රත්නපුර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා
මේ යෝජනාවට ආණ්ඩු පක්‍ෂයෙන් සහාය ලැබෙන්නේ ඇයි? ඒ අය මේකට පක්ෂව කතා කරනවා. ඒකෙන් මේ යෝජනාවේ අගය වැඩිවෙනවා. මංගල සමරවීර මහතා උත්සාහ කළේ ජනාධිපතිතුමාත් මේකේ පටලවන්නයි. ඒක එතුමා පිළිනොගත් බව එතුමාගේ පක්ෂයේ අය කතා කළ දේවලින් පෙනී යනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දීමේ වගකීම අගමැතිට වගකීමක් තිබෙනවා. එසේ නොගෙන්වීම ගැන අප අගමැතිට චෝදනා කිරීම වැරදිද?
(කතානායක කරු ජයසූරිය මහතා මුලසුනට පැමිණියේය.)
වාසුදේව නානායක්කාර මහතා
අගමැති කියන විදියට අර්ජුන මහේන්ද්‍රන් නොවෙයි වැරදිකාරයා අජිත් නිවාඞ් කබ්රාල් මහතායි. නමුත් එතුමාට
එහෙම උසාවි එන්න කියල නියෝගයක් නැහැ. හෙට අනිද්දට මේ ආණ්ඩුව වෙනස් වෙන්න පුළුවන්. එසේ
වුවහොත් අගමැතිතුමාට අර්ජුන ගැන තොරතුරු පොලිසියට නොදී ඉන්න පුළුවන්ද? මේ නිසා තමයි එතුමා අගමැතිකම බේරාගන්න විවිධ ජාති කර තියෙන්නේ.
මහනුවර දිස්ත්‍රික් (එජාප) මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා-
මේ විශ්වාසභංග යෝජනාව නිසා අපට ශුද්ධ වූ එක්සත් ජාතික පක්‍ෂයක් හදා ගැනීමට ලැබී තිබෙනවා. මේ මගින්
අගමැතිතුමාට විශ්වාසය පළවී තිබෙනවා. සියලු පක්‍ෂවල නායකයන් අද එක්වී සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයා සමගයි. මේක 2025 වෙනකම් අප ගෙන යනවා. අද වැටෙයි හෙට වැටෙයි කියලා බලාගෙන ඉන්න එපා.
වන්නි දිස්ත්‍රික් (දෙජාස) මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්
මහතා ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලැබීමටයි කියලා අප වසර තුනක්ම බලා හිටියා. නමුත් ප්‍රධාන
පක්‍ෂ දෙකම එයින් ඈත්වෙන බව තමයි පෙනී යන්නේ. තවදුරටත් මේ තත්ත්වයට විසඳුම් නැත්නම් පසුගිය යුදකාලයේ සිදුවීම් යළි ඇතිවිය හැකියි.
2025 නොවැම්බර් මස 04
27
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා දීමේ වගකීම අගමැතිට වගකීමක් තිබෙනවා