IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මුහුණ නොබැලූ මන්ත්‍රීවරුන්ගේ මුහුණ මේ දවස්වල අගමැතිතුමා බැලුවා

“මුදල් කතා කරන විට සත්‍ය නිහඬ වෙනවා කියලා රුසියානු කියමනක් තිබෙනවා. හකීම් ඇමැතිතුමා නොවෙයි කතා කළේ මුදල්. මේ යෝජනාවට ශ්‍රීලනිප මන්ත්‍රීවරු 22ක් ඡන්දය දුන්නාම තමුන්නාන්සේලාගේ තුනෙන් දෙකේ බලය ඉවරයි. මොණර කොළ ලැබුණා. මුහුණ නොබැලූ මන්ත්‍රීවරුන්ගේ මුහුණ මේ දවස්වල අගමැතිතුමා බැලුවා. ඒකත් ලොකු දෙයක්. මොණර කොළ දීලා පසුපෙළ මන්ත්‍රීවරු අරගෙන. මේ නිසා අද මේ පාලනය දෙදරුම් කාලා. 

මස්කටු ලෙවකකා හිටපු ශ්‍රීලනිප ඇමැතිවරුන්ට මේ පැත්තට එන්න අවස්ථාව අපි සලසා දුන්නා.”

ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):-

“මම මොණර කොළ ගත්ත බව කියනවා. ඒක වැරැදියි. මෙතුමාට පාස්පෝට් දෙකක් තියෙනවා.”

විමල් වීරවංශ මහතා:-
“දෙමළ ජාතික සන්ධානයට පොරොන්දුවක් දීලා මාස තුනකින් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගේන බවට.”

(එජාප මන්ත්‍රීවරු කෑකෝ ගසති)
(සභාවේ ඝෝෂා)

විමල් වීරවංශ මහතා:-

“අද ඉන්නේ හොඳට ඇහුම්කන් දෙන රනිල්, නායකයෝ ගේන්න කැමැති රනිල්. හැබැයි  අද රාත්‍රී 12න් 
පස්සෙ ආයෙත්  පැරැණි රනිල්  ඉන්නවා. පරාජය කරා තමුන්නාන්සේලා අධිවේගයෙන් යනවා. දේශපාලන කනත්තටයි තමුන්නාන්සේලා යන්නේ.

ලක්‍ෂ 800කට මේ අය විකිණිලා ඉවරයි. පාක්‍ෂිකයෝ තමුන්නාන්සේලා ගැන බලයි. අගමැතිතුමාට වැඬේ දෙන්න බලන් ඉඳපු එජාප මන්ත්‍රීවරුන්ට හෙට ඉඳගෙන අගමැතිතුමා හොඳ පොලු පහරක් දේවි. අපි මේක ගෙනාවේ ඇමැතිකම් ගන්න නොවෙයි. දේශපාලන රසායනික පරිවර්තනය කරන්නයි අපි උත්සාහ කළේ.”



අදහස් (1)

මුහුණ නොබැලූ මන්ත්‍රීවරුන්ගේ මුහුණ මේ දවස්වල අගමැතිතුමා බැලුවා

Nuwan Thursday, 05 April 2018 10:55 AM

මම අගමැති නම් ඕන් මේ රස්නේම ජනාධිපතිම ගැනත් හිතනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 28 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site