උතුරු නැගෙනහිර හමුදා පාලනයක් යටතේ තබාගෙන ඉන්නවා කියන හැඟීම ඉන් ලබාදී තිබෙනවා.

දෙමළ රජවරුන් මේ රටේ යුද්ධ කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ දෙමළ රජකෙනෙක්. ශිව දේවාල 05ක් මේ රටේ තිබෙනවා. මේවා ගණන් ගන්නේ නැතිව සියලු ඉතිහාසයන් විනාශ කිරීමට උත්සාහ කිරීම ඛේදනීය හා භයානක තත්ත්යක් යැයිද සඳහන් කළේය.

 



අදහස් (0)

ශවේන්ද්‍ර සිල්වාගේ පත්වීම ගැන එස්.ශ්‍රීධරන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 267 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site