රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවල සභා ස්ථාපිත කිරිමේ දී නිතියෙන් අනිවාර්ය කර තිබෙන සියයට 25 කාන්තා නියෝජනය නොසළකා හැරීමට දේශපාලන පක්ෂ නාකයෝ පොදු එකඟතාවයකට එක්ව සිටිති.
පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා නියෝජනය ප්‍රායෝගික ගැටළු රැසක් නිර්මාණය කර තිබෙන හෙයින් ඊට විසඳුමක් ලෙස ඇතැම් සභා ස්ථාපිත කිරිමේ දී කාන්තා නියෝජනය නොසළකා කටයුතු කිරිමට පක්ෂ නායකයින් තීන්දු කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති දේශපාලන පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළැඹ ඇති අතර පක්ෂ නායක නායකයින්ට අමතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, සාමාජිකයන් නීතිපති හා නිතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගී වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් මේ වගේ මීහරක් දේශපාලුවෝ වෙන ලෝකේ කිසිම රටක නැතුව ඇති. තව ටික දවසකින් කියාවි...දැන් එතකොට කාන්ත නියෝජනය නැහැ කියල අහෝසි කරපු නාමයෝජනා වලට මොකද වෙන්නේ.
මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්න එපා.!
එතකොට අර කල් ඉකුත් වූ පළාත් සභා පවත්වන්න තිබ්බ කාලෙ දික් කරල දඩි බිඩියෙ සම්මත කරගත්තෙ අහවල් එහෙකට ද? ප්‍රජාතන්ත්‍රවාදෙට ද? එතකොට ඒවටත් මේක පාවිච්චි කරනව ද?
මේක ඉස්සරහට දාගෙන නේද පළාත් සභා ඡන්දෙ කල් දැම්මේ? කනකොට කබරගොයත් තලගොයා වෙනවා වගේ.
එක වෙලාවකට නීති ගේනවා, අනිත් වෙලාවට එපා කියනවා. මොන විහිලුවක්ද? වාහන දඩ වලටත් මේකම උනානේ. රටේ පාලනයක් නෑ වගේ. එක එක වෙලාවට එක එක කතා.
මේක ඉතා හොද තීරණයක් කාන්තාවක් වීම නිසා අනිවාර්ය කරන්න බැහැ ජන්දෙන් දිනපු කෙනෙක් නැතිව නොදිනපු කෙනෙක් කාන්තාවක් වීම නිසාම තේරීමක් කරනවානම් එක අසමාන ලෙස සැලකීමක් ඒ වගේම ජන්ද දායකයන්ට වන අසාධාරනයක්.
ඕකට ප්‍රධාන හේතුව සාමාන්‍ය පෙළ වත් සමත් නැති ටිකක් දියවන්නාවේ සිටීම.
දැන් බලාගන්න පුළුවන් මේ තීරණයට විරුද්ධව උසාවි යන්නේ කියලා.
මේකෙන් නැවතත් පෙන්වන්නේ අපේ ලංකාවේ අයියලා ටිකට හරියට වැඩක් කරගන්න බැහැ කියලා, ආණ්ඩුව තටමලා වැඩක් කළොත් කොහේහරි තැනක කචල් එකක් තියෙන්නේ.. ලැජ්ජාවේ බැහැ. ඊට පස්සේ .. කරපු ඔක්කොම එහෙන් මෙහෙන් අකුලාගන්නවා. වෙන රටවල් එක්ක බැලුවහම පව් අපේ රට.. එකම තැන කියලා හිතෙනවා.
රට පාලනය කරන්නෙත් ඔහොමනේ ඉතින් ..
කොහොමත් කාන්තාවන් මොන තනතුරට ආවත් පොඩ්ඩක් එතන අනාගෙන නාගන්නවා. මම පහුගිය අවුරුදු වල අත්දැකීමෙන් කියන්නේ.
මේ පුවත තනිකර බොරුවක්.එහෙම දෙයක් සාකච්චා වෙලා නැහැ.මිනිස්සු නොමග යවන්න එපා කරුණාකරලා.