IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අපි පිං ඇමතිවරු නොවෙයි

මේ යෝජනාව විධායකයට බලපාන්නේ නැහැ. ලක්ෂ 62 ලැබුණේ ජනාධිපතිතුමාටයි. ව්‍යවස්ථාදායකට ඒක ලැබුණේ. මේ සිද්ධිය සිදුවුණේ දින 100 ආණ්ඩුවේ. අපි ඒකෙ හිටියේ නැහැ. අපි ආවේ අගෝස්තු මාසයේදී. සම්මුති ආණ්ඩුවට මහ බැංකුවට ලංකා පුරවැසියෙක් නොවන අයෙක් ගෙනාවේ කවුද?

(සභාවේ ඝෝෂා)

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණේ නැහැ. පිටිපන නීතිඥයා කියන්නේ අපටත් වඩා ජුනියර්
නීතිඥයෙක්. නමුත් පිටිපන කොමිසමත් කියනවා. තවදුරටත් පරීක්‍ෂණ ඕන කියලා.

(සභාවේ ඝෝෂ)

පුළුවන් නම් හෙට ඉඳලා අලුත් ආණ්ඩුවක් හදලා බලමු. පළාත් පාලන මැතිවරණය රටේ ජනමතය පිළිබිඹු කරන
මැතිවරණයක්. අපි හොරකම් කරලා නැහැ. හොරකම් ගැන කතා කරන කොට තමයි මේ කෑගහන්නේ. මේ බැඳුම්කර සිද්ධිය වුණේ සුළුතර ආණ්ඩුවක් තුළයි. කොස්ගම පිපිරීම සිද්ධියේ වගකීම අපට දුන්නා. අප එය නිවැරැදිව කළා. අපි පිනට ආපු මන්ත්‍රීවරු නොවෙයි. අපි පිං ඇමැතිවරු නොවෙයි. ඒක පැහැදිලිව කියනවා.

අපි මේ තනතුරුවලට කෑදර නැහැ. අපිට ජීවත් වෙන්නක්‍රම තියෙනවා. අපි ගේන්න එපා කියපු ව්‍යවස්ථා සංශෝධන ගෙනත් උසාවියෙන් ඒවා ප්‍රතික්ෂේප වුණා. 20 ගෙනාවා මොකද වුණේ?

අර්ජුන් මහේන්ද්‍ර ගේ ඇපකාරයා කවුද? සැකකරු නැත්නම්ඇ පකරුට මොකද වෙන්නේ. මේ ගෙනත් තිබෙන්නේ ඒක තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ ඒකේ ලේකම්තුමා නොවෙයි. අපි හතර පස්දෙනා ගියාම මේ පක්‍ෂය ඉවරයි. අපි අනාගතයේ පුළුල් සන්ධානයක් හදල තිරසර ආණ්ඩුවක් හැදීමට සහාය දෙනවා.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා

මේ යෝජනාව රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය හැකියි. මේක ගෙනත් තිබෙන්නේ අපි සියල්ලන්ටමයි. සුසිල්ප්‍ රේමජයන්ත ඇමැතිතුමාටත් ඒක තේරුණා ද දන්නේ නැහැ.මේ යෝජනාව ගෙනත් තියෙන්නේ හිඟන්නන්ටත් පික් පොකට් ගහපු අය. ඬේසි ආච්චිගේ මැණික් මල්ලට විදපු අය. මේ යෝජනාවේ පදනම කුමක්ද?

අගමැතිතුමාට විරුද්ධව එක විශ්වාසභංග යෝජනාවක් ගෙනාව නම් ඒකාලේ මහින්ද මහත්තයට ඒ වගේ යෝජනා කොච්චර ගේන්න තිබුණද? මහින්ද මහත්තයා විදුලි පුටුවෙන් බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමායි.



අදහස් (0)

අපි පිං ඇමතිවරු නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 235 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site