රංජන් කස්තුරි
අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න අද පැවසීය.
සේනරත්න මහතා එලෙස කීවේ කළුතර මහ රෝහලේ අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
නීතිය හා සාමය අමාත්‍ය ධූරය ඔබට හිමි වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා පැවැසුවේ “තිබෙන සාමය හොදයි” යනුවෙනි. සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර එය ජනාධිපතිවරයාගේ තීරණයක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාචාලයා කිව්වොත් වැඩේ හරි. හිවල්ලු ටික හොඳම මස් කෑලි ටික ගන්න පොරකනවා ඇති...
බාල ගිරි දෝෂය අද නොවේ හෙටයි...
අද නෙමේ හෙට !!! ආණ්ඩුවට බාලගිරි දෝෂය. අඩුම තරමේ කැබිනට් එකවත් හදාගන්න බැහැ. තව කොහෙද රට හදන්නේ? අනේ ආතේ, වනේ වාතේ කිව්වලු...
බාලගිරි ඇමැති මාරුව අද නොවේ හෙටයි.
කොයි ඉරිදද ඔය කියන්නේ? දූෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබූ අමාත්‍යවරුන්ට නැවත එම අමාත්‍ය විෂයන් ලබානොදීමට සහ අමාත්‍ය විෂයන් තුළ සාර්ථකවීමට නොහැකිවූ අමාත්‍යවරුන්ගේ විෂය වෙනස් කිරීමට ජනාධිපතිවරයා වැඩ කරනවා නම් වඩා හොඳයි. මෙතෙක් කල් ක්‍රියාත්මක කල ආණ්ඩුවේ වැඩපිළිවෙළ කෙරෙහි ජනතා ප්‍රසාදයක් නොමැති බවට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලින් නිරුපණය වූ බව සිහිතබා ගතයුතු වෙයි. සම්මුති ආණ්ඩුවේ මෙතෙක් කටයුතු කළ කැබිනට් අමාත්‍යවරුන් වෙත එල්ලවී තිබෙන දුෂණ සහ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ ලිපිගොනු එක්තැන් කලාට කමක් නැහැ. ඊට කලින් ඉස්සර ආණ්ඩුවේ අයගේ වැරදි සොයපු කොමිසන් වල නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට වැඩ කළොත් ඇඟට ගුණ වෙන්න පුළුවන්. මෙතෙක් කල් දූෂණ සඳහා දඬුවම් දී ඇත්තේ රජයේ පාර්ශවකරුවන්ට සම්බන්ධ අයට පමණක් වීම සිහිතබා ගතයුතු කරුණක්...
විමල් නම් කිව්වා දෙන්න හොඳ ඇමැතිකම පාර්ලිමේන්තුවේදී නියමෙට... හොඳ කසල ශෝධක ඇමැතිකම තමයි.
පච කීම කලාවක් නම් රාජිත එහි පිකාසෝය.
මේක ඉක්මණට කරන්න. පසුදින සිට අපේ රට සුරපුරයක් වෙනවා නියතයි. අනේ මෙහෙමත් නරි නාටක...
ඔය අරදින්නේ සංශෝදනයක්ට පමණක් නොවේ, තව අමතියාංශ වැඩි කරන්න.
මෙම අදහස පළකරන්නේ පක්ෂ පාට දේශපාලනයෙන් තොරව විද්‍යුත් මාද්‍ය කියවන්නෙක් වශයෙනි. මෙය හරියට [අද නොවෙයි හෙට] යනුවෙන් කියවෙන බාලගිරිදෝශය වැනිය. ඇයි හරි තීරණයකට නිගමනයකට නොපැමිණිය හැක්කේ. එතරම් දුර්වල සහ ආත්ම ශක්තියක් මෙම දේශපාලඥයින්ට නැත්තේ මන්ද? ඇති දූෂිත වංචනික ගති සිත්වල ඇති නිසාදෝ යැයි විටෙක සිතෙයි. ඇයි හමුවී සාකච්චා කොට මාද්‍ය ඔස්සේ එකවර රටට නොකියන්නේ. වංචාසහගත කමද නොහැකියාවද? කෙසේවෙතත් කෙසේකිව්වත් රටේ සම්පූර්ණ දේශපාලඥයින් ගත් කල රටට හිත කර කීයෙන් කීයද පිරිසිදු පවිත්‍ර උදවිය ඇත්තේ 25% ප්‍රමානයකටත් අඩුය,කවර කතාද?.
කාඩ් කුට්ටම කොපමණ ඇනුවත් කුණු තැවරී ඇදවුන කාඩ් අයත් වන්නේත් ඒ කුට්ටමටමය. ඉස්සරනම් පැවැත්ම අරගලයක් වුයේ පීඩාවට පත් ජනතාවටයි. එහෙත් දැන් දැන් ඒ අරගලය බල අරගලයක් සේ මෝරා ආණ්ඩුවේ කෙසේ හෝ රැඳී සිටින්නත්, හොඳම කැබිනට් අමාත්‍යාංශයක් ලබා ගන්න ඇත්තේ පුදුම පොරයක්. මේ දක්වා ලංකාවේ පාලනය අතට ගත සෑම ආණ්ඩුවක් පාහේ තමා ඇති හැන්දෙන් ඇතිවන්න තමාටම බෙදා ගැනීම කර ඇත. දැන්වත් මොළය කල්පනා කර බුද්ධිමත් දුෂණයෙන් තොර අයට පමණක් ඇමති කම් දෙන්න ජනාධිපතිවරයා පියවර ගතහොට් රට රැකේවී.
අර දෙන්නටම හරියන කෙනා . කට ඇරියොත් පච වරුසාවයි . මරණින් පසු උණු ලෝදිය බොන්න බැරිය හකුරු එක්ක .
බැස්ස නිදි මරයි කිසි හොර කමක් නැති බල්ලා හෙමින් නොගියත් කිසි වැඩක් නැති ඌරා මඩ හැරුමුත් වපුරුමක් නැති හිවලා සිංහ වෙස් ගත්තත් නාද බැරි
ඔය තියෙන්නේ කැබිනට් එකක්ද ? එහෙම නැතිනම් අල්මාරියක්ද?
මේ ඉරිදා, ගිය ඉරිදා වාගෙ නොවන්න.
සංශෝධනයක් කැබිනෙට්ටුවේ කරනවා නම් පළමුවෙන්ම කල යුත්තේ රාජිතව යැවීම වඩාත් වැදගත් බවයි මගේ හැඟීම...