IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මේක පටන් ගන්නකොටම හුළං බැහැලා

“මගේ පාර්ලිමේන්තු දිවියේ 24 වසරක කාලය තුළ විශ්වාසභංග යෝජනා දැකලා තියෙනවා. නමුත් මේක පටන් ගන්නකොටම හුළං බැහැපු විශ්වාසභංග යෝජනාවක්. මේකෙන් හොඳ දෙයක් වුණා. ඒ තමයි එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබී තිබෙනවා. ඒක හොඳ දෙයක්.

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අගමැතිතුමාට විරුද්ධව කිසිදු දෙයක් නැහැ. මේක රජය ඉලක්ක කරගෙන ආපු විශ්වාසභංගයක්. අගමැතිුමා එහි ඉලක්කයක් පමණයි. හිටපු  නාධිපතිතුමා මේකට අත්සන්  නොකිරීම ගැන ආතල් එකක් ගන්න කියල විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියල තිබුණා. නමුත් මම නම් හිතන්නේ ඒ ආතල් එකට වැඩිය දෙයක්  තියෙනවා.

මේ විශ්වාසභංගයට ආණ්ඩුවේ මන්ත්‍රීවරු බිලිබා ගන්න ගත්තු උත්සාහයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා. මේ සඳහා මහනුවර සිද්ධියත් ඇදගෙන මුස්ලිම් මන්ත්‍රීවරු බිලිබා ගන්න ගත්තු උත්සාහය මම තරයේ හෙළා දකිනවා. ඒ ගැන මගේ කනගාටුව පළ කරනවා. මේ ආණ්ඩුව රැක ගැනීම සඳහා අප කටයුතු කළ යුතුයි.

අප කොමිෂන් සභා ඇති කළා. ඒවා ස්වාධීනව කටයුතු කළා. ඒ ස්වාධීන බව පොලිසියේත් තිබිය යුතුයි. පක්‍ෂයේ අයට එහි නායකත්වය පිළිබඳ ඕනෑම තීරණයක් ගත හැකියි. එයට පරිබාහිර අය අත ගහන්න ඕන නැහැ.”



අදහස් (0)

මේක පටන් ගන්නකොටම හුළං බැහැලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 235 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site