IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


රතන හිමිගේ ස්ථාවරය ලබන සතියේ

නිමල කොඩිතුවක්කු 
 

තමන්ගේ දේශපාලන ස්ථාවරය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් එතෙක් නිහඬව සිටීමට තමන් තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ.
 
පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සියලූ කරුණු සළකා බලා ඉදිරි සතිය තුළදී මාධ්‍යයට නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසූහ.
 
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරති.
 



අදහස් (23)

රතන හිමිගේ ස්ථාවරය ලබන සතියේ

suresh Tuesday, 27 February 2018 12:16 PM

තව ඉතින් ටික කාලයයිනෙ. පාර්ලිමේන්තුවේ හිටියට කිසිම වැඩක් නෑ. කවුරුහරි දැක්කද මේ උන්නාන්සෙ පාර්ලිමේන්තුවේ විවාදෙකට එහෙම සහභාගී වෙනවා

:       11       546

athula Tuesday, 27 February 2018 12:37 PM

එතකොට දැන් අර ග්ලිෆොසෙට් කේස් එක හරිද දැන් කාබනික පොහොරද දැන් ලංකාවේම බවිත කරන්නේ ? සුරසැප විනිදින්න දේශපාලනය තොර ගත්තහම ඔහොම තමයි කොහොම උනත් කෝටි 7 , 8 ක වාහනයක් හම්බුනානේ

:       26       403

saman k Tuesday, 27 February 2018 12:39 PM

මේ උන්නාන්සේද රතන හාමුදුරුවෝ කියන්නේ? හම්මේ ......දැක්ක කල්! සැප වාහනයයි,මාලිගාවයි ලැබුනට පස්සේ ස්ථාවර වෙලා නොව හිටියේ. ආයේ මොනවා ස්ථාවර වෙන්නද?

:       1       501

dinesha Tuesday, 27 February 2018 01:18 PM

රටම අගාදයට ඇද දමන්නට මුල්වුණු ඔබ වහසේලගේ ස්ථාවරයෙන් දැන් ඇති පලේ කුමක්ද.

:       80       562

පතිරණ Tuesday, 27 February 2018 02:36 PM

අර්ථයෙන් ධර්මයෙන් ගිහියෝ අණුශාසනා කරයි. කොසොල් රජුගේ සිහින මතක් වෙයි.

:       17       117

appuhamy Tuesday, 27 February 2018 04:05 PM

අනේ අපේ හාමුදුරුවනේ දේශපාලනය නම් අත අරින්න එපා. දැඩිව අල්ලා ගන්න . අර කරන ව්‍යාපෘති එහෙම නම් නතර කරනවා නොවෙයි. මොකද අතයි මිටයි නිසරු උනොත් මොන දෙයියට ද කියන්නේ. එතකොට ඉතින් කටේ පස් තමයි.

:       1       104

අප්පුහාමි Tuesday, 27 February 2018 04:55 PM

ඔබවහන්සේගේ ස්ථාවරයෙන් රටට වැඩක් නැත, අපටද වැඩක් නැත.රට අස්ථාවර කරන්න නම් ඔබ වහන්සේ දායක වූ බව කිවයුතුය. පන්සලක වැඩක් බලාගෙන වැඩසිටීවා!

:       1       413

PerakumWednesday, 28 February 2018 05:50 AM

අප්පුහාමි ඔබ හරියට හරි. දේශපාලනයට ආපු සියලුම හාමුදුරුවරු ආපහු පන්සල්වලට යවල ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට යොමු කරන්න.

:       0       0

Senarath Wednesday, 28 February 2018 03:26 AM

හාමුදුරුවොත් ලොකු කතා කියමින් මේ ආණ්ඩුව බලයට ගෙන එන්න දගලුවනේ . එදා වගකීමෙන් කිඋවනේ මේ රජයෙන් අකටයුතු සිදුවෙන්නේ නැහැ කියල. අද මොනවද හාමුදුරුවන්ට කරන්න පුළුවන්. ආර්තිකෙත් ඉවරඊ, සන්හිදියාවත් ඉවරඊ , ඒ උනාට බොරුවට කියනවා "අපි ලෝකේ දිනුව" කියල. අඩුම තරමේ පිට රටක ඉන්න අපරාධ කරකවා ගෙන්න ගන්න මේ ආණ්ඩුවට බැහැ

:       1       538

Deepal Nirosh Wednesday, 28 February 2018 03:52 AM

අවසරයි ගරුතර හාමුදුවරනේ, ඔය ස්ථාවරය වැදගත් වෙන්නෙ හුදෙකලාවම ඔබ වහන්සේගේ පෞද්ගලික දේශපාලන අනාගතයට පමණයි. එමිසක රටට ජනතාවට තබා ඔබ වහන්සේ නියෝජනය කරන දේශපාලන පක්ෂයටවත් වැදගත් නැහැ.

:       1       83

jayasekara Wednesday, 28 February 2018 04:03 AM

නිර්වාණය ඔබවහන්සේට බොහෝ දුරයි ස්වාමීනී ......

:       10       27

කීර්ති විජේබාහු Wednesday, 28 February 2018 04:04 AM

අපි යථාර්තය තේරුම් ගත යුතුයි. ඉක්මනින්ම ගෝඨාභය දේශපාලනයට ගෙන ආ යුතුයි. ඔහු වටා 113 ගැනීම අපහසු නැ. මෛත්‍රී SLFP තුලින් එතනට තල්ලු කල යුතුයි. සිංහලයා හතරට කැඩුනම උනුත් සුළු ජාතියක්. SLPP / UNP / SLFP / JVP

:       164       194

Mayakadawara Dhammika Wednesday, 28 February 2018 06:25 AM

මේ අය එකතුවෙලා රටට කල විපත සුළුපටු නොවේ දැන් ප්‍රකාශවලින් පලක් නොවේ.

:       1       136

janahitha Wednesday, 28 February 2018 06:34 AM

මේ උන්නාන්සේ ට නියෝජනය කරන්න පිරිසක් නැහැ . මාධ්‍ය ආයතන මෙතරම් මේ ය පුන්බන්න හදන්නේ ඇයි. මහජනතාව පීඩා විඳින, මහජනතාවට වැදගත් වෙන කරුනු නැතිද , එහෙම කරුණු තියෙනවා කියල ජන මාධ්‍ය නියමුවෝ දන්නේ නැතිද ?

:       1       28

Shan Wednesday, 28 February 2018 07:20 AM

සුභ නැකත ලබන සතියේද?

:       0       8

Perakum Wednesday, 28 February 2018 07:59 AM

උන් වහන්සේ තවත් එක් ශ්‍රී ලාංකිකයෙක් පමණි. නියෝජනය කරන කිසිදු ජන කොට්ඨාශයක් නැත.

:       0       4

Sathyayaa Wednesday, 28 February 2018 08:09 AM

මරණය තීරණය වන්නේ උපතත් සමගය. ජීවිතයට අරුතක් දුන්නා වෙන්නේ ඒ තැනැත්තා උපත සමග ජීවත් වුනිද නැත්නම් මරණය සමග ජීවත් වුනිද යන පදනම් මතයි. ඔබ වහනේසේලා ජීවත් වුනත් මැරුණ අය සේ කල් ගත කිරීම ජනතාවට කෙසේ වෙතත් යුගයට නම් ඉතාමත් ගැලපෙන වග කනගාටුවෙන් වුවත් සිහිපත් කළ යුතුව ඇත.

:       0       10

de silva Wednesday, 28 February 2018 10:46 AM

අන්න එහෙම තමයි කටයුතු කරන්න ඕනේ... මෝඩයෝ වගේ එක පාරටම කලබල වෙන්නේ නැතුව වෙන්නේ මොකක්ද? කියල හොඳට නිරීක්ෂණය කරලා ඔබ වහන්සේට වාසි වෙන තීරණයක් ගන්න..

:       1       54

saman kWednesday, 28 February 2018 02:00 PM

හා...හා...එහම කියන්න එපා! අපේ හාමුදුරුවෝ එහෙම වාසි බලාගෙන වැඩ කරන්නේ නැහැ.

:       14       4

asokaThursday, 01 March 2018 07:55 AM

චීවරයට නිගා නොකර සාසනයෙන් දැන් යන්න කාලය හරි......... කුලියට කතා කරපු මෙයා වගේ අයට මිනිසුන් සාප කරනවා........

:       0       0

Nalini Thursday, 01 March 2018 07:47 AM

අපවත් උනාම කාබනික පොහොර වලට දාන්නලු.

:       0       21

chapa Thursday, 01 March 2018 09:03 AM

ගාන තමය ප්‍රශ්නේ...හොඳ ගානකට ආවොත් ලබන සතියේ මගේ ස්ථාවරය වදාලන්නම්...

:       0       0

de silva berlin Thursday, 01 March 2018 09:30 AM

2018 දී වැඩි සද්දයක් නොකර නිර්පාක්ෂිකව ඔහොම ඉන්න ගමන් හෙමින් සීරුවේ කොම්පෝස්ට් පොර ටික හදා ගමු , 2020 දී හොඳ අස්වැන්නක් ගන්න නම් 2015 දී කලා වගේ 2019 දී වැල යන පැත්තට මැස්ස ගහල පොහොර ටික දමා ගමු .

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13224 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 877 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site