විනීතා එම් ගමගේ
අතු ගා දැමුණු කොටි සංවිධානය යළි නැගිටිමින් සිටින්නේ නම් ඒ බව නොසඟවා ජනතාවට පවසන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
යුද්ධය අවසන් වී ගෙවුණු වසර 9 පුරාවට කිසිම තැනක බස් රථයක බෝම්බයක් පුපුරා නොමැති බවත් ග්‍රෙනේඞ් බෝම්බයක් පිරිපිරීමෙන් මේ තරම් හානියක් සිදු විය නොහැකි බවත් මන්ත‍්‍රීවරයා කීය.
රටට ඇත්ත කිව්වොත් මුළු සමස්ථ ජාතියටම සුදානම් වෙලා එදා වගේම අදත් හමුදාව පිටුපසින් ආණ්ඩුව පිටුපසින් එක මිටියට හිටගෙන මතුවෙන ත‍්‍රස්තවාදය දල්ලෙන් කඩන්න උදව් කරාවි යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිට පිවිතුරු හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.
‘‘ බණ්ඩාරවෙල දී බස් රථයක බෝම්බයක් පුපුරා බස් රථයම ගිනි ගෙන 19 දෙනෙක් තුවාල ලැබුවා. එක් හමුදා භටයකු ගේ පාදයෙන් කොටසක් සැත්කමක් මගින් ඉවත් කිරීමටද සිදුවුණා. මේ පිළිබද ආණ්ඩුවේ පුර්ව නිගමණය වී තිබෙන්නේ යුධ හමුදා භටයෙකු ගෙන ගිය අත් බෝම්බයක් පිපිරීමෙන් මේ මහා විනාශය සිදුවුණා කියලා.
මාධ්‍යවේදීන් ඉතාමත්ම නිවැරදිව ප‍්‍රශ්න කළා මේ ත‍්‍රස්තවාදී ක‍්‍රීයාවක් විය හැකියි නේද කියලා. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක දුන්නේ අපූරු පිළිතුරක්. මේක ත‍්‍රස්තවාදි ක‍්‍රියාවක් කිව්වොත් ජනතාව බය වෙනවානෙ. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක පැවසුවේ ඒ ආකාරයෙනුයි. එහෙම නම් මෙය ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාවක් යැයි ප‍්‍රකාශ නොකර සිටීමට හේතුව තමයි ජනතාව බියවීම වැලැක්වීම.
ඇත්තෙන්ම ජනතාව බිය වෙන්නේ ඇත්ත සැඟවීමෙන් මිස ඇත්ත හෙලි කිරීමෙන් නොවේ. බෝම්බ පත්තු කිරීමෙන් පසු මෙන්ම පිපිර වීමට පෙර ද බෝම්බකරුවන් අල්ලා ගැනීමට ජනතාවගෙන් විශාල සේවයක් වුණා. මේ යුද ජයග‍්‍රහණය ලැබීමට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්න එපා. බුද්ධි අංශවල ඇස් සහ කන් බවට සමස්ත ජාතියම පත් වුණා. සාමාන්‍ය ජනතාවට ඇත්ත පැවසුවොත් ජනතාව වඩාත් විමසිලිමත් වේවි. වඩාත් පරිස්සම් වේවි. එවිට බණ්ඩාරවෙල සිද්ධිය වැනි අවාසනාවන්ත සිදුවීම් යළි නොවේවි.
හමුදා භටයෙකු පාතාලයට විකිණීම සඳහා අත් බෝම්බයක් සොරකම් කර ගෙන පැමිණි බවටත් ඔහු බස් රථයේ ඉන්ධන ටැංකිය අසළ වාඩි වී සිටිය දී බෝම්බය පුපුරා යෑමෙන් මේ අනතුර සිදු වුණු බවටත් කතාවක් ගොතා හමුදා භටයාට දඬුවම් කර මේ ප‍්‍රශ්නය අවසන් කිරීමට කටයුතු කරන බවට හමුදා ආරංචි මාර්ග පවසනවා.
අත්බෝම්බ ප‍්‍රහාර අපිට අළුත් අත්දැකීමක් නොවේ. යුද සමයේ ත‍්‍රස්තවාදින් ද යුද්ධය ඇතත් නැතත් පාතාලය ද අත්බෝම්බ පුපුරුවනවා. ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැල්ල සදහා විශාල වශයෙන් අත්බෝම්බ යොදා ගත්තා. අත් බෝම්බයකින් මෙතරම් විනාශයක් සිදුවෙන්න බෑ කියන එක අපි වගකීමෙන් කියනවා. මේ සදහන් කරන ආකාරයටනම් මේ බෝම්බය බස් රථයේ තෙල් ටැංකිය ගාවම තියන් යන්න ඕනෑ. එසේ තෙල් ටැංකිය අසල තබාගෙන යන මොහොතේම පුපුරන්නත් ඕනෑ. උතුරේ යුධ සමයේ නම් අත්බෝම්බ ආරක්ෂක අගුල ගලවා පින් එක අදින මට්ටමින් අරන් යනවා කොයි වෙලේ මෙය භාවිතා කරන්න වෙයිද නොදන්න නිසා.
නමුත් අපි මදකට සිතමු හමුදා භටයෙක් යාපනයේ සිට හොරකම් කරගෙන ආවා කියලා පාතාලයට විකුණන්න. එයාට මොකක්ද තියෙන අවශ්‍යතාවය බණ්ඩාරවෙලදී මේ ආරක්ෂක අගුල අරින්න. මේක බෑගයක් ඇතුලේ තිබුනානම් පින් එක ඉවත්කර තිබුනොත් තමයි හෙල වීමෙන් තෙරපීමකින් තදවීමෙන් ඇතැම් විට පින් එක ඇරෙන්න පුලූවන් වෙන්නේ. යම් කිසි ආයාසයක් පින් එක අදින්නට ඕනෑ. මේක පීඩන බෝම්බයක් නොවෙයි. ඉතාම පැහැදිළිව හදුනාගෙන තියෙනවා ග්‍රෙනේඞ් එකක් ලෙස. එහෙමනම් අපි අභියෝග කරනවා ආණ්ඩුවට අපිට කියන්න කවදා කොතැනද ග්‍රෙනේඞ් එකකින් 19 දෙනෙක් තුවාල වෙලා බස් එකක් ගිණි ගත්තේ. යුධ සමයේදීවත් එහෙම වෙලා නෑ.
මේක සුළු පටු සිද්ධියක් නොවේ. ආණ්ඩුව කියන්න උත්සහ දරන කතන්දරය මොකක් ද? යුධ හමුදා භටයෙකු ගේ ගමන් මල්ලේ සොරකම් කරගෙන ආ අත්බෝම්බයක් තිබුණා. එය ඔහු රැුගෙන ආවේ පාතාලයට විකුණා දමන්නයි. ඔහු හරියටම බස් රථයේ තෙල් ටැංකිය ගාව වාඩි වී ආවා. බෝම්බය පිපිරුණා. තෙල් ටැංකිය ගිනිගත්තා. එහි ප‍්‍රතිපලයක් ලෙස බස්රථය ගිනිගත්තා. බෝම්බයක් සොරකම් කිරීම, පාතාලය සමග සබදතා පැවැත්වීම. මහජනතාවට අනතුරක් සිදුකර මිනීමැරුමට තැත්කිරීම යනාදී චෝදනා මත මේ හමුදා භටයා කෝට් මාෂල් කරයි.
සාමාන්‍ය අධිකරණයකින් දඩුවම් කරල සිරගත කරලා මේ ප‍්‍රශ්නය අවසන් කරයි. හැබැයි එහෙම කලොත් ත‍්‍රස්තවාදියා මේ මුළු රටම අල්ලාගන්නා තුරු අප දැන සිටින එකක් නම් නෑ.
මතක තියා ගන්න. වසර දෙකක් තුල මරා ගෙන මැරෙන බෝම්බ කට්ටල දස දහසකට වඩා උතුරින් ලැබුණු බව හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිව්වා. වල දැමූ ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය නිරතුරුව උතුරින් ලැබුණා. පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේෂඥයන් නම් කියන්නේ වසර නවයක් සුරක්ෂිතව පුපුරණ දව්‍ය තබාගත නොහැකි බවයි.
කොටින්ගේ මහ වීර දිනය ලංකාවේත් ලෝකය පුරාත් ඉහළින්ම සැමරුවා. අපි අතු ගා දැමූ කොටි සංවිධානය යළි නැගිටිලා නම් ඒ බව රටට ඇත්ත කියන්න. නමුත් පැස්බරා ඔළුව වැල්ලේ ගහ ගෙන මම ආරක්ෂිතයි කියලා හිතුවා වගේ හැසිරෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මොකද එවිට මෙය කැපිය නොහැකි රූස්ස ගසක් වීම නම් කාටවත් වලක්වන්න බෑ.’’යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් නාලිකාත් කොටි නැගිට්ටවන හැඩයි.
හිටපු ජනාධිපතිගේ පදයට නටන රූකඩයන් වගේ ඕනෑම එකකට කට දමන්න ඉන්නේ මෙතුමා වගේ දෙපා නොලද්දෝ දෙතුන් දෙනෙක් පමණයි. මොවුන් හීනෙන් දකින බෙදුම්වාදයක් ගැනයි, කොටි ගැනයි පුන පුනා කියමින් ජනතාව රවටමින් රජයට එරෙහිව ජනතාව අවුස්සමින් ගෙනයන ප්‍රචාරය රාජ ද්‍රෝහී, ජාති ද්‍රෝහී වරදක් නොවේද? හිටපු ජනාධිපතිටත් මේ වගේ හිස් බස් දොඩන වාචාලයින් නැතුව ඉදිරිපත් කරන්න වෙන වැදගත් මිනිසුන් නැද්ද?
කොටි එන එක මේ අයට ආශිර්වාදයක්... හමුදා ප්‍රධානීන් කියන දෙයක්වත් විශ්වාස කරන්නේ නැති කාලකන්නි කොටි නැති කළෙත් අපේ හමුදාව බව අමතකයි වගේ... හමුදාවට මේවා පරීක්ෂණ කරන්න ඔලුව තියෙනවා. ගොන්තඩි දේශපාලකයන්ගේ වැඩ....
කොටි නැගිටිනවානම් ඒක බලාගන්න පුළුවන්! නමුත් ඒක පිට දාල අර මුදල් වංචා නඩුව යට ගහන්නත් එපා! ඔයගොල්ල ඕවට හැබෑ හප්පනු නේ!
අනේ ඔබතුමාට පින් දෙන්න වටිනවා මේ කරුණු ටික පැහැදිලි සිංහලෙන් තේරුම් කරාට ..ඒත් මේ දේවල් තේරුම් ගන්න බැරි ඉහ මත බෝම්බ පත්තු උනත් සුර සැප විදින පිරිසක් ඉන්නවනේ ඉතින් ලංකාවෙ තවමත් ...
ඔබට වහාම දැනුම් දෙන්න කියල බල කරන්න , ඔබ තමයි දක්ෂයා , කොටි අල්ලන්න . සුනාමි සල්ලි ඉතුරුවෙලා තියෙනවද දන්නේ නැහැ දීල ශේප් කරන්න .
මහා බොම්බ විශෙසඤ ගම්මන්පිල පිල මහතාණෙනි ඔබේ පැහැදිලි කිරීම අනර්ගයි මෙතුමාට කොටි නැගිටින තුරු නින්ද නොයයි
නැවත කොටි නැගිටිනවානම් මුලින්ම කැමතිවෙන කෙනා මේ .. බොරදියේ මාළු නොබා සිටිනු
පල පල ඩෝ යන්න ඔහේ ඇති කොටියෙක් නැහැ දැන් උබේ බයිලා වලට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ.. රටේ මොකක් හරි වෙච්ච ගමන් මු පටන් ගන්නවා ගේම. ඔය මඩ නවත්තල රටට වැඩක් කරපල්ලකෝ උබල දේසපාලනේ කරන්නේ අනුන්ගේ වැරදි කතා කරන්නම විතරද. තව හතරක් ඉන්නවා මුත් එක්ක. දැන්වත් හැදෙන්න බලපල්ලා මිනිසුන්ට වැඩක් කරල දිනපල්ලා. මුගේ කට හරියට එක්කෝ ඕන නැහැ.
ඒකාලේ චන්දෙ කරන්න රුපියල් සියය ගානේ එකතු කරපු එකා නේද මේ. අමතක කරන්න එපා හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කියන්නේ ගොටාභ්යගේ අතකොළුවක් කියන එක. මෙයා හදන්නේ සුදුවෑන් සංස්කෘතිය නැවත ගෙනෙන්න මහින්දට තල්ලුවක් දෙන්න වගේ. රට පාලනය කරන්න හදන්නේ විරුද්ද අදහස් තියෙන අය මරල හරි නැතිනම් අත පය කඩලා හරි නම් ජනවාරි 8 වැනිදා ප්‍රතිපලය නැවත ලැබේවි ඊළඟ ජනපතිවරනේදී.
රටේ නැවත උද්දයක් එනතුරු බලාසිටින අර්ත්මර්තකමී දේශද්‍රෝහිය .... යලිත් යුද්දයක් ඇතිවීම ඉතා දුබලය... එසේ ඇති වෙයිනම් මහින්ද ගෝටා යුද්දය ඉවර කරා යයි කීම තනිකර කෙප්පයක් බව පිළිගැනීමට සිදුවෙනු ඇත...
බොරු කියන්න එපා මේ බස් රථය යාපනයේ සිට පැමිණි එකක් නොවේ කියා පොලිසිය පවසනවා . මෙහි වැඩිපුර සිට තිබෙන්නේ හමුදා පිරිසයි... ඇසින් දුටුවෝ පවසන්නේ එම පාර්සලයක් වැනි දෙයක් එම හමුදා නිලධාරියාගේ අතින් වැටුණු සැනින් ගින්නක් ආවා කියලයි මෙයින් පෙනෙන්නේ අත් බෝම්බයක් අනාරක්ෂිතව රැගෙන ගොස් තිබීමයි . බොරදියේ මාළු බාන්න පරාජිතයෝ දත මැදගෙන ඉන්නේ.
කොටින් ට කලින් මෙයා පැන්නේ මොකද කියලා හොයා බලන්න .
මෙතුමා බෝම්බ විශේසඥයෙක්ද? මෙතුම මේ හැම දේකටම කටදාන එනකන් තමන්ගේ මුග්දභාවය ලොවටම කියාපායි. මෙතුමා සහ නඩයේ පරම පැතුම නැවත කොටි නැගිටීමයි. පාඨකයිනි මෙම බොරු දේශප්‍රේමීන් හඳුනාගන්න 2015 සිට කොටි නැගියීම මන්තරයක්සේ මතුරා පාලනය වෙනස් කර හොරකම් වලින් ගැලවීම මොහුගේ අරමුනයි
නැති ප්‍රශ්න ඇති කරන්න හදන දේශපාලන අනාථයෙක්. මොහුව අත්අඩංගුවට ගෙන සොයා බැලිය යුතුයි, පුපුරන ද්‍රව්‍ය සම්බන්ධව මොහුට ඇති වෘතීය සුදුසුකම් කුමක්ද මෙවැනි ප්‍රකාශයක් කිරීමට. රටේ යුද්දයක් ඇතිවෙනවානම් වඩාත් සතුටුවන පුද්ගලයෙක් තමයි ගම්මන්පිල කියන්නේ.
කොටි හෝ ජාති ආලේ නැත්නම් ඔබලා මොනවා කියන්නද 1% චන්දයක් නැති කොට
කොටි නැගිටිනවානම් මෙයාට කියන්න. මෙයාල ළඟ යුධ උපක්‍රම එමටය. යුද්ධයකින් කිසි දිනෙක කිසිවෙකුට සදාකාලික ජයක් නොලැබෙනු ඇත. එය කළ හැකිවන්නේ සාකච්ඡා මගින් ම පමණකි.
හැමදේම තමන්ගේ වාසියට ගන්න, ලංකාවේ දේශපාලකයෙක් මේ!
ගොම්මන්පිල නියාය ...යුද්දයක් එනතුරු බලා සිටී ...
මම දැක්කේ මේක පත්තරෙන්. පුර්ණ පරික්ෂණයක් පවත්වන්න කොමිටියක් පත් කරනවා.
නැවත නැගිටින්න කොටිවත් කැමති නැහැ.
බුද්ධි අංශ සක්‍රීය කලයුතුයි වහාම. මොකද කොටි රුකඩ හැමතැනම . අනික ග්‍රෙනේඩ් ඉබේ පිපිරෙනවානම්, යුද්ධෙදී කොල්ලෝ මැරෙන්නේ නිකම් ග්‍රෙනේඩ් පිපිරිලානේ. ආණ්ඩුව කෙලින් සිටිය යුතුයි.
පිල්ලෙයාන්, KP පරණ වැරදි වලින් නිදහස් කලේ කොහොමද?
ඔබතුමා නොදන්නවාට බෝම්බයක් එළියේ පුපුරනවාට වඩා බිහිසුණුයි ඇතුලක පුපුරනවානම්. අනික මේක ග්‍රෙනේඩ් එකක්. මෙය කීයටවත් කොටින්ගේ වැඩක් නෙමෙයි. ඔයාලා පටු වාසි බලාගෙන කියන කතා තමයි මේවා. රටේ අවධානය වෙනතකට යෙදෙව්වම ලසන්ත ඝාතනය වගේ අපරාධ ගැන සෙවීම යට යනවානේ. කොටි නම් නැගිටලා නැහැ. එහෙම උනොත් ඒක හමුදාව බලා ගනීවි.
අපි දන්නවා කොටි එනවනම් වැඩියෙන්ම කැමති ඔය වගේ කට්ටිය කියලා.
පහනක් නිවෙන්න කිට්ටු උනාම දැල්ල නටනවා කියලා කතාවක් තියනවානේ .
එල්ලෙන්න වැල් නැතිව ඉන්න අයට මේක හොද කබයක්
ජාතිවාදියෙක් දත් එළියට දාල හිනාවෙනකොට බලන්න එකබොරු හිනාවක් බව...
ගම්මන්පිල උන්නැහේ හදන්නේ මේකෙන්වත් අප්පච්චි බලයට ගේන්නද? සුම්මා තමයි එහෙනම්...
දැන් ඉතින් කොටි වලිගෙ එල්ලිලවත් බලමු නේද?
අනේ පව්... හැකර කට වහගෙන හිටියනම් අහවරයිනේ...
ගම්මන්පිලලා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ ආයෙත් යුද්ධයක් ඇතිවෙලා මෙයාගේ නායකයාට මාකට් එකක් හදාගන්න. මේ රටට ආදරේ නෑ බලේට විතරයි ආදරේ..
රට විනාශ කරන්න ආපු නියම ත්‍රස්තවාදීන් තමයි.
මෙතුමන් කථා මැවීමේ අති දක්ෂයෙකු ලෙසට ඔප්පුකර අති බව කිවමනාය. එම ක්‍රියා මෙතුමාගේ දේශපාලන ගමන් මගෙහි කිලෝමීටර් හෝ සැතපුම් හෝ කණු වශයෙන් පැහැදිලිව සනිටුහන් වී ඇතිසේය. මෙසේ ප්‍රස්තුත පිපිරූ දෑ රැගෙන පැමිණි බවට සැක කෙරෙන, සිද්ධියට හේතු වූ බවට වඩාත්ම ගැලපෙනවා යයි පෙනෙන, බරපතල තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාගෙන් මහේස්ත්‍රාත්තුමන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගැනීම් ආදිය පෙන්නුම් කෙරෙන වීඩියෝ දර්ශන යම් රූපවාහිනී නාලිකා ප්‍රවෘත්ති ඔස්සේ දක්නට ලැබිණි. ඔහු දඹුල්ල ප්‍රදේශයට සම්බන්ධ හමුදා සෙබළෙකු බවක්ද කියැවුණි. නිසි බලධාරීන් ඒ ගැන විමර්ශනය කැර තතු පැහැදිලි කරනු ඇතැයි හැඟිමි. එතෙක් ඔබතුමන්ගේ අපබ්‍රංස වැඩ තුළින් මහජනතාව නොමග යවා කුලප්පු නොකොට හිටියොත් හොඳයි නේද?
මොහු එක දිගටම දැන් කරන්නේ දන්නා ජිල්මාට් දමමින් මහ ජනතාව නොමග හැරීමයි !
මෙතුමා නමයි, ගමයි වෙනස් කරනවා නම් හොඳයි. ඒ වගේම ගති ගුණත් නැත්නම් තව ඉදිරියට රටට පිළිලයක්ම වෙනවා.
උතුරෙත් දකුණෙත් කොටි වලිගෙ එල්ලිලා බඩ පුරවාගන්න පිරිස් තාම ඉන්නවා
ගොම්මන්පිල ලොක්ක ගොන් කතා කියලා අහිංසක මහජනතාව බියට සැකයට සහ කලම්බිල්ලට පත් නොකොට ඔය ප්‍රේක්ෂකයන්ගේ විනෝදය සහ හාස්ස්‍ය උපදින සමච්චල් සිනහවෙන් යුතු මාද්‍ය වැඩසටහන් වල පෙනී සිටීම ජනතාව අගය කරයි. මොකද විකට අන්දරේට රංගන බැවින්. යම්දෙයක් වූ විට පරීක්ෂණ පවත්වා නිගමනයකට විත් ටටට හෙලිකල යුතුය. ඔබල වගේ අර අඬන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අන්නිනවා වැනි දේ රට වැසියන් උසි ගැනීමෙන් වලකින්න. මොකද දැන් ජනතාව දියුණුයි ඉස්සර මෙන් ඔබ වැනි කපටින් හට අසු නොවෙයි, තවමත් තව එවන් යද සිටී. මේ පළමු වතාවද , හමුදාවේ අය හොර රහසේ හොරෙන් අවි ජාවාරමේ යෙදුනේ, ඉස්සර යුද්දය පැවති සමයේ පටන් රටේ විවිද ප්‍රදේශවලට අවි විකිනුනේ ඔහොමද? නැත්නම් කොහින්ද සව්‍යන්ග් ක්‍රීය මැෂින් තුවක්කු ග්‍රෙනේඩ් ඇත බෝම්බ වැනි නවීනදේ පාතාලයට මොනවද මේ කතා ළදරු ගොම්මන්පිල. කොටින් හිස ඔසවනව නම් සහ මුලින්ම නැතිකළ යුතුයි එහි වචන දෙකකක් නොමැත, නමුට් බොරු ප්‍රචාර නොකරන්න.
බොර දියේ මාළු බාන්න හදන අවස්ථාවාදියෙක්
"අපි අතු ගා දැමූ කොටි සංවිධානය......" අපි කිව්වේ? වචන පටලැවීලද එහෙම කිව්වේ. මහින්ද කියනවා එයයි යුද්දේ දිනුවේ කියල. ගෝඨා පොත් ලියා ගන්නවා "ගෝඨා ගේ යුද්දේ " කියල. චම්පිකල රතන හිමිල කියනවා ඒ දෙන්න යුද්දේ දිනවා දුන්න කියල. දැන් බලන කොට සරත් ෆොන්සේකයි ත්‍රිවිධ හමුදාවයි මුකුත් කරන්නේ නැතිව උඩ බලන් ඉඳලනෙ. මට තව ප්‍රශ්නයක් තියෙනවා පිවිතුරු එක්කෙනාගෙන් අහන්න. අර දියතලාවට යන බසයේ තිබු බෝම්බය අත් බෝම්බයක් කියල හමුදා විශේසඥයෝ කියන කොට එය අත් බෝම්බයක් නොව ඊට වඩා බලවත් එකක් බව කියන්න හැකියාව තියෙන්නේ බෝම්බය ඔතන තියන්න උපදෙස් දීපු අයට පමණක් නේද යන්න කරුණාකර රටට පහදා දෙන්න.
වගකිවයුතු, ශක්තිමත්, හොදින් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් තිබේනම්, මෙබදු සිද්දි සහ මෙබදු කතා වලට ඉඩ නොතබන තැනට වැඩ සිද්ද කරගත හැකිය. නමුත් පවතින තත්වය යටතේ ජාතික ආරක්ෂාව ගැන ජනතාවගේ සිතේ විචිකිච්චාවක් ඇතිවීම ස්වභාවික වන අතර එහි දේශපාලන වාසිය විපක්ෂය අතට පත්වීම වැළක්විය නොහැකිය.
ගම්මන්පිලට බලයට එන්නනම් කොටි, බිෂණය ඕන .
අනේ ගෙම්බන්පිල්ලේත් ඔය බස් එකේ ඉන්නයි තිබුනේ
දේශපාලන වාසි තකා පොහොට්ටුවෙන් කල වැඩක්...
මේ මෝඩයා බලය වෙනුවෙන් රට ගිනිතියන්න හදනවා. මෙවැන්නන් බිහිවෙන්නේ රටේ පවකට තමයි.
කොටි නැගිටිනවා නම් මෙයාට කියන්න. මෙයාලා ළඟ යුධ උපක්‍රම එමටය. බැරිම වුණෝතින් ඇමරිකාවට හෝ ඕස්ට්‍රේලියාවට පසු බසින උපක්‍රමද මොවුන් සතුව ඇත. යුද්ධයකින් කිසි දිනෙක කිසිවෙකුට සදාකාලික ජයක් නොලැබෙනු ඇත. එය කළ හැකිවන්නේ සාකච්ඡා මගින්ම පමණකි. යුධ ජයකින් ගැලරි පන්තිය උද්දාමයට පත්කර ජනප්‍රිය වූ පමණින්ම රටක අනාගතය ස්ථාවර නොවේ. කොටින්ට නැගිටීමට අවැසි නොවන්නේ ඔවුන් නොවැටුණු හෙයිණි. ගසක අත්තක් කපා දැමු පමණින් ගස මිය නොයන බව ගැලරි පන්තියට කිසිදා නොවැටහෙන බව පසුගිය කුඩා මැතිවරණයෙන්ද සනාථ කර ඇත. දකුණේ ත්‍රස්තවාදය පැතිර වූ නායකයා මැරූ පමණින් දකුණේ ත්‍රස්තවාදය මැරුණද උතුරේ එසේ නොවන බව තේරුම් ගැනීමට ගැලරි වීරයන්ට නොහැකි වීමද පුදුමයක් නොවේ. අපට අවශ්‍ය වන්නේ සිංහලයන්ට පමණක් වූ ලංකාවක් නොව දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියල්ලන්ටම එකට දිවි ගෙවිය හැකි අනාගතයකි.
ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා මිනිසුන්ව අන්දන්න මේ තරම් කෙනෙක් නැහැ. එකම ආසාව නැවතත් ත්‍රස්තවාදී යුද්ධයක් ඇතිවෙන එක. එතකොට ජාතිවාදය අවුස්සලා තමන්ගේ පැවැත්ම සකසා ගන්න පුළුවන්. ඇත්තටම මෙයාට පුළුවන්ද තනියම තමන්ගේ පක්ෂයෙන් විතරක් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න. හැමදාම රටට වින කටින්නේ මේ සෙට් එක තමයි.
ග්‍රෙනේඩ් එකක් කියන්නේ හමුදා භටයෙක් නිල ඇඳුමේ පළඳින, බෝම්බයක් බිම වැටුණාම පුපුරන විදියට ඒක හදලා තිබුණොත් ඩවුන් යන වෙලාවේදී යුද භටයා මැරෙනවනේ.. පින් එක ගැලෙව්වේ නැතොත් පුපුරන්න ක්‍රමයක් නැහැ.
ප්‍රාර්ථනාව මෙයද ?
කිව්වුත් කියන්නේ ගොන් කතාවක්............
මේ වගේ අයද රට ඉල්ලන්නේ? දෙන්නම් කතිරේ ඇත දිග හැරලා. මේ අය මෙගොල්ලොගේම ඡන්ද නැති කරගන්නවා.
ඒ පුපුරපු අත් බෝම්බය ගැන හමුදාව බල ගනියි. ඊට කලින් කියන්න අර සුනාමිය කාලේ රුපියල් 100 ගානේ එකතු කරපු සල්ලි ටිකට මොකද කාලේ කියලා. පහුගිය දවස්වල උඹලා උඩ පැන්නේ මහා උජාරුවට. කෝ උඹලා තනියම ආණ්ඩුවක් පිහිටනවා කියලා මොර දුන්න. කරලා පෙන්නපල්ලකෝ කයිවාරු ගහන්නේ නැතුව. ඔය දකුණේ එවුන් කොහොමත් කොටවන්න හරිම දක්ෂයෝනේ. ගිය තැන ඉවරයි. උඹලා වගේ අයටත් උන්ගේ පිහිට නැතුව තනියම හිටගන්න පුළුවන් කොන්දක් නැති බව මුළු රටම දන්නවා.
අනේ හා කියනකන් හිටියේ. "ගොං මං පිල" නම නං හරියටම ගැලපෙන්න දාගෙන තියෙනවා.
"ගොං මං පිල" උන්නැහේට හීන පෙනිලද කොහෙද. කවදා කුමන හමුදාවක මාධ්‍ය ප‍්‍රකාශකද "මේක ත‍්‍රස්තවාදි ක‍්‍රියාවක් කිව්වොත් ජනතාව බය වෙනවානෙ" කියල කිව්වේ. ජනතාව මුලා කර අප්පච්චි නැවතත් බලයට ගේන්න නොදාන උප්පරවැට්ටියක් නැහැ.
මේ තමයි ගොබෙල්ස්ගෙ පුනරුප්පත්තිය. ගොබෙල්ස් මැරුණේ 1945 මැයි 1 දායි. මෙයා ඉපදුනේ 1970 පෙබරවාරි 6දා. අතරමැදි කාලයේ ගන්ධබ්බයෙක් වෙලා ඉන්න ඇති.
මූ කොටින්ට හපන් !
කොටි නැගිටිනවා නම් මහින්දට, ගම්මන්පිලලට රජ මගුල්. වාචාලයින්ට අලුත් මාතෘකාවක් හොයාගන්න ඕනෑනේ... අපගේ මෝඩ ජනකොටස් රවට්ටන්න
ලෝකෙටම එපා වෙච්චි මේ වගේ අය දැක්කම පව් කියලත් හිතෙනවා. ගිහිල්ලා හේනක්, කුඹුරක්වත් කොටාගෙන රටට වැඩක් ඇති දෙයක් කරන්නකෝ දෙයියනේ...
ඔෂාන් මහතාණෙනි, ඔබතුමාට මාව වටහා ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වෙමි. පාට කන්නාඩියකින් මා බැලුවේ නැති බවත්, මාගේ අත්දැකීම් සහිත අදහස් නිවැරදි බව පර්යේෂණ වලින් ඔප්පු වී ගෙන එනවා. කොහොම උනත් ඔබතුමාගේ අදහස් වලටත්,වැදගත් බවත් මා බෙහෙවින් අගය කරනවා.
කොටි නැගිටින එක පැත්තක තියල ඔබතුමා බුදියාගන්න ..ඕනෙනම් මගේ ගානේ මෙට්ටයක් දෙන්නම්.
ඔෂාන් මහතාණෙනි, ඔබතුමා කිව්වානේ මගේ සාමාන්‍ය දැනීම ගැන. මගේ දැනීම ඔබතුමාටත්, ඔබතුමාගේ ගම්මන්පිල මහතාටත් වඩා අසාමාන්‍ය බව මේ වනවිට ඔප්පුවෙලා තියෙනවා. භාෂාව හසුරවපු අයුරින් ඔබතුමා බුද්ධිමත් බව පෙනෙනවා. බුද්ධියට පෙර හැඟීම්වලට පෙරට ඒමට ඉඩදෙන්න එපා...