(චමිල් රූපසිංහ)
පේරාදෙණිය ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ඇසළ මේලා‘ සැණකෙළිය නැරඹීමට පැමිණ ආපසු බිරිඳ හා දරු තිදෙනා සමඟ බීමතින් යමින් සිටි පුද්ගලයෙකු සිදුකළ පහර දීමකින් තුවාල ලත් පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව බිරිඳට හා දරු තිදෙනාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටියදී එම ස්ථානයේ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිවරයාට එහි සිටි පුද්ගලයෙකු දැනම් දුන් පසු ඒ පිළිබඳ විමසිලිමත්වී අදාළ පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර ඇත.
එම අවස්ථාවේ බීමත් පුදගලයා පොලිස් නිලධාරියාට පහර දීමට පටන් ගෙන තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු එම ස්ථානයේ සිට ඇතත් ඔවුන් සිද්ධියට කිසිදු මැදිහත් වීමක් නොකර සිද්ධිය නරඹමින් සිට ඇති අතර පොලිස් නිලධාරියාට පහර දෙන බව අසල සිටි පුදුගලයෙකු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දි ඇත.
විගසින් ක්‍රියාත්මක වු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා එම ස්ථානයට ගොස් පොලිස් නිලධාරියා රෝහල් ගත කිරිමට කටයුතු කර ඇති අතර මේ සම්බන්දව පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීම මත පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
නහයෙන් හා කටින් ලේ වැගිරෙන්නට පොලිස් නිලධාරියා පහර කත්දී කිසිවක් නොකළේ මන්දැයි අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා ගෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා විමසූ අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ තමන් පැමිණියේ රථවාහන රාජකාරි වලට බැවින් මෙම සිදුවීම තමන්ට අදාළ නොමැති බවකි.
පහර දීමෙන් පසු සැකකරු ඔහුගේ දරු තිදෙනා හා බිරිඳ එම ස්ථානයේ දමා පළාගොස් ඇත. පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වී ඔවුන් පොලීසියට රැගෙන ගොස් සැකකරු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
ඔවුන් පැවසූ සියලු දේ අසත්‍යය බව හෙළි වීමෙන් පසු සැකකරු පළාගිය ප්‍රදේශය පිළිබඳ තොරතුරු ඒ අසළ සිටි පිරිස් වෙතින් පොලීසිය ලබා ගෙන තිබේ. පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ දුරකථන අංකයට අමතා විමසන විට පොලිසියට එන්නට නොහැකි බව පවසා ඇති අතර පොලීසිය ඉතා සූක්ෂම අයුරින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට සමත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නිලධාරියෙක්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට