වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා:-
“අගමැතිවරයාගේ අතින් වරදක් වී නැහැ. පත්වීම ගැන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නායකයන් අතින් එහෙම වැරදි වෙන්න පුළුවන්. කිසිම සාක්‍ෂියක් නැතිව ඉදිරිපත් කරපු යෝජනාවක්.”
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා(එජනිස):-
“මහ බැංකු සිද්ධියේදී අගමැතිවරයා අපොහොසත් වී තිබෙනවා. මහ බැංකු අධිපති තනතුරට සිංගප්පූරු පුරවැසියකු පත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහයි. ඇමැතිවරු රැසක් ඊට විරුද්ධ වුණා. මහ බැංකු වංචාවේ සමස්ත පාඩුව බිලියන 2000කට වැඩියිලු. පුරා වසර 3ක් රට වැනසීමේ වගකීම ආර්ථික කළමනාකරණ කමිටුව බාරගත යුතුයි. රට අද අගාධයට ගිහින් ඉවරයි. හිරේ ඉන්න ඕන අර්ජුන් මහේන්ද්‍රන් හිරෙන් නිදහස් වෙලා.”
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (එජාප):-
“මේක එක්සත් ජාතික පක්‍ෂයට අටවපු බෝම්බයක්. නමුත් බෝම්බය පත්තු වුණේ වෙනත් පිරිසක් විනාශ කරගෙනයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ බෝම්බයට ගොදුරු වුණා. අපි මෙම විශ්වාසභංගයෙන් ශක්තිමත් වුණා. මේ විශ්වාසභංග තොයිලය අදින් ඉවරයි. රාජා හෝ මා හෝ ගංගා හෝ රනිල් කියන්නේ තුන් කුළුදුල් නායකයෙක්. අපි ඔහු බිල්ලට දෙන්නේ නැහැ.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා (එජනිස)
මෙය දේශපාලන වෛරයකින් ගෙනාපු යෝජනාවක් නොවෙයි. ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක්. මෙරටේ පළමු අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග ආවා. එතුමා ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වුණා.
එදා විපක්‍ෂනායක අමිර්තලිංගම්ට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. මහ බැංකුවේ අධිපතිවරයාට චෝදනා ආවා. විශාල සොරකමක් සිදු වුණා. ජනතාව බලාපොරොත්තු වුණ දේ මේ යෝජනාවේ තියෙනවා. රට පිළිබඳව ආදරයක් තිබේනම් මේකට පක්‍ෂව ඡන්දය දිය යුතුයි.
2025 නොවැම්බර් මස 04
32
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක්