චන්ද්‍රසේන ගමගේ
අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරය ඊළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී වෙනස් වෙන බවත් එම අමාත්‍යාංශය අපක්ෂපාති හා රටේ වංචාවවට දූෂණයට එරෙහි වන පාතලයත් මත්ද්‍රව්‍ය වංසගතයත් මැඩලිය හැකි පුද්ගලයකුට හිමිවිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (2) අගුණකොළපැලැස්සේ දී පැවසීය.
ඉන්දිය ආධාර යටතේ ඇමැතිවරයාට ලැබුණු පාපාදි 1000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදා දීමේ උත්සවයෙන් පසුව ඇමැතිවරයා එසේ කීවේය.
පසුගියදා සිදුවු කැබිනට් සංශෝධනය තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් වෙනසක් සිදු නොවු බවයි. අපි මීට වඩා වෙනසක් කැබිනට් සංශෝධනයේ දී බලාපරොත්තු වුණා. නමුත් පක්ෂයේ තීන්දු තීරණ වලට හා ජනාධිපති තුමාගේ තීරණ වලට අපි ගරු කරනවා.
නමුත් ජනතාව මීට වඩා යමක් බලාපොරොත්තු වුණා. යම් සාධණීය ලක්ෂණ ද එම සංශෝධනයේ දී සිදුවු බව පවසන්න කැමතියි යැයි ඇමැතිවරයා වැඩිදුටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු බය වෙලා... අනේ පව් !!!
මොනවා වුණත් හාදයා සිනහ මුසු මුහුණින් ඉන්න එකත් ලොකු දෙයක්නේ...
"අපක්ෂපාති හා රටේ වංචාවවට, දූෂණයට එරෙහිවන පාතාලයත්, මත්ද්‍රව්‍ය වසංගතයත් මැඩලිය හැකි පුද්ගලයකුට හිමිවිය යුතු බවත්..." ඒ කියන්නේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය හිස්ව තියනවා කියන එකද? නැත්නම් වෙනත් රටක කෙනෙක්ව මේ ඇමැතිකමට පත් කරනවා කියන එකද?
රටේ වංචාවවට දූෂණයට එරෙහි වන පාතාලයත්, මත්ද්‍රව්‍ය වසංගතයත් මැඩලිය හැකි පුද්ගලයකු මෙම අමාත්‍ය ධුරය පිරිනමනවා කියන්නේ, ඔබලා රජකරපු පසුගිය සමයේ රටම කොල්ලකාපුවා ගැන හොයන කෙනෙකුට මේ තනතුර දෙන්නේ නැද්ද? ඔබ ජනාධිපති සිරිසේන මහතාව ජනාධිපති කරන්න ඔබගේ ඡන්දය දුන්නද? දැන් ඔබයි නිගමනය කරන්නේ කාටද ඇමති ධුර පිරිනමන්නේ කියලා. පක්ෂ, පාට නොබලා දඬුවම් කරන්නයි ජනතාව මේ ජනාධිපතිතුමාව පත්කෙරුවේ. අනේ ජනතාවට වෙච්ච දේ... ජයවේවා !
"භීතිය හා නෑවීම" ලෙස වෙනස් කළ යුතුයි.
අපේ හාදයා රාජ්‍ය ඇමතිකමකුත් දරනවා. පා පැදියක් තියා විල් බැරෝවක්වත් මේ පැත්තට හම්බ වෙන්නේ නැහැ. එයා යූඑන්පී හින්දාද මන්දා?
ඔයාලා කරපු ගොඩක් වැඩ නිසා මිනිසුන්ට ආණ්ඩුව අප්‍රසන්න වුණා. ඔය දැන් කරන්න හදන්නේ ඊ ළඟ වැඩේ... ඔය මනුස්සයා ඇවිල්ලා පළිගන්න පටන් ගත්තාම... ආණ්ඩුව වැටෙනවා මාසයෙන්..
2020 වෙනකම් ඔබතුමාලා හරියට වතුර රත්වෙනකම් ඇතිලියේ දිය කෙලින කකුළුවන් මෙන් දිය කෙළිමින් ඉන්න. පුංචි ඡන්දේදි ජනතාව ඔබතුමාලට දුන් "රතු එළිය " තේරුම් ගන්න තරම්වත් වුවමනාවක් නැතිනම් මොකද කරන්නේ? පොරොන්දු ඉටු නොකරන, හරි කෙනෙකුට ඇමති ධුරයක්වත් දී ගන්න බැරි අකාර්යක්ෂම ඔබතුමාලා ලබන ඡන්දෙදි ගෙදර යවනවා හැරෙන්න අපට වෙන විකල්පයක් නැත.
ඕක දෙන්න ඕනෑ සරත් ෆොන්සේකාට...
දැන් ඔයාලගේ ඔය කතා අහලා අපට නම් එපාම වෙලා. අඩු තරමේ රටේ ආරක්ෂක අංශය ගැන හසල අත්දැකීම් ඇති විශේෂඥයෙක් තමයි සරත් ෆොන්සේකා. එ්ක මේරටේ ගහක් කොළක් පවා දන්නා කරුණක්... ඔහුට සුදුසුම අමාත්‍යාංශයක් දීගන්න කොන්දක් නැති හොරු රැලක් හිටපු හොරු රැකගන්න කරන පිළිකුල් සහගත වෑයමක්... මේකත් ටිකෙන් ටික රටට අමතක කරන්න හදන උප්පරවැට්ටියක් විතරයි. හොරු එතරම්ම බලවත් !!!
ඔය ඇමතිකම නැත්නම්, ආරක්ෂක අැමැතිකමවත් සරත් ෆොන්සේකාට දෙන්න බැරිනම් මොකටද එතුමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගත්තේ? කැබිනට් එකේ ලස්සනට තබන්නද? බොරුකාර හොරු රැළක්...
මහින්ද මහතාට දොස් කියන අය තමන්ගේ ආසනය පරදින්න හේතුව දන්නවද?
ඕක සුදුසු කෙනෙකුට දෙනකම් ජනාධිපතිතුමා යටතේම තියාගත්තේ නැත්තේ මොකද? දැනට රටේ ආන්දෝලනාත්මක චරිතයක් වන අර්ජුන මහේන්ද්‍රන් රනිල්ගේ හොඳ මිත්‍රයෙකු නිසා, ඕක රනිල්ටම දෙන්න ඕනේද? කඩු සරඹ බැරි නම් ඡන්දෙට කලින් බොරුවට කඩු සටන් ගැන කියමින් උඩ පනින්න අවශ්‍යද? දැන් ඉස්සර වගේ නොවේ ඔබතුමාලගේ බොරු රඟපෑම් ටිකින් ටික තේරුම් ගන්න ජනතාවට පුළුවන්... එම නිසා ඔවුන් වැඩි කලබලයකින් තොරව ගිහින් අනිත් පැත්තට ඡන්දෙ දුන්නා. 2015 දුන් පොරොන්දු ඉටු කළානම් ඔබලාට ඔහොම වෙන්නේ නැත.
ඇමතිමාරුව බලාපොරොත්තු විදිහට සිදු වුණේ නැතිබව හැමෝම පිළිගන්නවා. සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති කරනවට වඩාත්ම අකමැති බොරුවට කෑගහන ශ්‍රීලනිප කට්ටියමයි. සරත් ෆොන්සේකා ඇමති වුණොත් ජම්පරේ අඳින වැඩි දෙනෙක් ඉන්නේ එයාලා එක්ක... පොදු විපක්ෂයත් එක්ක. කොහොම හරි 32% ඡන්ද ගත්ත යූ.එන්.පී එක මොකක් හරි වෙනසක් කළානේ. ඉතින් 13% ගත්ත ශ්‍රීලනිප එක කයිවාරු ගහ ගහ ඉන්නේ නැතුව එයාලාගේත් වෙනස් කරලා පෙන්නුවා නම් නේද හොඳ?