(ඩයනා උදයංගනී)

ටියුෂන්වලට අවශ්‍ය ආකාරයෙන් හෝ ගුරුවරුන්ගේ පහසුව ගැන සිතා විෂය නිර්දේශ සකස් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

ජීව විද්‍යා නව විෂය නිර්දේශයෙහි ඇතැමුන් චෝදනා කරන ආකාරයේ කිසිම ගැටලුවක් නොමැති බවද ඇමතිවරයා සඳහන් කළෙය.

අධ්‍යාපනය තාක්‍ෂණය සමඟින් නවීකරණය විය යුතු බව කී ඇමතිවරයා ගුරු කුලයන්ට අවශ්‍ය අයුරින් එම කටයුතු වෙනස් කළ නොහැකි බව ද කීවේය.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ජීව විද්‍යා නව විෂය නිර්දේශයෙහි ගැටලු පවතින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.